ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මාලදිවයිනට පැන යාමට ඉන්දියාව සහය දුන් බවට වන මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්වය හමුවේ ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට දිවයිනෙන් පලායාමට තම සහයක් ඇතැයි යන මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බදාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට ඉන්දියාව පහසුකම් සලසා දුන් බවට පළවන පදනම් විරහිත මාධ්‍ය වාර්තා මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාව …

Continue Reading

ආර්ථික අර්බුදයෙන් පීඩා විදින ශ්‍රී ලංකාවට එයින් මිදීමට ඉන්දියාව සහයෝගය දක්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පවසයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අසල්වැසි ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉන්දීය රජය සැමවිටම උත්සාහ කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසීය. ඔහු මේ බව පැවසූයේ තෙදින සංචාරයක් සඳහා කේරළයේ තිරුවානන්තපුරම් නුවරට පැමිණීමෙන් අනතුරුවය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ සරණාගත අර්බුදයක් මේ වන විට බව නොමැති ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය …

Continue Reading

තාක්‍ෂණය සහ නවෝත්පාදනය සඳහා තවදුරටත් ආයෝජනය කිරීම වැදගත්: ඉන්දීය අගමැති මෝදි

අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ වර්තමාන කාලය තාක්‍ෂණ යුගයක් ලෙස හඳුන්වන මෙම යුගයේ තාක්‍ෂණය සහ නවෝත්පාදන සඳහා තව දුරටත් ආයෝජනය කිරීම වැදගත් වේ යන්නයි. බොෂ් ඉන්දියාව යනු ඉන්දියාවේ ප්‍රමුඛතම තාක්‍ෂණ සහ සේවා සැපයුම්කරුවෙකි.කාර්මික තාක්ෂණය, පාරිභෝගික භාණ්ඩ, සහ බලශක්ති සහ ගොඩනැගිලි තාක්ෂණය.ඉංජිනේරුමය සහ තාක්‍ෂණ විසඳුම් බොෂ් ඉන්දියා සතු වේ. මීට අමතරව,බොෂ්හි ජර්මනියෙන් පිටත විශාලතම සංවර්ධන මධ්‍යස්ථානය, ඉන්දියාවේ ඇත. බොෂ් ඉන්දියාවට …

Continue Reading

ඉන්දියාව සහ ජපානය 5G තාක්‍ෂණය, සයිබර් ආරක්‍ෂාව පිළිබඳ සහයෝගිතාව සාකච්ඡා කරයි.

ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන ලද සිව්වන ඉන්දියා-ජපාන සයිබර් සංවාදය බ්‍රහස්පතින්දා පැවැත්විණ. ඉන්දියාව සහ ජපානය 5G තාක්‍ෂණය සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ සහයෝගීතාව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළහ. මෙම සංවාදය තුලදී සයිබර් සහයෝගීතාවයේ වැදගත් ක්ෂේත්‍ර,5G තාක්ෂණය ඇතුළු සයිබර් ආරක්ෂණ සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රවල දෙරට ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි. මේ අතර ඉන්දීය විදේශ කටයුතු …

Continue Reading

බහුපාර්ශ්වික නාවික අභ්‍යාස රිම්පාක් 2022 සඳහා ඉන්දියානු නාවික හමුදාව සහභාගී වේ.

එක්සත් ජනපද නාවික හමුදාව විසින් මූලිකත්වය දරන බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය රිම් ඔෆ් ද පැසිෆික් (රිම්පාක්) අභ්‍යාස 2022 සඳහා ඉන්දියානු නාවික හමුදාව ද සහභාගී වේ. මෙම අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස් සත්පුර නාවික නෞකාව P8I සමුද්‍ර මුර සංචාර ගුවන් යානය ද සහිතව සඳුදා දින හවායි හි පර්ල් වරායට ළඟා විය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ සති …

Continue Reading

ඉන්දියාව සහ කියුබාව විදේශ කාර්යාල උපදේශනවලදී, ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරයි.

