සාමාජීය ගැටළු වලට වත්මන් ආණ්ඩුවට විසඳුම් නෑ – ජවිපෙ

Spread the love

සමාජීය ගැටළු සඳහා වත්මන් ආණ්ඩුවට විසදුම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
නොවැම්බර් 29 වෙනිදාට යෙදී තිබූ පලස්තීන සහයෝගිතා‍ දිනය වෙනුවෙන් ඊයේ(06) කොළඹ පැවති උත්සවයට සහභාගි වෙමින් අදහස් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාය.

එදා පලස්තීනය අද ලිබියාව හෙ‍ට ? යන්න එහි තේමාව විය.

එහිදී ටිල්වින් සිල්වා මහතා පලකල අදහස් මෙසේය.

“අපේ රටේ ධනවාදය බරපතල අර්බූදයක තියෙන්නේ, මේ ධනපති ක්‍රමයට වර්තමාන ආණ්ඩුව පවත්වාගෙන යන ධනපති ක්‍රමයට අපේ සමාජයේ කිසිම ප්‍රශ්නයකට උත්තර නෑ කියලා දැන් ඇතිවෙන්න ඔප්පු කරලා තියෙනවා. දැන් මේ සැරේ අයවැය ගෙනත් තියෙනවා. අපි කවුරුත් දන්නවා. ජනතාව බලන් හිටියට අයවැය ලේඛනයෙන් තමන්ට මොකුත් ලැබෙයි කියලා ආණ්ඩුව බලාපොරොත්තු හැදුවා. හැබැයි අයවැය ඉදිරිපත් කළාට ඒකේ මොකක්වත් කාටවත් නැහැ. කම්කරුවන්ට වැටුප් වැඩි වෙලත් නැහැ. ගොවියන්ට සහන හම්බවෙලත් නැහැ. ධීවරයින්ට සහන හම්බ වෙලත් නැහැ. අධ්‍යාපනයට අවශ්‍ය මුදල් වෙන් වෙලත් නෑ. කාටවත් ලැබිච්ච දෙයක් නැහැ. ඒ වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් ටික බෙදා ගෙන තියෙනවා”

RSL

Related Posts