ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා සමීප සමුද්‍රීය සහයෝගීතාව ගැන නවසීලන්ත නාවික හමුදා ප්‍රධානියා සමඟ සාකච්ඡා කරයි.

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා කාලය තුල නවසීලන්තයේ සංචාරයක නිරත වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශ කළේය.එහිදී ඔහු නවසීලන්ත නාවික හමුදා ප්‍රධානී රියර් අද්මිරාල් ඩේවිඩ් ප්‍රොක්ටර් සමඟ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ප්‍රධානී, රාජකීය නවසීලන්ත නාවික හමුදාව අතර …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වේ

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා නිවේදනය කළේ ඔක්තෝබර් 5 සිට ඔක්තෝබර් 11 දක්වා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන බවයි.මෙය ඔහුගේ පළමු නවසීලන්ත සංචාරය වනු ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් සමග නවසීලන්තයේ ඉන්දියානු ඩයස්පෝරාවේ විශිෂ්ට ජයග්‍රහණ සහ දායකත්වය වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා ඕක්ලන්ඩ් හි උත්සවයකට සහභාගී වනු ඇත. …

Continue Reading

ඉන්දීය අගමැති මෝදි විසින් ඉයන් සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති බිඩෙන් වෙත ශෝකය පළ කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉයන් සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ වටිනා ජීවිත හා දේපළ විනාශයන් පිළිබඳව හෘදයාංගම සංවේගය පළ කළේය. ඉන්දීය අගමැති මෝදි ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් පැවසූයේ මෙම දුෂ්කර අවදියේදී එක්සත් ජනපදයේ ජනතාව සමඟ ඉන්දීයාව සංවේගය බෙදා ගන්නා බවයි. ඉයන් සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ ප්‍රධාන සුළි කුණාටුවක් ලෙස ෆ්ලොරිඩාවේ නිරිතදිග ගල්ෆ් …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් හෙට ඕමානයේ සංචාරය කරයි.

ඉන්දීය විදේශ කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වේ.ඔහු මෙම සංචාරය ඕමානයට ඔක්තෝබර් 3 සිට 4 දක්වා කාලය තුල සිදු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙම සංචාරය සුල්තාන් රාජ්‍යයට ඔහු විසින් සිදුකරන දෙවන සංචාරය වේ. දෙරටේ අඛණ්ඩ වර්ධනය වන හවුල්කාරිත්වය සඳහා ඉහළ මට්ටමේ සංචාර මගින් ද්විපාර්ශික සබඳතා ශක්තිමත් …

Continue Reading

ඉන්දියාව අඩු ආදායම්ලාභී ශ්‍රී ලාංකික පවුල් 200 කට මානුෂීය ආධාර ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 200 කට මානුෂීය ආධාර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ලබා දුන්නේය.ණය බරින් පෙළෙන දකුණු අසල්වැසියා මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සමනය කිරීමේ ප්‍රයත්නයට සහය වීමක් වශයෙන් මෙම ආධාර තොගය බෙදා හැර ඇත. එහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා කියා සිටියේ ඉන්දියාව සැමවිටම ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින බවයි. එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය …

Continue Reading

ඉන්දියාව 5G ටෙලිකොම් සේවා සේවා ජාලය දියත් කරයි.

හයවන ඉන්දීය ජංගම දුරකථන සම්මේලන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා නවදිල්ලියේදී පැවැත්වේ. මෙම උත්සවයේ දී ඉන්දියාවේ 5G සේවා ජාලය අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන් දියත් කරනු ඇත. ඉන්දීය සන්නිවේදන අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ පළමු අදියරේ දී තෝරාගත් නගර වල පමණක් 5G සේවාව ලබාදීමට නියමිත බවයි. තවද ඉදිරි වසර දෙකක කාලය තුළ ක්‍රමානුකූලව මුළු රටම ආවරණය කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් …

Continue Reading

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් හරි කුමාර් ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වේ.

ඉන්දියාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත විය. එම සංචාරයේදී ඔහු එරට නාවික සහ ගුවන් හමුදාවන්හි ඉහළ නිලධාරීන් සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාවේදී ඔවුන් ඉන්දු-පැසිෆික් කලාපයේ ඉන්දීය නාවික-ඕස්ට්‍රේලියානු නාවික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.ඉන්දීය නාවික හමුදාව දක්වන අන්දමට , ඕස්ට්‍රේලියානු නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් මාර්ක් හැමන්ඩ් සමඟ ඵලදායි සාකච්ඡා …

Continue Reading

ඉන්දියාව මාලදිවයිනට හදිසි වෛද්‍ය සේවා ඒකකයක් ලබා දෙයි.

ඉන්දියාවේ මූල්‍ය දායකත්වය යටතේ ඉදිකරන ලද හදිසි වෛද්‍ය සේවා ඒකකයක් මාලදිවයිනේ රෝහලක විවෘත කර ඇත.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් කියා සිටියේ මෙම ඒකකය බා ඇටෝල් ධරාවන්ධූ රෝහලේ විවෘත කර ඇති බවයි. එම පණිවුඩයේ ඔහු වැඩිදුරටත් දක්වා තිබූනේ ඉන්දියාවෙන් මාලදිවයිනට ලබා දෙන ආධාර ප්‍රදානය යටතේ බී.ධරාවන්ධූහි විවෘත කරන ලද හදිසි වෛද්‍ය සේවා ඒකකය දූපත් ප්‍රජාවන්හි මූලික සේවාවන් …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් වොෂින්ටන් ඩීසී හිදී ඇමරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් හමුවෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් හා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ වොෂින්ටන් ඩීසී හි දී මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී අමාත්‍ය එස් ජයශංකර් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල ඉන්ධන, ආහාර සහ පොහොර අර්බුදය පිළිබඳ කරුණු දැක්වීය. මාධ්‍ය හමුවේ දී සිය අදහස් දක්වමින් ඔහු පැවසූයේ වර්තමානයේ ලෝකය සංවර්ධනය හා සමෘද්ධිය සොයන යුගයක් බවයි.මෑතකදී ඉන්දය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දී …

Continue Reading

ඩෙෆ්එක්පෝ ප්‍රදර්ශනය ගුජරාට් ප්‍රාන්තයේ ගාන්ධිනගර්හිදී සමාගම් 1,136 ක සහභාඝීත්වයේන් පැවැත්වේ.

ගුජරාට් ප්‍රාන්තයේ ගාන්ධිනගර්හිදී ඔක්තෝබර් 18 සහ 22 අතර ඩෙෆ්එක්පෝ හි 12 වන අදියර පැවැත්වීමට නියමිතය. එය මෙතෙක් පැවති විශාලතම ප්‍රදර්ශනය වීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.අඟහරුවාදා වන විට වාර්තාගත සමාගම් 1,136 ක් මෙම උත්සවය සඳහා ලියාපදිංචි වී තිබිණ. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ ඩෙෆ්එක්පෝ 2022 වර්ග මීටර් 100,000 ට වැඩි විශාලතම සමස්ත ප්‍රදේශය හරහා සැලසුම් කර ඇති බවයි. 12 …

Continue Reading