සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නැහැ.. දේපල වෙන්දේසිය වසරකට අත්හිටුවා පමණයි..ඇමති බන්දුල කියයි; එසේනම් ජනතාව ගොනාට අන්දවන්නේ කවුරුන්ද..?

Spread the love

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුවන්නේ යැයි පැතිර යන කතා බොරු බවත් එවැන්නක් සිදුනොවන බවත් මිලියන 300ට වඩා අඩු ණය ගෙවීමට නොහැකි වීම නිසා බැංකු විසින් වෙන්දේසී කිරීමට නියමිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසි කිරිම පමණක් වර්ෂයක කාලයක් සඳහා අත්හිටුවීමට පමණක් රජය තීරණයක් ගෙන ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී ඊයේ (23) අනාවරණය කර සිටියේ ය.

යම් හෙයකින් ණය කපා හැරීම සිදුවුවහොත් රටේ බැංකු ක්‍රමය හා මූල්‍ය ක්‍රමයට දැඩි බලපෑමක් ඇතිවෙනු ඇති බවත් එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

නව රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව ලබන වසරේදී ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කරන බවත් ඒ අනුව දැනට ගැටලුවකට පත්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද ලබන වසරේදී පිබිදීමක් ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් පසුගිය 22වනදා කුඩා මෝල් හිමියන් කිහිපදෙනෙකු ප්‍රකාශ කර සිටියේ නව රජය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම ණය කපාහැරීමට කටයුතු කර ඇති බැවින් තමන්ට ගැසට් කළ මිලට අලෙවි කිරිමට හැකිවන පරිදි හාල් ලබාදීමට හැකි බවයි. කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරන පරිදි එලෙස ණය කපාහැරීමක් කිසිසේත් දුවන්නේ නැත.

එසේනම් අපට ඇසීමට ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ රුපියල් මිලියන 300කට අඩු ණය කපා හැරීමට නියෝග කළ බව පවසමින් පුළුල් මාධ්‍ය ප්‍රචාරණයන් ලබාදෙමින් අසරණ වූ ව්‍යාපාරිකයින් සහ ජනතාව තව තවත් ගොනාට අන්දවන්නේ කවුරුන්ද යන්නයි.

RSL

Related Posts