එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(07) රැස්වීමට නියමිතව ඇත.

පක්ෂ නායකත්වය සඳහා තරඟ වැදීමට කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් අද පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ.

එබැවින් කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් අද දිනයේ කෘත්‍යාධීකාරි මණ්ඩලයට කරුණු ඉදිරිපත් වනු ඇති බව සඳහන් වේ.

පක්ෂයේ සභාපති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකත්වයේ පත්කිරීම් හෝ අනෙකුත් තනතුරු පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සිදුනොවන බවයි.

ආණ්ඩු පක්ෂයට එක්වු මොහාන් ලාල් ගේ‍්‍රරු මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීම, පසුගියදා හයිඞ් පාර්ක් පිටියේ පැවති විරෝධතා උද්ඝෝෂණය පිළිබඳ සමාලෝචනය කිරීම හා 2012 අයවැය යන ප‍්‍රධාන කරුණු 03 පමණක් අද න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

RSL

Related Posts