අගෝ 05දා නව සන්ධානයට සියල්ල සූදානම්! ජනාධිපති අපේක්ෂකයා එජාප පාක්ෂිකයෙක්

Spread the love

“අගෝස්තු 05 දා අපි සුගතදාස ක්‍රීඩාංගනයේදි නව සන්ධානය එළි දක්වනවා. ඉතාමත් චාම්, සරල  අන්දමින් මෙය සිදුකරන්න අපි තීරණය කර තිබෙනවා. එදිනට ආගමික නායකයින් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන හිතවත් පිරිසක් මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න සූදානම්. ඊට ප්‍රථමයෙන් අපි සන්ධානගත වෙලා අවශ්‍ය කරුණු සූදානම් කරගෙන සිටිනවා.  මැච් එක ගහන්න පුළුවන් වෙන්නේ ග්‍රවුන්ඩ් එක හැදුවට පස්සේනේ. තරගකරුවන් හිටියට ග්‍රවුන්ඩ් එකක් නැත්නම් සෙල්ලම් කරන්න බැහැනේ ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබදව සහ පක්ෂයේ තවත් විහේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

කෘත්‍යාධිකාරි මණ්ඩලය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළීතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා,

“ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අප තීන්දු කළේ එ.ජා.ප. යේ පෙරමුණක් හදන එක ගැන. පුළුල් සන්ධානයක් ඇති කිරීම තමයි අවශ්‍ය වන්නේ. එකට හිතන්න පුළුවන් ජනතාව ඒකරාශී කරලා, ඒ ඒකරාශී කිරීම තුළින් එ.ජා.ප. යේ  අනන්‍යතාවය ඇති කරගෙන, පෙරමුණක් ඇති කරගෙන,  එම පෙරමුණට එක් වෙන සියලු දෙනාගේම අනන්‍යතාවය රැකගෙන  ක්‍රියාකිරීම තමයි අපි අදහස් කරන්නේ.

පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවධ අදහස් යොමුවුණා. ඒ අදහස් වලට යම් සංශෝධන ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයක් තිබෙනවා. ඒ මණ්ඩලය එකතුවී කටයුතු කිරීමක් තමයි තිබෙන්නේ. ඒක එදා ඉදන් තිබූ දෙයක්. නායකත්ව මණ්ඩලයට අළුතින් නම් යෝජනා වියයුතු නැහැ. එ.ජා.ප.යේ වැඩකටයුතු වලට කාටවත් ඇගිලි ගහන්න බැහැ. බහුතරය තිබෙන්නේ අපේ අතේ. අනිත් අයටත් සැලකිල්ලක් ලබාදිය යුතුයි. සන්ධානයක් හදන්නේ සියලු දෙනාගේම ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමටයි. නායකතුමාගේ නම  හැරෙන්නට වෙනත් තනතුරු වලට නම් යෝජනා වීමක් මෙහිදී  සිදුවුනේ නැහැ. ඒක එක්සත් ජාතික පක්ෂය විසින් ගන්නා තිරණයක් “යැයි පැවසීය.

සංධානයේ මහලේකම් තනතුර, ව්‍යවස්ථාව සහ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් අමාත්‍යවරයා…..,

“සන්ධාන මහලේකම් තනතුර වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නමක් යෝජනා වුණේ නැහැ. ඹහු, ඹහු ගැනම කතා කරගත්තා. නමුත් මේක තමන් තමන් ගැනම කතා කරන යුගයක් නෙමෙයි. එතුමා මේ දිනවල සෑම දේකටම කැමතියිනේ. නව ව්‍යවස්ථාවට හත්අට දෙනෙක් විරුද්ධ වුණා. නමුත් ව්‍යවස්ථාව සම්මත වෙන්න බහුතරයක් තිබුණා. හැම පවුලකම කලු බැටළුවෝ ඉන්නවනේ. ඒ වගේ සන්ධානගත වෙන්න අකමැති පිරිසක් ඒ අවස්ථාවේ විරුද්ධ වුණා. ව්‍යවස්ථාවට ඉදිරිපත්වූ සංශෝධන සිදුකරමින් ඉදිරිපිට වැඩකටයුතු කරගෙන යන්න තීන්දු කළා. ඒක ඒ තරම් ගැටළුවක් නොවෙයි.

අද ලෝකයේම තිබෙන සංකල්පයක් තමයි සන්ධානගත වීම. මේ තරම් දැවැන්ත පාලනයක් ගෙන ගියා කියන මහින්ද රාජප්කෂ මහතාත් සන්ධානගත වුණා. මේක  ලෝකයේ හැම රටේම මේ වනවිට ක්‍රියාත්මක වන සංකල්පයක්. මේ සිංහල බෞද්ධ රටේ සියලු පක්ෂ එකමුතු වෙලා, අන්තවාදය පසෙක දාලා, සියලු දෙනාටම ගරුත්වයක් දීලා කටයුතු කරන්න, විශ්වාසය රකින්න පුළුවන්, අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් තිබෙන පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා වියයුතුයි. එක්සත් ජාතික සන්ධානයේ සියලු දෙනාගේම අදහස් විමසලා තමයි ඒ තීන්දුව ගන්නේ. එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා, එක්සත් ජාතික පාක්ෂිකයෙක්.  අපි  කටයුතු කරන්නේ පක්ෂය දිනවලා, ඒ තුළින් ජනතාව ජයග්‍රහණය කරවන්නයි. අපි ඕනම තනතුරකට සුදුසුයි.  නමුත් අපි අපේ තත්ත්වය තේරුම් අරන් කටයුතු කරනවා.  හැකියාව තිබුණා කියලා අපි තනතුරු ඉල්ලා සිටින්නේ නැහැ. අපි කටයුතු කරන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුව “යැයි පැවසීය.

RSL

Related Posts