ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා කාලය තුල නවසීලන්තයේ සංචාරයක නිරත වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශ කළේය.එහිදී ඔහු නවසීලන්ත නාවික හමුදා ප්‍රධානී රියර් අද්මිරාල් ඩේවිඩ් ප්‍රොක්ටර් සමඟ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ප්‍රධානී, රාජකීය නවසීලන්ත නාවික හමුදාව අතර පැවති සාකච්ඡාවේදී නාවික සහයෝගීතා අවස්ථා පිළිබඳ පුළුල් පරාසයක් ආවරණය වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශ කළේය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ද්විපාර්ශ්වික කටයුතුවල විෂය පථය පුළුල් කිරීම සඳහා නායකයින් සහයෝගය පළකළ බවයි‍.

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් හරි කුමාර් විසින් රාජකීය නවසීලන්ත නාවික හමුදා නායකත්වයට මිලාන්-22 හි ක්‍රියාකාරී සහභාගීත්වය වෙනුවෙන් ප්‍රශංසා කළේය. එමෙන්ම අද්මිරාල් කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා තරුණ රාජකීය නවසීලන්ත නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වය ඉන්දීය නාවික හමුදාව අපේක්ෂා කරන බව ඔහු පැවසීය. එළඹෙන 2022 දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ඉන්දීය නාවික හමුදාව විසින් සත්කාරකත්වය දරයි.

මෙම සංචාරය අතරතුර ධවල නැව් තොරතුරු හුවමාරුව පිළිබඳ ගිවිසුමකට ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා අත්සන් තැබිණි.ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව කරුණු දැක්වූයේ සමුද්‍රීය අංශය තුළ වැඩි විනිවිදභාවයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙරටේ සමීප සහයෝගීතාවය ඇති බවය.

තේටවුවා මෝනා මාරේහි පැවති සම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයේදී නවසීලන්ත රාජකීය නාවික හමුදාවේ නායකත්වය විසින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානීයා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. නාවික හමුදා ක්‍රීඩාංගනයේ දී ඔහු වෙත චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන්දීයාව මැතකදී දියත් කරණ ලද ස්වදේශික ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන අයි.එන්.එස් වික්‍රන්ට් හි ආකෘතියක් රාජකීය නවසීලන්ත නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත ලබා දෙන ලදී. රාජකීය නවසීලන්ත නාවික හමුදාවේ 81 වන සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව ඉන්දීය නාවුක හමුදා ප්‍රධානියාගේ සංචාරය සිදු විය.

ඕක්ලන්ඩ් හි “බීට් රිට්‍රීට් සහ හිරු බැස යෑමේ උත්සවය” සඳහා සම්භාවනීය ආරාධිතයෙකු ලෙස ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් සහභාගී විය.

පසුව, ඔහු නවසීලන්තයේ සමුද්‍ර කෞතුකාගාරය නැරඹීමට ගියේය. අද්මිරාල් හරි කුමාර් ඕක්ලන්ඩ් හිදී ඉන්දීය කොන්සල්වරයා වන භාව් ධිලෝන් ද හමුවිය. මෙම අවස්ථාවේදී ඉන්දියානු ප්‍රවීණයන් සහ ප්‍රාදේශීය නිලධාරීන් හමුවීමට ඔහුට ඉඩ සැලසිණ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්දීය නාවික හමුදා ප්‍රධානීයාගේ මෙම සංචාරය මගින් නාවික හමුදා දෙකෙහිම හවුල් කැපවීම් තවදුරටත් තහවුරු කර ඇති බවයි. එමෙන්ම ද්විපාර්ශ්වික සමුද්‍ර කටයුතු සඳහා වර්ධන මාවතක් ද සකස් කර ඇති බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්