වීරවංශගේ කුප්‍රකට බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි

Spread the love

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් අද අධිකරණයේදී පවසා ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතාය.

ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණි.

කූඨ ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ පාස්පෝට් සකස් කළ බවට ශෂී වීරවංස මහත්මියට චෝදනා එල්ල වී ඇත.

RSL

Related Posts