පළමු ඉනිමේ දුර්වල පිතිහරඹය පරාජයට හේතු වුනා – ටී. එම්. ඩිල්ශාන්

Spread the love

ගාල්ල ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක පළමු තරගයේදී සංචාරක ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම හමුවේ ලකුණු 125 ක පරාජයක්‌ ලැබීමට ප්‍රධානම හේතුව වූයේ පළමු ඉනිමේදී පිතිකරුවන් දැක්‌වූ දුර්වල පිතිහරඹය නිසා බව ශ්‍රී ලංකා කණ්‌ඩායම් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.

“අපි ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිමේදී ලකුණු 273 කට සීමා කරන්න සමත්වුණා. ඒ වුණත් මම හිතන්නෙ එතනත් ලකුණු ටිකක්‌ වැඩි වුණා. තරගය පරාජය වීමට ප්‍රධානම හේතුව වූයේ අපේ පිතිකරුවන් පළමු ඉනිමේදී අසාර්ථකත්වයට පත්වීම. මේ තණතීරුවේදී අපි ලකුණු 100 කට දැවී යන්න කිසි විටෙකත් බැහැ. අපි ලකුණු 200 ක්‌ ලබා ගත්ත නම් මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්‌ වන්නට ඉඩ තිබුණා.” යනුවෙන් තරගයෙන් පසුව ශ්‍රී ලංකා නායකයා මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

මෙවැනි වුණු අඩුපාඩු නැවත වෙන්න නොදී ක්‍රීඩකයන්ගේ අදහසුත් අරගෙන ඉදිරි තරගවලට සූදානම් විය යුතු යැයි සඳහන් කර සිටියේය.

තරගයෙන් පිළිබඳව අදහස්‌ දැක්‌වූ ඔස්‌ටේ්‍රලියානු නායකයා, “මගේ ක්‍රිකට්‌ දිවියේ ක්‍රීඩා කරන ලද තණතීරුවලින් දුෂ්කරම තණතීරුවක්‌ තමයි ගාල්ල තණතීරුව” යනුවෙන් පැවසීය.

දෙරට අතර දෙවන ටෙස්ට් තරඟය මේ මස 8 වන දා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

RSL

Related Posts