උසේන් බෝල්ට් මීටර් 200 රන් පදක්කම දිනා ගනියි

Spread the love

ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 200 තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට  ලෝක සූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත්විය.

මීටර් 200 තරග ඉසව්වේ මේ වසරේදී වාර්තා වූ හොඳම කාලය (තත්පර 19.40) සටහන් කිරීමට ද බෝල්ට් සමත් විය.

විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැති මීටර් 200 අවසන් තරගය ඩේගු ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් කුතුහලයටත්, දෙගිඩියාවටත් පත්කළ එකක් විය. දැඩි පීඩනයට හසුවී සිටින බෝල්ට් මීටර් 100 අවසන් තරගයේදී මෙන් මේ තරගයේදීත් නීති විරෝධි ආරම්භයක් ලබා ගනීදැයි යන්න ක්‍රීඩාලෝලීන් තුළ නිරන්තරයෙන්ම රැව් දුන් ගැටලුවක් විය.

නමුත් මීටර් 200 තරග ඉසව්වේ රන් පදක්කම තමා වෙතින් ගිලිහී නොයාමට බෝල්ට් මෙවර සැළකිලිමත් විය.

“අවාසනාවන්ත ලෙස මීටර් 100 රන් පදක්කම අහිමිකර ගැනීමෙන් පසුව මේ තරගයෙන් රන් පදක්කම දිනා ගැනීම විශිෂ්ට ජයක්.

මේ රන් පදක්කම දිනා ගැනීමට මට විශාල අවස්ථාවක් තිබෙන බව මම දැන සිටියා” ජයග්‍රහණයෙන් අනතුරුව බෝල්ට් ප්‍රකාශ කළේය. මේ අතර මීටර් 400 සහාය දිවිමේ පිරිමි සහ කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාව සමත්විය. මේ අනුව 2005 වසරේ හෙල්සින්කි නුවර පැවැති ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ සිට මේ දක්වා පිට පිට සිවුවැනි වරටත් මීටර් 400 සහාය දිවීමේ පිරිමි තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාවට හැකි විය.

මේ අතර මීටර් 200 කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බෙල් බ්‍රවුන් සමත් වූවාය.

RSL

Related Posts