විමල්ට මුවා වී ආශූ මාරසිංහ වාහන දුන් හැටි..

Spread the love

විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී එලෙස අවභාවිත කර ඇතැයි කියන වාහන රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව වෙත කුලී පදනම මත ලබාගැනීමේදී එවකට එහි සභාපතිවරුන් ලෙස කටයුතු කළ වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා හා ඔහුගෙන් පසු පත්වූ සභාපතිවරයා එම වාහන 40 ලබාගෙන ඇත්තේ විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් දැයි විමර්ශනය කර අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.

මූල්‍ය විමර්ශන නිලධාරීන්: ආශු මාරසිංහ මහතා සභාපති ධුරයේ දැරූ සමයේ වාහන 11 ක්‌ ලබාදී තිබෙනවා. ඉන් පහක්‌ හිටපු අමාත්‍යවරයාගේ කාර්ය මණ්‌ඩලයේ වාහන භාවිත කිරීමේ අවසරය හිමි නිලධාරීන්ට ලබාදී තිබෙන බව මේ දක්‌වා සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අධිකරණය: ඒවා ලබාදී තිබෙන්නේ නිසි ක්‍රමවේදය අනුගමනය කරලාද?

විමර්ශන නිලධාරීන්: යම් වාහනයක්‌ ලබාදෙන ලෙස ඉල්ලුම් කළ විට අංක 22/99 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව එම ඉල්ලීම අමාත්‍යාංශ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය වෙත පත්‍රිකාවක්‌ මගින් යොමු කළ යුතුයි. ඊට පසුව අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා භාණ්‌ඩාගාර ලේකම්වරයාගේත් විශේෂ අනුමැතිය ලබාගත යුතුයි. මැතිනියනි එම වාහන තුන ලබාදීමේදී එම ක්‍රමවේදය අනුගමනය කර නැත. නිsයෝජ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් වාහන තුන නිසි සංවර්ධන කටයුතු වෙනුවෙන් භාවිත කළ බව හෙළි වී තිබෙනවා. එබැවින් නිසි ක්‍රමවේදය අනුගමනය නොකර වාහන ලබාදීමේ වගකීම එම වාහන ලබාදුන් නිලධාරියා දැරිය යුතු බවයි අමාත්‍යාංශ අධ්‍යක්‍ෂවරිය ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව හෙළි වන්නේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවට කුලී පදනම මත ලබාගත් වාහන 40 ක්‌ සිය පවුලේ සමීප ඥතීන්ට හා ජාතික නිදහස්‌ පෙරමුණේ ක්‍රියාකාරීන්ට ලබාදී රජයට රුපියල් කෝටි නවයකට අධික පාඩුවක්‌ සිදු කිරීමේ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 20 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (07 දා) නියෝග කළාය.

එම නඩුවේ දෙවැනි සැකකරු වන රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකු හැන්නදිගේ මහතා සම්බන්ධයෙන් කර ඇති ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට නිකුත් කරන බව පෙන්වා දෙමින් මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

RSL

Related Posts