කාන්තා රෝහල් ළඟ නොමිලේ කෑමදෙන සංවිධාන ගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬ ඇයි..?

Spread the love

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල්වල සායන වලට එන බෞද්ධ කාන්තාවන්ට ටිකට්‌ එකක්‌ දීලා නොමිලේ බුෆේ කෑම කන්න දෙන සංවිධානය ගැන රජයට දැනුම් දුන්නත් රජයේ අවධානයක්‌ නැහැ. මොවුන් මේ ආකාරයෙන් වසර කීපයක ඉඳලා ආහාර දෙනවා. මොවුන්ගේ මෙම උනන්දුව ගැන රජය සොයා බැලිය යුතුයි. ඒ වගේම මේ ස්‌ථාන වල ආහාර සකස්‌ කරන ආකාරය ගැන පරීක්‍ෂාවට ලක්‌කල යුතුයි…” යෑයි සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය.

එසේම මෙම නොමිලේ ලබාදෙන ආහාර සහ වෑංජන සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පරීක්‍ෂාවට ලක්‌කළ යුතු යෑයි ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.

“දැන් මේ නොමිලේ ආහාර ලබාදෙන ආහාර ශරීර සෞඛ්‍යයට හොඳද? මේවායින් ශරීරයට හානියක්‌ නැද්ද? යන්න රජයේ බලධාරීන් කිසිම ප්‍රකාශයක්‌ කරන්නේ නැහැ. මේක ජාතිවාදය අවුස්‌සන දෙයක්‌ නොවෙයි. මේක ශරීර සෞඛ්‍ය ගැන තිබෙන ප්‍රශ්නයක්‌. දැන් කොළඹ ජාතික රෝහලට, කළුබෝවිල, කාසල්, සොයිසා කියන රෝහල් වල සායන වලට දුරබැහැරින් එන රෝගීන්ට මේ සංවිධානයේ අය ගිහින් ටිකට්‌ එකක්‌ දීලා දවල්ට කෑම කාලා යන්න එන්න කියනවා. ඉතිං අපේ තරුණියන්, කාන්තාවන් ඒ තැන්වලට ගිහින් කෑමකනවා. ඒ කෑම දෙන ස්‌ථානයේ ගහලා තියෙනවා කෑම පිටතට රැගෙන යාම තහනම් කියලා. එතැන කුකුල් මස්‌, හරස්‌ මස්‌ මාළු, එළවළු යනාදිය තියෙනවා. මේවායේ තත්ත්වයන් පිළිබඳව සොයා බලන්න කොන්දක්‌ ඇති පී. එච්. අයි. මහත්වරුන් යොදවන්න. එහෙටයි මෙහෙටයි වැනෙන අය අපිට එපා. කෙලින් තීරණ ගන්න පුළුවන් අය පත්කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.

RSL

Related Posts