චම්පිකට පැනයාමට නීතිය නවලා දුන් සියලූ නිලධාරීන්ට නීතිමය පියවර..!

රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර සත්‍ය වසන් කිරීම හා රිය අනතුර සිදුකළ අය ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම මඟින් දණ්ඩ නීති සංග‍්‍රහයේ හා මෝටර් රථ ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය …

Continue Reading

චම්පිකව ගන්න ගිය හදිස්සියට කථානායකව මඟ හැරිලා..!

ඊයේ (18) දින රාත්‍රීයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත. “පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ …

Continue Reading

ලැජ්ජයි ඕයි තමුසෙල ගැන!

වැලිකඩ සිරකරු ඝාතනය වූ කලී මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුත ම සමූහ ඝාතන අතරට එක්වන්නකි. එය වඩාත් තිරශ්චීන එකක් වන්නේ රාජ්‍ය විසින් වගකීම් දැරිය යුතු නිරායුධ සිරගත පිරිසක් ආයුධ බලය යොදා නිරනුකම්ප සහ අනීතික ලෙස ඝාතනය කිරීම නිසාවෙනි. 2015 යහපාලන රජය බලයට පත්වීම කෙරෙහි බලපෑ සාධක අතර මේ සිදුවීම ද වඩා ඉහළින් තිබුණු බව රහසක් නොවේ. යහපාලන ආණ්ඩුව බලයට පත් …

Continue Reading

සමාජජාල මාධ්‍ය මර්දනයට මැකෝ කැස කවන්නේ කාගේ උවමනාවටද..? ITSSL දැඩිව ප්‍රශ්න කරයි

සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැලකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බවත් එම නිසා සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව යැ’යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සුනන්ද දේශප්‍රිය මහතා සිදුකර ඇති ප්‍රකාශය පිටුපස කාගේ හෝ උවමනාව තෘප්ත කිරීමක් සහ භාෂණයේ නිදහස අහිමි කරමින් මාධ්‍ය මර්දනයක් සඳහා වන පිඹුරුපත් සැකසීමක් …

Continue Reading

හිටපු මෙගා පොලිස් ඇමති පා.ච.රණවක පොලිස් අත්අඩංගුවට

හිටපු මෙගා පොලිස් අමාත්‍ පාඨලී චම්පික රණවක (පා.ච.රණවක) මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි. නොසැලකිළිමත්ව රිය …

Continue Reading

මට කිසිම තනතුරක් එපා; වටේ ඉන්න රොත්ත මාව ඇඳගෙන ගිහින් කෑවා; ණය ගෙවලා උන්ගෙන් බේරෙන විදියක් කියන්න – සජිත් පින්සෙණ්ඩු වෙයි (වීඩියෝ)

තමා වටේ සිටින මැක්කන් වැනි රොත්ත පුරුත්ත විසින් තමාව බලහත්කාරයෙන් ඇඳගෙන ගොස් ජනාධිපතිවරණයට තල්ලුකොට අනාත කළ බවත්, තමාට ඇති ජනමතය අවබෝධ කරගැනීම තුළ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායක කම, විපක්ෂනායක කම හෝ අවම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය වත් වුවමනා නැති බව එක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ …

Continue Reading

රට වටේ ජනපතිගේ නම විකුණන වංචාකරුවන්..

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයන් වශයෙන් නැතහොත් ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති තැනැත්තන් වශයෙන් වංචා සහගතව පෙනී සිටිමින් නොයෙකුත් ආකාරයෙන් මහජනතාවට වංචා සිදුකරන සහ මහජනතාව වෙත නොයෙකුත් නීති විරෝධී බලපෑම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බව ආරක්ෂ අමාත්‍යංශය පවසයි. එමෙන්ම මෙවන් පුද්ගලයන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් අදාල පොලිස් නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද එම …

Continue Reading

පක්ෂ නායකත්වය කරූට දෙන්න බලතල සංශෝධනට රනිල්ගෙන් යෝජනාවක්

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ පක්ෂ නායකයා සතු බලතල පිළිබඳව අධ්‍යයනය කොට සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නීතීඥ කණ්ඩායමට දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහමහතා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පෙලේ නීතීඥවරුන්පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර …

Continue Reading

රාජිතගේ සුදු වෑන් රියදුරන් අත් අඩංගුවට..! කොට උඩ යන නාටකයේ අධ්‍යක්ෂක වැට උඩ..!

පෙර පැවති රාජපක්ෂ රජයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත සුදු වෑන් වලින් මිනිසුන් පැහැරගත් බවත් ඔවුන් මරා දමා කිඹුලන්ට දැමූ බව පැවසූ පුද්ගලයන් දෙදෙනා ඊයේ(14) අත් අඩංගුවට පත් වූ අතර මොවුන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබා ගෙන තිබේ. මොවුන් මෙවැනි කථාවක් කීවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවකදීය. තවද …

Continue Reading

වැඩ කරන අපේ විරුවා වැඩ කරන සමෘද්ධි පරිගණක නිළධාරින් 1600ගේ වැටුප් නවත්වයි..

පසුගිය රජය මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින සමෘද්ධි සංවර්ධන බැංකු රාජ්‍ය බැංකුවක් මට්ටමට උසස් කිරීමේ අරමුණ පෙරදැරීව, ශ්‍රී ලංකාවේ සියළුම සමෘද්ධි බැංකු සදහා ස්ථීර පත්වීම් සහිත පරිගණක ක්‍රියාකරුවන් ලෙස 1600කට ආසන්න පිරිසක් බදවාගෙන ඇත. එකී පිරිසකගේ පුහුණු කාලය අවසන්ව පත්වීමේ ලිපිය අණුව මාස 3කින් ස්ථීර කිරීමට තිබියදී, සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියක් පදනම් කරගෙන ඔවුන්ගේ වැටුප් අත්හිටුවා ඇත. අප කල …

Continue Reading