මෛත්‍රී-මහින්ද ආණ්ඩුව වැඩ පෙන්වයි; ජනතාවට සහන සිල්ලරට නොව තොග පිටින් දෙයි!

සාමාන්‍යයෙන් රජයක් තමන්ට වාසිදායක ලෙස ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැයෙන් වන අතර එය සිදුකරනු ලබන්නේද දේශපාලන න්‍යාය පත්‍රයක් මතය. එහෙත් නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව පිහිටුවා සතියක් උදාවන මොහොතක බදු බරින් සහ ආර්ථික බරින් බැට කෑ ජනතාවට සහන ලබාදීම අරඹා තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යධුරය දරන …

Continue Reading

ජනතාව මත බර පැටවූ මංගලගේ මොංගල් සුත්‍ර යුගය අවසන්; ඉන්ධන මිල පහළට

පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. නව රජයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ විසින් පසුගිය රජයේ මංගල සමරවීර විසින් පනවා තිබූ , මේ රටේ ජනතාව ගොනාට අන්දවමින්, උපහාසයටත් ලක්කළ මොංගල් මංගලගේ මිල සූත්‍රය ඊයේම (31) අහෝසි කර දැමුහ. ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු වී …

Continue Reading

නව රජයේ නව ඇමතිවරු දිවුරුම් දෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නායකත්වය දෙනු ලබන නව රජයේ නව අමාත්‍යවරුන් පිරිස් අද(01) දිවුරුම් දුන්හ. ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. එම නාම ලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍යවරු දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා …

Continue Reading

යාන්තමට හෝ එල්ලෙන්න තිබුණු දෙමළ සන්ධානයේ සහයත් රනිල්ට අහිමි වෙයි

හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සහය පළකරනු ඇතැයි යම් විශ්වාසයක් තබා ගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ සහයද රනිල්ට අහිමි වී ඇතැයි එම පක්ෂයේ තහවුරු කරන අද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. දෙමළ ජාතික සන්ධානය …

Continue Reading

බය වෙන්න එපා; මට ෂුවර් – රනිල්

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන හැටි ගැන කිසිඳු බයක් සැක සංකාවක් ඇති කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ මහ දවල් මහ බැංකු මංකොල්ලය සිදු කොට එහි විමර්ශන සඳහා ජනාධිපති කොමිසම හමුවට ලැජ්ජාවක් බයක් නැතිව යෑමට සිදු වූ හිටපු අගමැති සහ වත්මන් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට අද (01) දැනුම් දුන්නේය. එක්සත් පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහගේ …

Continue Reading

කොටස් වෙළෙඳපොළේ මෑත ඉතිහාසයේ සිදු වූ දැවැන්ත වර්ධනයක්

අද(01) දින කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් පෙන්වා ඇතැයි වාර්තාවේ. අද දහවල් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ සියයට 2ක වර්ධනයක් හා S&P SL 20 දර්ශකයේ සියයට 4ක වර්ධනයක් ලෙසින් සටහන් වෙයි. මේ වන …

Continue Reading

ජනපති සහ කථානායක පැය එකහමාරක සාකච්ඡාවක්; පාර්ලිමේන්තුව කැඳවමින් නව අගමැති සහ ආණ්ඩුව පිළිගන්න සූදානම්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර ඊයේ(31) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාව පැය එකහමාරයකට ආසන්න කාලයක් ඉතා සුහදව පැවැති බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙහිදී කථානායකවරයා විසින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ හා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර කථානායකවරයා සිදු කළ ඉල්ලීම සලකා බලා ඉදිරියේදී තම …

Continue Reading

තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් වැටුණු ආර්ථිකය ගොඩගන්නවා

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පනවා තිබෙන සංකීර්ණ බදු ක්‍රමය සරල කර නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය. ඊයේ (31) කොළඹ ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී නව මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ වසර 03 කුත් මාස …

Continue Reading

අගමැති මහින්ද බව නීතිපති යළි තහවුරු කරයි; කථානායක පක්ෂපාතී වෙමින් සැඟවෙයි (වීඩියෝ)

රටේ අගමැති කවුරුන්දැයි කියා පැහැදිලි කර ගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ඉකුත් 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී අගමැතිවරයා මහින්ද රාජපක්ෂ බව වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී ඇතැයි රජයේ සම මාධ්‍ය ප්‍රකාශක වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය. ඇමැතිවරයා මේ බැව් පැවසුවේ නව රජයේ පළමු මාධ්‍ය හමුව ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අවස්ථාවේදීය. …

Continue Reading

රනිල්ට අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගෙදර යන්න සහන කාලයක්

අරලියගහ මන්දිරය තමන් යටතේ පවතින දේපළක් බැවින් එය ඉක්මනින් ආපසු බාර ගැනීමට කටයුතු කරන ලෙස තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය ‍ලේකම් එස්. අමරසේකර සඳහන් කරයි. රාජ්‍ය නිලධාරීන් නිල නිවාස ආපසු බාර දීමේදී යම් සහන කාලයක් ලබා දීමේ ක්‍රමවේදයක් තිබුණත් දේශපාලනඥයන්ට එවැනි ක්‍රමවේදයක් නොමැති බවද ‍ලේකම්වරයා සඳහන් කළේ ඊයේ (30) සිය කාර්යාලයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි. “රාජ්‍ය දේපළ අවභාවිතය බරපතළ …

Continue Reading