ලොතරැයි දෙකම ජනපති යටතට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතට පවරා ගැනීමේ සූදානමක් පවතින බව ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. අමාත්‍යවරයා සහ ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට දින පැවැත්වීමට නියමිතය. …

Continue Reading

දූෂණ වංචා සෙවූ NGOවක මූල්‍ය වංචා එළියට පනී

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයට යුරෝපා සංගමයෙන් ලැබෙන මූල්‍යාධාර අයථා ලෙස භාවිත කර ඇතැයි එම ආයතනය රැකගැනීමේ කමිටු සාමාජික පිරිස එහි සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටී. අල්ලස් හා දූෂණ විරෝධී රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කරන ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ උසස් නිලධාරිනියක සහ තවත් උසස්ම නිලධාරියකුගේද සහාය ඇතිව රුපියල් ලක්ෂ 11ක මූල්‍ය වංචාවක් කර ඇතැයි ද …

Continue Reading

සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනකු වැට උඩට නගී..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතවාදය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන විදුර වික්‍රමනායක සහ අතුරලියේ රතන හිමියන් වෙනස් දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා සූදානම් වන බවට වාර්තාවේ. ටික කාලයක සිට දැඩි නිහඬ දේශපාලන පිළිවෙතක් අනුගමනය කරන මෙම දෙපළ මේ මස අගභාගයේදී තම දේශපාලන ගමන වෙනස් කිරීමේ සූදානමක පසුවේ. එය වත්මන් යහපාලන රජයේ ක්‍රියාපිළිවෙත විවේචනය කරමින්, එය අභියෝගයට ලක්කරමින් සිදුවන්නක් බවද අභ්‍යන්තර …

Continue Reading

ජල මූලාශ්‍ර සිඳී යයි; පානීය ජලය මාස දෙකකට සීමාවෙයි

රටපුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍ර සිඳී යැමේ තර්ජනයකට ලක්‌ව තිබෙන හෙයින් පානීය ජලය අඛණ්‌ඩව සැපයීමේ හැකියාව ඇත්තේ තවත් මාස දෙකක කාලයකට පමණක්‌ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් මහතා පවසයි. මෙම වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවැතියහොත් අවශ්‍යතාව පරිදි ජල සැපයුම පාලනය කෙරෙන බවත් එසේ කළ යුතු ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවලින් දැනටමත් …

Continue Reading

හික්කඩුවේ අධිවේගී පිවිසුම පෙනෙන මානයේ පදිංචියට අවස්ථාවක්

අධීවේගී මාර්ගයේ හික්කඩුව බද්දේගම පිවිසුමට මීටර් 75ක් පමණ තදාසන්නයෙන් පදිංචියට මනරම් බිම් කොටස් 156 ක් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වූ බ්ලුමවුන්ටන් සමාගම පිරිනමයි. ඉඩමේ සිට සියල්ල සපිරි හික්කඩුව නගරයට ඇත්තේ කිලෝමීටර් 05 කි. රටම යා කෙරෙන අධිවේගී මාර්ගය තදාසන්නයේ ඔබේ සිහින නිවහන තැනීමට අවශ්‍ය ඉඩම වෙන්කරවා ගැනීමට සූදානමින් සිටින්න. එම වටිනා බිම්කොටස් 156 මේ මස එනම් 15 වනදා සිට ඔබ …

Continue Reading

යළිත් ඉන්ෆුලුවන්සා අවදානමක්!

මහනුවර ශික්ෂණ රෝහල ආශ්‍රිතව ඉන්ෆුලුවන්සා (H1N1) මරණ දෙකක් සමඟ රෝගීන් රැසක් වාර්තා වීමත් සමඟ වෛරසය රෝහල පුරා පැතිර යෑම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශයේ වසංගත රෝග හා වෛරස් රෝග විශේෂඥවරුන්ගේ උපදෙස් මත විශේෂ ආරක්ෂිත වැඩපිළි‍වෙළක් දියත්කර තිබේ. රෝහලේ වකුගඩු ඒකකයේ රෝගීන් දෙදෙනකු හදිසියේ මියයෑමෙන් පසු රෝහල තුළ අදාළ වෛරසය පැතිර යමින් තිබෙන බව අනාවරණයවූ අතර මේ වන විට ඉන්ෆුලුවන්සා වෛරස් …

Continue Reading

විදේශිකයන්ට වසර 2ක නේවාසික වීසා

ශ්‍රී ලංකා ආර්ථිකයට ශක්තියක් වෙමින් ඇමෙරිකානු ඩොලර් 300,000 ට වැඩි මුදලක් මෙරට ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන විදේශිකයන්ට වසර දෙකේ සිට වසර පහ දක්වා කාලයක් සඳහා නේවාසික වීසා බලපත් ලබාදීමට රජය තීරණය කරයි. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ට වැඩි මුදලක් ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන විදේශිකයන් සඳහා බදු සහන, වීසා කාලය දීර්ඝ කිරීම ඇතුළුව සහන රැසක් ලබාදීමට පියවර …

Continue Reading

කුප්‍රකට බැඳුම්කර බෑනාගෙන් තවත් ඉතිහාස ගත වාර්තාවක්! (විශේෂ)

හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වාචාවේ ප්‍රධාන හවුල් කරුවෙකු වන මහේන්ද්‍රන්ගේ බෑනනුවන්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමගමේ 2016. අප්‍රේල් 01 සිට 2016 සැප්තැම්බර් 31ට ශුද්ධ ලාභය රුපියල් මිලියන 6815ක් බව හෙළි වේ. මහ බැංකු නියමයන්ට අනුව ප්‍රාථමික නිකුතු සමාගමක වාර්ෂික මූල්‍ය වාර්තා මෙලෙස ප්‍රසිද්ධියට පත් කළ යුතු වන අතර එසේ ප්‍රසිද්ධ කර ඇති …

Continue Reading

අභය දානය හා එහි ආනිසංස දැන ගන්න

දක්ඛිණවිභංග සූත‍්‍රයේ දී පුද්ගලික ව දිය හැකි දානවර්ග දාහතරක් පිළිබඳව දක්වා තිබේ. ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය යැ යි දානය ත්‍රිවිධාකාර වේ. විපතට පත් වූ පුද්ගලයෙකුට හෝ වේවා සත්ත්වයෙකුට හෝ වේවා, නිර්භයත්වය ප‍්‍රදානය කරනු ලබයි නම්, එකී විපතින් ඔවුන්ගේ දිවි ගලවා ගත හැකි නම් ඒ අභය දානය යි. ස්වාභාවික උපද්‍රව, සතුරු උපද්‍රව තුළින් පුද්ගලයාට විපතක්, අනතුරක් සිදු වී බියෙන් …

Continue Reading

යහපාලනය තවත් පොරොන්දුවක් ඉටුකරයි!

වත්මන් යහපාලනය රජය එදා දුන් මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් රෙදි පිළි සහ මත්ස්‍ය සම්පත් යුරෝපා රටවලට අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට නැවත වරක්‌ ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදීමට යුරෝපා කොමිසම ඊයේ (11) තීරණය කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ සිදුවන සංවර්ධනයත්, මානව අයිතිවාසිකම් සුරක්ෂිත වීමත් පිළිබඳව යුරෝපා සංගමය අගය කොට ඇති අතර ඒ හේතුවෙන් රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලන …

Continue Reading