ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා නිවේදනය කළේ ඔක්තෝබර් 5 සිට ඔක්තෝබර් 11 දක්වා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන බවයි.මෙය ඔහුගේ පළමු නවසීලන්ත සංචාරය වනු ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් සමග නවසීලන්තයේ ඉන්දියානු ඩයස්පෝරාවේ විශිෂ්ට ජයග්‍රහණ සහ දායකත්වය වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා ඕක්ලන්ඩ් හි උත්සවයකට සහභාගී වනු ඇත.

“අසාදි කා අම්රිත් උත්සවය නවසීලන්තයේ ” සැමරීම සහ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් නායකයන් දෙදෙනාම ඉන්දීය නිදහසේ හැත්තෑ පස්වන වසර සැමරීම සඳහා සමරු මුද්දරයක් නිකුත් කිරීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සීක් ප්‍රජාව සමඟ ඇති විශේෂ බැඳීම ප්‍රදර්ශනය කරන “සිහින හමුවීම” නම් වූ ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයකට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහභාගී වීමට නියමිතය.

නවසීලන්තය සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ඇගයීමට ඔහු ඕක්ලන්ඩ්හිදී නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය නානායා මහතා හමුවීමට වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම සංචාරය අතරතුර තුරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙලින්ටන් හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නවතම ගොඩනැගිල්ල විවෘත කිරීමට සහභාගී වනු ඇත. එමෙන්ම ඔහු විසින් එරට ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් සහ ඉන්දියානු සිසුන් ඇතුළු ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයින් හමු වීමට ද නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.තවද නවසීලන්තයේ අමාත්‍ය ධුරය දැරූ පළමු ඉන්දීය සම්භවයක් ඇති ප්‍රියංකා රාධක්‍රිෂ්ණන් මෙන්ම ප්‍රජා සහ ස්වේච්ඡා අංශය, සහ වාර්ගික ප්‍රජාවන් පිළිබඳ අමාත්‍යවරයා ඇතුළු නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම කටයුතු වලින් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේ කැන්බරා සහ සිඩ්නි වෙත සංචාරය කරනු ඇත.මෙම වසරේ පැවැති ක්වාඩ් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට පසුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඕස්ට්‍රේලියාවට සංචාරය කරණ දෙවන අවස්ථාව මෙය වේ.

සිය ඕස්ට්‍රේලියානු සංචාරයේදී ජයිශංකර් විසින් ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් ද හමුවීමට නියමිතය. තවද ඔහු 13 වැනි විදේශ අමාත්‍යවරුන්ගේ රාමු සංවාදයට ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොං සමගින් එක්වනු ඇත. මෙම සංචාරය අතරතුර, ඔහු ඕස්ට්‍රේලියානු නාවික හමුදාව, මාධ්‍ය සහ සිඩ්නි හි ලෝවි ආයතනය වැනි ආයතන සමඟ සම්බන්ධ වනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්