ඉන්දියාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත විය. එම සංචාරයේදී ඔහු එරට නාවික සහ ගුවන් හමුදාවන්හි ඉහළ නිලධාරීන් සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.

මෙම සාකච්ඡාවේදී ඔවුන් ඉන්දු-පැසිෆික් කලාපයේ ඉන්දීය නාවික-ඕස්ට්‍රේලියානු නාවික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.ඉන්දීය නාවික හමුදාව දක්වන අන්දමට , ඕස්ට්‍රේලියානු නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් මාර්ක් හැමන්ඩ් සමඟ ඵලදායි සාකච්ඡා පැවැත් වූණු බවයි.

ඉන්දීය නාවික හමුදාව විසින් මෙම හමුව පිළිබඳ ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නායකයින් දෙදෙනාම දැනට සිදුවෙමින් පවතින සමුද්‍රීය කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ බවයි.

ඉන්දියාවේ නාවික මාණ්ඩලික ප්‍රධානීයා ලෙස ධූරයෙහි රාජකාරී භාරගැනීමෙන් පසු සැප්තැම්බර් 26 සිට 28 දක්වා වූ ඔස්ට්‍රේලියාවට කළ සංචාරය ඔහුගේ පළමු සංචාරය විය.

මෙම සංචාරය තුලදී ඉන්දිය නාවික මාණ්ඩලික ප්‍රධානීයා ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ උප ප්‍රධානී වයිස් අද්මිරාල් ඩේවිඩ් ජොන්ස්ටන්, ආරක්ෂක ලේකම් ග්‍රෙග් මොරියාටි, එයාර් මාර්ෂල් රොබට් චිප්මන්, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ ප්‍රධානී සහ එයාර් වයිස් මාර්ෂල් මයික් කිචර් ද හමු විය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ නායකයින් ද්විපාර්ශ්වික ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතා ක්‍රියාකාරකම් කරගෙන යෑම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි. එමෙන්ම ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ගේ කැපවීම ප්‍රකාශ කළහ.

අද්මිරාල් ආර්. හරි කුමාර් විසින් හයිඩ්‍රොග්‍රැෆික් පාසලේ පහසුකම් පරීක්ෂා කරන ලදී. මීට අමතරව, නාවික සහයෝගීතාව සඳහා නව විභවයන් අවබෝධ කර ගැනීමට සහ ස්ථාපිත කිරීමට ඔහු සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු චින්තන පර්ෂදයේ සාමාජිකයින් සමඟ ද සාකච්ඡා කළේය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, සමුද්‍රීය පරිසරයේ අභියෝග ජය ගැනීම සඳහා සහයෝගීතාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡා වලදී දෙපාර්ශවය විසින් ඉස්මතු කරන ලදී.

ඉන්දු-පැසිෆික් කලාපයේ සමකාලීන සමුද්‍ර ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමාන දෘෂ්ටියක් බෙදා ගනී.ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඔවුන් ඉන්දියන් සාගර නාවික සම්මන්ත්‍රණය , ඉන්දියානු සාගර රිම් සංගමය සහ බටහිර පැසිෆික් නාවික සම්මන්ත්‍රණය වැනි ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංසද කිහිපයකම සමීපව කටයුතු කර ඇති බවයි.

ධර්වීන්හි රාජකීය ඕස්ට්රේලියානු නාවික හමුදාව විසින් සත්කාරකත්වය දරන කකාඩු බහුපාර්ශ්වික අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික නෞකා සත්පුර සහ ඉන්දීය නාවික හමුදාවේ P8I සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක් සාර්ථක ලෙස සහභාගී වීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්