සියලු වාර්තා බිඳහෙළමින් රාජ්‍ය සේවකයින් සඳහා ඉතිහාසයේ මෙතෙක් කිසිඳු රජයක් සිදුනොකළ 107%ක අතිදැවැන්තම වැටුප් වැඩිකිරීම යහපාලන රජයෙන්..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි කෙරේ.  එම අගය අමුණා ඇති වගුවල 1:4:5 අනුපාතයට අනුව වැටුප් ගැලපූ විට යෝජිත ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත. …

Continue Reading

නෑ..නෑ.. අගමැතිතුමා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ, ගැටුම් නෑ, තවදුරටත් පෙරුම් පුරාගෙන යනවා; සාකච්ඡා ධනාත්මකයි.. සජිත්ම මාධ්‍යයට කියයි

අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිඳු ප්‍රශ්නයක් හෝ ගැටුමක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව නොමැති බවටත්, බුදුන් බුදුවීම සඳහා පෙරුම් පුරාගෙන ගියාක් මෙන් තමාද තවදුරටත් ඉවසීමෙන් පෙරුම් පුරාගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය …

Continue Reading

තිලංගගෙන් එජාපයට අභියෝගයක්..! (වීඩියෝ)

සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හමුදාපතිධුරය සඳහා පත්කළ ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවලින් එල්ල වන බලපෑම හෙළා දැක එක්සත් ජාතික පක්ෂයට සහ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයින්ට හැකිනම් ඊට එරෙහිව ප්‍රකාශයක් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අභියෝග කර සිටියේය. ඇමරිකාවට වහිද්දී ලංකාවේ සිට කුඩ ඉහලන එක්සත් ජාතික …

Continue Reading

සජිත් කල්ලියට අත තැබීමට ප්‍රථම රතන හිමි සහ විජේදාසට එරෙහි විනය පරීක්ෂණ ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයේ නිරත සජිත් කල්ලියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථමයෙන් විනය කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි විනය පරීක්ෂණ අද(30) ආරම්භ වෙයි. පූජ්‍ය අතුරළියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වු අතර විජේදාස රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකර …

Continue Reading

ප්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි ජනපති කළ යුතුයි.. තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා අපි ඉදිරිපත් කරනවා

“2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුලදී වැටුප් වැඩිකළා, මහපොල වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප්‍රතිලාභ ලබා දුන්නා. රටක් දුප්පත්කම නැති කරන්න අවශ්‍යනම්, දුප්පත්කමට දෙන ආධාර වැඩිකරලා වැඩක් නැහැ. ඒ සඳහා ජනතාවගේ අධ්‍යාපනය දියුණු කරලා, ඔවුන්ට ස්වශක්තියෙන් නැගීසිටීමේ අවස්ථාව සලසා දියයුතුයි’ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික …

Continue Reading

ජනපති, අගමැති එකඟත්වයෙන් හෝමාගම ප්‍රධාන සංවිධායකධුරය සහ සංවර්ධන කමිටු සභාපතිධුරය නීතිඥ එරන්ද වැලිඅංගේට..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ එකඟත්වයෙන් සහ අනුමැතියෙන් හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබේ. නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මේ වනවිට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරද හොබවමින් මෙතෙක් කාලයක් පුරාවටම අඩුපාඩුවක්ව පැවති ස්වේච්ඡා සේවයේ නියුතු තරුණ, තරුණියන් සඳහා ශ්‍රීලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය මේ වනවිට …

Continue Reading

එජාපය පෙරටුකරගත් පොදු සන්ධානය ගොඩනඟන්න සියල්ලෝ එක්වෙති; සන්ධානය ගොඩනඟන දිනයේදීම අපේක්ෂකයා නම් කරයි; සජිත් සද්ද නැතිව එකඟවෙයි

එක්සත් ජාතික පක්ෂය පෙරටු කරගත් “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ” ගොඩනඟමින් අනෙකුත් පක්ෂ සන්ධාගත කරගැනීමට අදාළව එජාපයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු ප්‍රධානීන් පිරිසක් අද(17) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඔ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක නිරත විය. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් අකිල විරාජ් කරියවසම්, මංගල සමරවීර, කබීර් හෂීම්, නවීන් දිසානායක, රාජිත සේනාරත්න, …

Continue Reading

එජාප සන්ධානය සමඟ සන්ධාන ගතවන්න තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් එක්වෙයි

එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වීම සඳහා මින් පෙර එජාපය සමඟ සන්ධාන ගත නොවූ තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් මේ වන විට එක්වෙමින් පවතින බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මීට පෙර එක්සත් ජාතික පක්ෂය සමඟ මීට ලඟ ජනාධිපතිවරණය සඳහා සන්ධාන ගත වීමට අදාළව මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ 12ක් සහ සිවිල් සංවිධාන 27ක් එකඟතාව …

Continue Reading

අගෝ 05දා නව සන්ධානයට සියල්ල සූදානම්! ජනාධිපති අපේක්ෂකයා එජාප පාක්ෂිකයෙක්

“අගෝස්තු 05 දා අපි සුගතදාස ක්‍රීඩාංගනයේදි නව සන්ධානය එළි දක්වනවා. ඉතාමත් චාම්, සරල  අන්දමින් මෙය සිදුකරන්න අපි තීරණය කර තිබෙනවා. එදිනට ආගමික නායකයින් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන හිතවත් පිරිසක් මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න සූදානම්. ඊට ප්‍රථමයෙන් අපි සන්ධානගත වෙලා අවශ්‍ය කරුණු සූදානම් …

Continue Reading

ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වන්න රහස් සාකච්ඡාවක්..!

“එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එකමුතු වෙලා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් ඇති කරනවා. එහිදී අපි නිවැරදි වේලාවට නිවැරදි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. ඒ පුද්ගලයා කව්රු වුණත්, අඬඅඬා ඉන්න කෙනෙක් නෙමෙයි, රට දියුණු කරන්න. දිනන්න පුළුවන් පුද්ගලයෙක්. යම් අය වැරදි ප්‍රකාශ කරනවා. ඒවා අද්භූත ප්‍රකාශ පමණයි. එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය, සහෝදරත්ව නැතිකරන්න හදන අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග …

Continue Reading