මම හොරෙක්, මංකොල්ල කාරයෙක් නොවෙයි – වසන්ත මොරගොඩ පිළිතුරු දෙමින් කියයි

Spread the love

කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා” යන ශීර්ෂයෙන් ඊයේ අප පලකළ ලිපිය සම්බන්ධයෙන් “රීඩ් ශ්‍රී ලංකා” අමතා අප වෙත අදහස් දැක්වූ අතර වසන්ත මොරගොඩ කියා සිටියේ, මෙම ලිපියේ අඩංගු කරුණු මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත බවයි.

අප එතුමාගේ ප්‍රකාශය සදාචාරත්මක මාධ්‍යයක් ලෙස “පිළිතුරු දීමේ අයිතිය” යටතේ පළකර සිටිමු.

එසේම තමා “කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා” යන ශීර්ෂයෙන් දැක්වූ ප්‍රවෘත්තියේ සඳහන් පරිදි තමන් එලෙස මුදල් ලබා නොගත් බවත්, එම ආයතනයේ දේපල කොල්ල නොකෑ බවත් සඳහන් කර සිටියේය.

තමා භාරගත්තේ පාඩු ලබන රූපවාහිනී නාලිකාවක් බවත් එය තමාට හැකි අයුරු දියුණු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. එසේම තමා මෙම ආයතනයෙන් මාසික වේතනයක් ලබා නොගත් බවද ඔහු පැවසීය.

එසේම වැඩසටහන් සඳහා අවශ්‍ය වන පසුතළ සහ විවිධ උපකරණද තමා විසින් ගෙදරින් ගෙනැවිත් දැමු බවද වසන්ත මොරගොඩ පවසයි.

වසන්ත මොරගොඩ සඳහන් කළ මෙම කරුණු සම්බන්ධයෙන් “රීඩ් ශ්‍රී ලංකා” සටහන.

වසන්ත මොරගොඩ මෙම “සියපත” ආයතනයට රිංගාගත් ආකාරයත්, එලෙස රිංගා ගැනීමේදී එම ආයතනයේ ප්‍රධාන හිමිනමක් සමඟ පැවසූ පම්පෝරි කතා පමණක් නොව මෙම තනතුර ලබාගැනීම වෙනුවෙන් එම ආයතනයේ පාලන අධිකාරියට ඔහු විසින් ඇති කළ අනේකවිධ බලාපොරොත්තු ටොන් ගණනින් අපට ඉදිරිපත් කළ හැක.

එපමණක් නොව මේ වෙනුවෙන් වසන්ත මොරගොඩ අත්සන් තබන ලද ගිවිසුම්ද වේ.

එතෙක් “සියපත” නාලිකාව කරගෙන ගිය අයවලුන්ට ආයතනය තහනම් ප්‍රදේශයක් කිරීමට නියෝග දෙමින් තමගේ කල්ලියක් සමඟ ආයතනයේ සම්පත් මැතිවරණයට දින දෙකකට පෙර සුද්ද කර දැමූ ආකාරයත් අවශ්‍යනම් අපට සාක්ෂි සහිතව ගෙන හැර දැක්විය හැක.

වසන්ත මොරගොඩ ඔබ යම් හෝ ගෞරවයක් ලබා ඇත්නම් එය තම ක්‍රියාවෙන් හා චර්යාධර්ම තුලින් ආරක්ෂා කර ගැනීම ඔබ සතු වගකීමයි. මිනිසුන්ට වංචා කරන උන්ට, පොලු තබන උන්ට අප මාධ්‍ය සැහැසියැ’යි අපද පිළිගන්නෙමු. ඒ අප පුද්ගලයින් හෝ කණ්ඩායම් වල අවශ්‍යතා මත හෝ මුදල් මත යැපෙන මාධ්‍යයක් නොව ජනතාව වෙනුවෙන් ස්වාධීනව, නොබියව කටයුතු කරන මාධ්‍යයක් වන නිසාවෙනි.

වසන්ත මොරගොඩ “සියපත” රූපවාහිනී ආයතනයටත්, දේපලවලට සහ එහි බලධාරීන්ට සිදුකළ කුප්‍රකට ක්‍රියාවන්ගේ තරම මෙම ලිපියට අදාළව අපට ලැබී තිබෙන මෙම ප්‍රතිචාරයෙන් මනාව අවබෝධ කරගත හැක.

ආශ්‍රිත පුවත්: කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා

RSL

Related Posts