කියුබාවේ හවානා හිදී 2 වැනි විදේශ කාර්යාල උපදේශන වටය ඉන්දියාව සහ කියුබාව අතර පැවැත්විණ. මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය වූ ද්විපාර්ශික සම්බන්ධතා පුළුල් ලෙස සමාලෝචන කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව වෙළඳ සහ ආර්ථික සබඳතා සහ පුනර්ජනනීය බලශක්තිය, පාරම්පරික වෛද්‍ය විද්‍යාව සහ යෝග ඇතුළු සෞඛ්‍යය, ජෛව තාක්‍ෂණය, කෘෂිකර්මය, ක්‍රීඩා, සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ සහ තොරතුරු හා …

Continue Reading

සංවර්ධනය වෙමින් පවතින රටවල බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව අවදානමේ පවති:ඉන්දීය අගමැති මෝදි පවසයි.

බලශක්ති සහ ආහාර ධාන්‍යවල මිල ඉහළ යාම සියලුම රටවලට බලපාන බව අගමැති නරේන්ද්‍ර මෝදි සඳුදා පැවසීය.ඔහු මේ බව පැවසූයේ ‘ශක්තියෙන් එකට: ආහාර සුරක්ෂිතතාවය ආමන්ත්‍රණය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය දියුණු කිරීම යන මැයෙන් සැසියක් අමතමින්ය.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසූයේ වත්මන් භූ දේශපාලනික ආතතියේ බලපෑම යුරෝපයට පමණක් සීමා වී නොමැති බවයි. ඉන්දීය අගමැති මෝදිගේ තවත් එක් නිරීක්ෂණයක් …

Continue Reading

ඉන්දීය අගමැති මෝදි, යුරෝපා කොමිසමේ සභාපති සමගවෙළෙඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව සතුට පළ කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සඳුදා ජර්මනියේ පැවති ජී-7 සමුළුවට සමගාමීව හමුවිය. මෙම හමුවේ දී ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළඳ, ආයෝජන සහ භූගෝලීය දර්ශකයක් ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව ඔවුන් සතුට පළ කළහ. මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි පැවසූයේ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සමග …

Continue Reading

ඉන්දියාවේ නැගී එන පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා විශාල වෙළඳපොළක් ඇත: ජී-7 සමුළුවේදී ඉන්දීය අගමැති මෝදි පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජී-7 සමුළුව අමතමින් පැවසූයේ පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ මතුවෙමින් පවතින බවයි. ඔහු ජී-7 රටවලට ආරාධනා කළේ මෙම ක්ෂේත්‍රයේ පර්යේෂණ, නවෝත්පාදන සහ නිෂ්පාදන සඳහා ඉන්දියාවේ ආයෝජන ආරම්භ කරන ලෙසයි. ජී-7 සමුළුවේ ‘වඩා හොඳ අනාගතයක් සඳහා ආයෝජනය: දේශගුණය, බලශක්තිය, සෞඛ්‍යය’ යන සැසියේදී මෝදි පැවසූයේ ලෝකයටම දැරිය හැකි පිරිවැයකට මහා පරිමාණයෙන් තාක්ෂණය ලබා දීමට …

Continue Reading

ඉන්දියාවේ සාර්ථක කතාවේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කිරීම ගැන අගමැති මෝදි ඉන්දීය ඩයස්පෝරාවට ප්‍රශංසා කරයි

ඉන්දියානු ඩයස්පෝරාවේ දායකත්වය අගය කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ඔවුන් ජාතියේ සන්නාම තානාපතිවරුන් බවයි. ඔහු මේ බව පැවසූයේ ජර්මනියේ මියුනිච් හි අවුඩි ඩෝම් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී ඉන්දියානු ඩයස්පෝරාව අමතමින්ය. ඉන්දියාවේ සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති විවිධ මුලපිරීම් පිළිබඳව ඔහු විස්තර කළේය ඉන්දියාවේ සාර්ථකත්වය ලොවට ප්‍රදර්ශනය කිරීමට ඉන්දියානු ඩයස්පෝරාව දක්වන දායකත්වය පිළිබඳ …

Continue Reading