ගෝඨාභයගේ සහචරයෙකු වූ අබ්දුල් රාසික් අත් අඩංගුවට නොගන්නේ ඇයි..? CID යට පැමිණිල්ලක්

Spread the love

තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් බුද්ධි අංශ අයුතු ලෙස යොදාගනිමින් මෙරට අන්තවාදී සංවිධාන නිර්මාණය කළ රාජපක්ෂවරුන්ගේ එක් සංවිධානයක් වන ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය ලේකම් ලෙස පෙනී සිටි වර්තමානයේ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් යන පුද්ගලයාට විරුද්ධව පෙරේදා(09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල මගින් අපරාධ නීති සංග්‍රහයේ 353 සහ 357 යන වගන්ති යටතේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ [2/1/අ , 2/1/ඇ, සහ 2/1/ඌ] යන වගන්ති යටතේ වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වූ පැමිණිල්ල පහතින්…

ස්ථානාධිපති තුමා,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නැමැත්තාට එරෙහිව කරනු ලබන පැමිණිල්ලයි.

අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාළාවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල “මොහොම්මදු හස්තුන්” නැමැති පුද්ගලයාගේ බිරිද ලෙස හඳුනාගෙන ඇති “පුලස්තිනී මහෙන්ද්‍රන්” නොහොත් “සාරා” ගේ මව ලෙස සැලකෙන “කවීතා මහේන්ද්‍රන්” යන අය විසින් IBC ප්‍රවෘත්ති නාලිකාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්, කාලයක් ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය ලේකම් ලෙස පෙනී සිටි වර්තමානයේ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානය ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් යන පුද්ගලයා විසින් තම දියණිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටි බවට ප්‍රකාශයක් සිදු කර ඇත.(එම ප්‍රකාශය ඇතුළත් සංයුක්ත තැටියක් E1 ලෙස පැමිණිල්ල සමඟ ඉදිරිපත් කරමි)

“කවීතා මහේන්ද්‍රන්” යන අයගේ ප්‍රකාශයට අනුව “අබ්දුල් රාසික්” යන අය,

දැරියක්ව නීත්‍යානුකූල භාරකාරීත්වයේ නිසි අවසරයකින් තොරව පැහැරගෙන යාම හෝ පැහැරගෙන යාමට අනුබල දීම,

පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම හෝ රඳවා තබා ගැනීමට අනුබල දීම, යන කරුණු මත දණ්ඩ නීති සංග්‍රහයේ 353 වන වගන්තිය (පැහැරගෙන යෑම) සහ දණ්ඩ නීති සංග්‍රහයේ 357 වගන්තිය (ස්ත්‍රියක විවාහ කර ගැනීම ආදිය පිණිස ඇයව අපහරණය කිරීම හෝ පැහැරගෙන යෑම) යන වරදවල් සිදුකොට ඇත.

තවද අබ්දුර් රාසික් යන අය විසින්,

පුලස්තිනී මහෙන්ද්‍රන් නොහොත් සාරා යන තැනැත්තියව පැහැරගෙන ගොස් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොම්මදු හස්තුන් යන අයට ඇයව විවාහ කරදී ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ කරවීම හෝ සම්බන්ධ වීමට අනුබල දීම.

පුලස්තිනී මහෙන්ද්‍රන් නොහොත් සාරා යන හින්දු ජාතික තැනැත්තියව පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා මරාගෙන මැරෙන බෝම්බකාරියක් ලෙස පුහුණු කිරීම හෝ පුහුණු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන, බෝම්බ විශේෂඥයකු ලෙස සැලකෙන මොහොම්මදු හස්තුන් යන තැනැත්තා සමග සමීප සබඳතා පැවැත්වීම සහ ඔහුට අනුබල දීම.
යන කරුණු මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2/1/අ වගන්තියට අනුව, 2/1/ඇ වගන්තියට අනුව සහ 2/1/ඌ වගන්තියට අනුව වැරැදි සිදු කොට ඇත.

මෙම අබ්දුර් රාසික් යන පුද්ගලයා විසින් මීට ඉහතදී ජාතීන් අතර අසමගිය ඇතිවීමේ අන්තවාදී ප්‍රකාශ සිදු කොට ඇත. ඒ පිළිබඳ ඉදිරිපත්වූ පැමිණිලි මත දෙවතාවක් අත්අඩංගුවට පත්වූ මොහුට විරුද්ධව නඩු දෙකක් අලුත්කඩේ අංක 1 අධිකරණයේ විභාගවෙමින් පවතී. මොහු දැනටමත් සිටින්නේ අධිකරණය විසින් ලබාදුන් ඇප මතය.

මෙම කරුණු සලකා බලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අබ්දුර් රාසික් යන පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් සිදුකරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

ඊට අමතරව මෙම පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරිය වන කවීතා මහේන්ද්‍රන් යන අයගේ ආරක්ෂාව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 3/1 වගන්තියට අනුව තහවුරු කිරීමට කටයුතු කරණ මෙන් ඉල්ලා සිටිමි.

E1 ලෙස “කවීතා මහේන්ද්‍රන්” යන අයගේ ප්‍රකාශය ඇතුලත් CD තැටියක් ඉදිරිපත් කරමි.

E2 ලෙස “කවීතා මහේන්ද්‍රන්” යන අයගේ ප්‍රකාශයේ පරිවර්තනයක් ඉදිරිපත් කරමි.

තෙරුවන් සරණයි,
මාගල්කන්දේ සුදත්ත හිමි.

මෙලෙස අබ්දුල් රාසික් නැමැත්තා විසින් පුලස්තිනී මහෙන්ද්‍රන් ව අවුරුදු 16 දී බළහත්කාරගෙන් පැහැරගෙන යන්නේ 2013 වසරේදී වන අතර මේ සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලිසියට පැමිණිල්ලක් සිදුකළද එය නිසි ලෙස විභාග නොවේ. එවක රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ වන අතර ඔහු තම සභචරයින් අපරාධවලින් මුදාගැනීමට ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නොවේ.

RSL

Related Posts