කලකට පසු ශ්‍රී ලංකාව පරාජය පෙනි පෙනී ජය ගනී (වීඩියෝ)

Spread the love

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ පරාජය පෙනි පෙනී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ තියුණු ජයක් සමත් විය.

එහිදී ජයග්‍රාහි ලකුණු 304ක ඉලක්කය කඩුලු 9ක් දැවී වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

මෙහි විශේෂත්වය වුයේ අවසන් කඩුලු සඳහා කුසල් ජනිත් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු අතර ලකුණු 78ක නොදැවුණු වාර්තාගත සම්බන්ධතාවයයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කර කුසල් ජනිත පෙරේරා නොදැවී ලකුණූ 153ක් රැස්කිරීමට සමත් විය.

අද(16) දිනයේ තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණූ 83ක් රැස් කරගෙන සිටියේය.

ඒ අනුව සිව්වන කඩුල්ල සඳහා ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් ජනිත් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 58ක සබඳතාවයක් ගොඩනැගු අතර දිනයේ පළමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 37කට දැවී ගියේය.

කෙසේ වෙතත් 6 වන කඩුල්ල සඳහා පිටියේ එක් වු කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා ලකුණු 96ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් එක් කළද කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ ධනංජය සිල්වා ලකුණු 48කට දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම යළි බිඳ වැටුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 20ක් තුළදී දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වු අතර කුසල් ජනිත් ලකුණු 76ක් රැස් කර ගෙන සිටියදී පන්දුව අතේහි වැදී ආබාධයකට ලක් විය.

නමුත් ධෛර්්‍යයවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය වාර්තා කිරිමට අද සමත් වු අතර කුසල් වාර්තා අතරට එක් වුණේ සිව්වන ඉනිමකදී දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී ශතකයක් වාර්තා කළ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙසයි.

අවසන් කඩුල්ල සඳහා ලකුණූ 78ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගීමට කුසල් ජනිත් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු සමත් වු අතර කුසල් ජනිත්ගේ හුදකලා සටන අවසානයේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 6කට පසු ජයග්‍රහණයක් හිමි කර දීමට සමත් විය.

දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 235ක් රැස් කළ අතර ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වුණේ සියල්ලන් දැවී ලකුණු 191ක් පමණයි.

ලකුණු 44ක වාසියක් සමඟින් සිය දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 259ක් රැස් කර ගැනීමට සමත් විය.

RSL

Related Posts