යහපාලනය තවත් පොරොන්දුවක් ඉටුකරයි!

Spread the love

වත්මන් යහපාලනය රජය එදා දුන් මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් රෙදි පිළි සහ මත්ස්‍ය සම්පත් යුරෝපා රටවලට අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට නැවත වරක්‌ ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාදීමට යුරෝපා කොමිසම ඊයේ (11) තීරණය කොට ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ සිදුවන සංවර්ධනයත්, මානව අයිතිවාසිකම් සුරක්ෂිත වීමත් පිළිබඳව යුරෝපා සංගමය අගය කොට ඇති අතර ඒ හේතුවෙන් රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලන සමයේදී අහෝසි කළ ජී.එස්.පී. පල්ස් සහනය මෙලෙස ලබාදී ඇත.

මානව හිමිකම්, කම්කරු ප්‍රතිපත්ති, පරිසර සංරක්‌ෂණය ඇතුළු අන්තර් ජාතික කොන්දේසි 27 ක්‌ පිළිබඳව සලකා බලා ඇති යුරෝපා කොමිසම වත්මන් රජය එම කොන්දේසි ඉටු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව සෑහීමකට පත්ව ඇත.

යුඣ්රෝපා රටවලට රෙදිපිළි සහ මත්ස්‍ය සම්පත් අපනයනයේදී අයකරනු ලැබූ 66% බදු මෙම සහනයත් සමග සම්පූර්ණයෙන් ඉවත් වේ.

යුරෝපා කොමිසම විසින් 2010 වසරේ සිට ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය අත්හිටුවා තිබුණි.

RSL

Related Posts