ගාමිණී සෙනරත්ව යළි මුදා හරී

Spread the love

පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දින අටක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස සිටි ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කර තිබේ.

සැකකරුවන්ට විදේශ ගමන්ද තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසද නියෝග කර ඇත.‍

එක් අයකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් බැගින් නියම කර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හෝටල් ව්‍යාපෘතියට 2012දී කැබිනට් අනුමැතියකින් වෙන්කළ රුපියල් බිලියන 18.5ක මුදලින් බිලියන 04ක මුදලක් නීති විරෝධී ලෙස හම්බන්තොට හයිට් රිජන්සි ව්‍යාපෘතියට යෙදවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.

ගාමිණී සෙනරත්ට අමතරව රක්ෂණ සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් ජනරාල් නීල් බණ්ඩාර හපුවින්න යන අයද මෙම රුපියල් බිලියන 04රේ මූල්‍ය අවභාවිතාවට සැකරුවන් ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ගාමිණී සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහිව ඇති චෝදනා පොදු දේපල පනත යටතේ අනාවරණය වී නොමැති බවත්, එකී තොරතුරු මඟින් සාපරාධී විශ්වාසය කැඩූ බවට ද අනාවරණය වී නොමැති බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කර තිබේ.

RSL

Related Posts