පුරන් කුඹුරු හෙක්ටයාර් එක්ලක්ෂ අටසීයක් අස්වද්දා තිබෙනවා – මහින්ද යාපා

Spread the love

පුරන් කුඹුරු හෙක්ටයාර් එක් ලක්ෂ අටසියයක් මේ වන විට අස්වද්දවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මේ වනවිට සහල් මෙ.ටොන් 8000ක් අපනයනය කර තිබෙනවා. මෙයට හේතුව අපි ගොවියාට උපරිම සහන ලබාදීම, පොහොර සහනාධාර ලබාදීම යැයි ඇමතිතුමා පැවසීය.

කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට 2010 වසරේ රුපියල් මිලියන 380ක් වැය කර ඇත. අලුතින් ව්‍යාපෘති නිලධාරීන් 750ක් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් පහසුකම් සලසා තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කීරි සම්බා නම් සහල් නිෂ්පාදනය කළා. බී.ජී. 360 ලෙස එය හැඳින්වෙනවා. මෙම සහල් වර්ග අපනයනය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

කෘෂි ක්ෂේත්‍රයේ කටයුතු සඳහා පළාත් සභා සඳහා රුපියල් මිලියන 420ක් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ වනවිට රටේ වී නිෂ්පාදනය මෙ.ටොන් මිලියන 3.8ක්.

එමෙන් ම බඩඉරිඟු වගාව ලබන වසරේ දී ස්වයංපෝෂිත කිරීමට පියවර ගැනේ. වසර 2015 දී සහල් මෙ.ටොන් ලක්ෂ 2ක් අපනයනය කිරීමේ ඉලක්කයක් ද පවතින බව ද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා අද(7) පාර්ලිමේන්තුවේ 2012 අයවැය කාරක සභා අවස්ථාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව කරමින් එසේ පැවසී ය.

RSL

Related Posts