පුළුල් ජාතික සන්ධානයකින් තොරව ජයග්‍රහණය ලැබිය නොහැකියි – ජනපති සියල්ලන් ඉදිරියේ අවධාරනය කරයි
- RSL
- February 17, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Dinesh Gunawardane, Maithripala Sirisena, Opposition Leader Mahinda Rajapaksa, President Maithripala Sirisena
- 0 Comments
මෙම වසර ස්ථිර වශයෙන්ම නව ආණ්ඩුවක් ගොඩනගන වසරක් බවත්, පුළුල් ජාතික සන්ධානයකින් තොරව මෙම ජයග්‍රහණය ලැබිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අවධාරනය කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂය මෙහෙයවමින් සිටින්නේ එහි නායකත්වය විසින් නොවන අතර රටට හිතකර සහ රටට අවශ්‍ය නව ආණ්ඩුවක් මාතෘ භූමියේ හෙට දවසේ අවශ්‍යතාව බවත්, රටේ හෙට දවස වෙනුවෙන් නව වැඩපිළිවෙලකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගැනිම ප්රගතිශීලී මෙන්ම රටට ආදරය කරන සෑම දේශප්‍රේමියෙකුගේම වගකීම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ ද, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුථ එහි සාමාජික සාමාජිකවන් ද , බැසිල් රාජපක්ෂ, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුථ පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ද, විදෙස් තානාපතිවරුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

