රාජිතගේ සුදු වෑන් රියදුරන් අත් අඩංගුවට..! කොට උඩ යන නාටකයේ අධ්‍යක්ෂක වැට උඩ..!

Spread the love

පෙර පැවති රාජපක්ෂ රජයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත සුදු වෑන් වලින් මිනිසුන් පැහැරගත් බවත් ඔවුන් මරා දමා කිඹුලන්ට දැමූ බව පැවසූ පුද්ගලයන් දෙදෙනා ඊයේ(14) අත් අඩංගුවට පත් වූ අතර මොවුන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබා ගෙන තිබේ. මොවුන් මෙවැනි කථාවක් කීවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවකදීය. තවද මොහු මෙම කථාව කීවේ එහි ඇසින් දු‍ටු සාක්ෂි කරුවෙකු ලෙසිනි.

යහපාලන ආන්ඩුසමයේ දී රාජපක්ෂලාගේ අපරාධ සහායකයන් අත් අඩංගුවට ගත්තද ඔවුන් කිසිවෙකු රාජපක්ෂලා ගැන කෙළ බිදක් පිට කළේ නැත. නමුත් රාජිතගේ අපරාධ සහායකයන් ඒ ආකාරයෙන් ස්වාමියා ආරක්ෂා කරනු ඇතැයි සිතිය නොහැක. නිසැකවම මාගල දිග අරිනු ඇත. ඒ අනුව තව නොබෝ දිනකින් රාජිත සේනානායක අත් අඩංගුවට පත් වීමට වැඩි ඉඩක් ඇත.

මෙය අනාවරණය වන බව දැනගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අගමැති මහින්ද රාජපක්ෂට දුරකථනයෙන් අමතා ඔහුව බේරා ගන්නා ලෙසට හඩා වැටී ඇතැයි වාර්තාවේ.

රාජිත මහින්ද හමුවේ හඩා වැටී ඇත්තේ තමා හෘද රෝගියෙකු බව පවසමින් වන අතර රාජිතගේ බිරිද සහ මුලු පවුලම රාජපක්ෂ හිතවාදීන්ට කන්පින්දම් කියමින් සිටින බව වාර්තාවේ.

2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව චම්පික රණවකට සහ ඔහුගේ රියැදුරු තුසිත දිළුම් කුමාර නැමැත්තාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද විදෙස් ගමන් තහනමක් පැනවූවා ය. තරුණයකු යට කොට පලා ගිය චම්පිකටද තව නොබෝ දිනකින් වැඩ වරදිනු ඇත.

RSL

Related Posts