ඇලෝසියස් දුන්න එක ගත්ත තමා; ඒත් මට දීපු එක අල්ලසක් නොවෙයි- දයාසිරි (Video)

අර්ජුන් ඇලෝසියස් ගෙන් මම ලක්ෂ දහයක් ගත්තට මම කොහෙත්ම ඔහු බේරා ගැනීම වෙනුවෙන් කොහේවත් පෙනී සිටියේ නැහැ. ඒක නිසා එය අල්ලසක් ලෙස ගණන් ගන්න බෑ‘ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. දයාසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාව ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් අමතමිනි . …

Continue Reading

ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් ඩොලර්වලට බුකී කාරයින්ට විකිණෙන හැටි (ගවේෂණාත්මක හෙළිදරව්ව)

“ක්‍රිකට්” යනු ශ්‍රී ලාංකිකයින්ගේ “හදවතේ ක්‍රීඩාව”යි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට උසවා තැබූ ක්‍රීඩාව මෙන්ම “ශ්‍රී ලංකා” යන නාමය මෑත ඉතිහාසයට තුළ උපත ලද ලොව පුරා මිනිසුන්ට ගෙන යන ලද්දේ ක්‍රිකට් බව අවිවාදිතය. ඒ වර්ෂ 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟනි. ඉන් පසුව උදාවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජයග්‍රාහී අනාගතය …

Continue Reading

බැඳුම්කරේට සම්බන්ධ සමාගමකින් අල්ලස් ගත් මන්ත්‍රීවරයා දයාසිරි ද..?

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (24) දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළව …

Continue Reading

කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට සහනාධාර

කාබනික ගොවිතැන දිරිමත් කිරීම සඳහා මෙවර යල කන්නයේ සිට කාබනික පොහොර භාවිතා කර වී වගා කරනු ලබන ගොවීන් වෙනුවෙන් පොහොර සහනාධාර ක්‍රමයක් ඇතිකොට ඒ මඟින් ප්වුන්ට මූල්‍යාධාර සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම පොහොර සහනාධාර ක්‍රමය යටතේ එක් එක් කන්නයේ දී කාබනික පොහොර භාවිත කර වගා කරනු ලබන ගොවීන් හා එලෙස වගා කරන භූමි ප්‍රමනයන් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් …

Continue Reading

අඹ ගෙඩි 19ක් සොරාගත් සිද්ධියේ නඩුව යළි විභාගයට

අසල්වැසි නිවෙසකින් අඹ ගෙඩි දහ නවයක් සොරකම් කළ බවටත් සොරකම් කරන ලද එම අඹ ගෙඩි දහනවය සන්තකයේ තබා ගත් බවටත් වයෝවෘද්ධ කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව ඔක්තෝබර් මස 2 වැනි දින විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. අදාළ නඩුව ඊයේ (23දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා …

Continue Reading

ආණ්ඩු මෙරට විශේෂඥයින්ට නොගෙව්වාට පිටරට අයට ඉල්ලන ගානක් ගෙවනවා- ආචාර්ය නයන දෙහිගම

“අපේ ආයතනයට වුණත් ලොකු හිඟතාවයක් තියෙනවා, නියම විශේෂඥයින් ලබා ගන්න එකේ. ඒකට හේතුව තමයි Domain expertise කියන එක ලංකාවේ තාක්ෂණික විෂය උගන්වන ආයතනවලින් උගන්වන්නේ නැහැ. ඒ ආයතනවලින් උගන්වන්නේ සාමාන්‍ය දැනුම. එහෙම එන අය ඉන්ඩස්ට්‍රී එකට අරගෙන ඒ දැනුම එකපාරටම කාර්මාන්තය තුළ පාවිච්චි කරන්න බැහැ. ඒ ගොල්ලන්ව ගොඩක් පුහුණු කරන්න ඕනේ.“ “ලංකාවේ හැටියට IT Industry එකේ ඉන්න අයට, අනෙක් කර්මාන්ත ක්ෂේත්‍රවලට …

Continue Reading

ජනපති දරුවන්ගේ පැත්ත ගනී (Video)

ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී අනාවරණය කෙරෙන කරුණු අනුව, ගුරු සිසු සබඳතාවයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව මෙන්ම ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව ද තොරතුරු රැසක් වාර්තා වී තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. මෙම අයහපත් තත්ත්වය පිළිබඳ බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ අද (23)බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ …

Continue Reading

අස්වැනු ලැබුණත් සහල් මිල පහත නොයන මාෆියාවක් ගැන සහල් නිෂ්පාදකයෝ හෙළිකරති

රටේ හාල් හිඟයක් නැතත් ඉහළ ගිය සහල් මිල මෙතෙක් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැත්තේ වෙළෙඳපොල මාෆියාවක් නිසා බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මහතා පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්, මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් වෙළෙඳපොළට සහල් සපයන මිලට වඩා රුපියල් 15.00ක් – 20.00ක් අඩුවෙන් මේ වන විටත් සහල් වෙළෙඳපොළවල් වෙත නිකුත් කරමින් පවතින බවයි. …

Continue Reading

ආපදා තත්වයෙන් සිදු වූ මරණ තවත් ඉහළට; 85,000කට වඩා අවතැන් (Video)

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ද 10 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු මෙලෙස ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි. …

Continue Reading

කෝටි දෙකේ අල්ලස් සිද්ධියේ CCTV දර්ශන ඉල්ලුවත් දෙන්නෙ නැතිලු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් අවස්ථාවේ සීසීටීවී කැමරා දර්ශන ලබාදෙන ලෙස ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් ඉල්ලීම් කළත් මේ දක්වා ලබාදී නැතැයි අල්ලස් …

Continue Reading