ප්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි ජනපති කළ යුතුයි.. තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා අපි ඉදිරිපත් කරනවා

Spread the love

“2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුලදී වැටුප් වැඩිකළා, මහපොල වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප්‍රතිලාභ ලබා දුන්නා. රටක් දුප්පත්කම නැති කරන්න අවශ්‍යනම්, දුප්පත්කමට දෙන ආධාර වැඩිකරලා වැඩක් නැහැ. ඒ සඳහා ජනතාවගේ අධ්‍යාපනය දියුණු කරලා, ඔවුන්ට ස්වශක්තියෙන් නැගීසිටීමේ අවස්ථාව සලසා දියයුතුයි’ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (18) පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති තරුණ දේශපාලන ක්‍රියාකාරී හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..,

ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගනිමින්, අද වනවිට වසර 25 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන් වශයෙන් මම රටට ජනතාවට සේවයක් කරලා තිබෙනවා. දේශපාලන ගමන්මග කෝට්ටෙන් ආරම්භ කරලා උතුරු කොළඹින් ජයග්‍රහණය කරලා එක්සත් ජාතික පක්ෂයේ උප නායක වශයෙන් මේ ආකාරයෙන් මම කටයුතු කරන්නේ ජනතා විශ්වාසය නිසයි. , වසර 36 ක් පුරාවට එක්සත් ජාතික පක්ෂයට සේවයක් කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.

ජනාධිපතිවරණය ගැන කතා කරද්දි අද අපි නොයෙක් විකට කතා අහනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ ගනණාවකින් නියෝජිතයන් ඉදිරිපත් වෙනවා. ජනතාව මෙහිදි නිවැරදිව සිතා කටයුතු කළ යුතුයි. ප්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි පත්කල යුතුයි. ඒ වගේම තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා ඉදිරිපත් කළ යුතුයි. ඒඅනුව රටක් ඒකරාශී කරලා, රටේ සෑම ක්ෂ්ත්‍රයක් තුළින්ම වඩාත් ඡන්ද ලබාගන්න පුළුවන්, වඩාත්ම ජනතාවට ළංවෙන්න හැකියාවක් ඇති පුද්ගලයෙක් තමයි ජනාධිපති අපේක්ෂකයා කල යුත්තේ. ඒ නිසා මම අරයාගේ පුතා, මම ආර්ථිකය ගොඩනැගුවා, මම යුද්ධය ජයගත්තා කියන අය නෙවෙයි පත්කල යුත්තේ. අපි මේ අවස්ථාවේ සලකාබැලිය යුත්තේ, රටේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ගොඩනැගිය හැකි, රටේ තරුණයා මුල්කොටගත් සමාජයක් බිහිකළ හැකි ඒ වගේම රට ජාත්‍යන්තරයට ගෙනයාහැකි පුද්ගලයෙක් තමයි එක්සත් ජාතික පකෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නේ

වසර 71ක නිදහසක් ඇති රටක් එ.ජා.ප.යේ මහ ගෙදර වන සිරිකොත රටට ඉමහත් සේවයක් ඉටුකරලා තිබෙනවා. වෙනස්කම් වන එක තමයි රටට යහපත් වන්නේ. ඒ වෙනස්කම් සමඟින්ම පක්ෂයත්, රටත් ඒවගේම ජනතාවත් වෙනස් කරමින් ඉදිරියට ගෙනයාම තමයි පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ දක්ෂතාවය.

අද රටේ දැවෙන ප්‍රශ්න තමයි ජාතික ආරක්ෂාව, රටේ ජාතික ආර්ථිකය සහ තරුණයා මුල්කරගත් ගැටළු. ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටම මහත් ගැටළු මතුවී තිබෙනවා. ජාතීන් කිහිපයක් ජීවත්වන රටක. සෑම දෙනාටම මේ මගේ රට කියලා, නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් ඇතිකළ යුතුයි. යම් යම් පුද්ගලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කතා කලාට, සුරංගනා කතා කිව්වට, රටේ සාමාන්‍ය ජනතාවගේ හදවතට දැනෙන ආකාරයට කතා කරන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි ප්‍රධාන ගැටළුව. එක පිස්සෙක් ඇති රටේ සමගිය සහජීවනය නැති කරලා දාන්න. මෑතකදී අපේ රටේ ඇතිවුණේ ඒ වගේ තත්ත්වයක් තමයි.

අපේ ආර්ථිකය ගැන බලද්දි, සුද්දන්ගෙන් නිදහස ලබාගත්තට පස්සේ ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගිහින් තිබෙනවාද. නැහැ නේද. අපි බෝඩ් ලෑලි අල්ලගෙන, පාරවල් දිගේ ඇවිදින කොට, අනෙක් රටවල් තමන්ගේ රටේ ජනතාව මුල්කරගෙන, ආර්ථිකය නගාසිටවන්න කටයුතු කරනවා. අපි හැදෙන්නේ නැහැ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නේ නැහැ කවදාවත්ම. ඒක තමයි අපි කළ යුත්තේ.

අද තරුණ තරුණියෝ ඇවිත් කියන්නේ අපිට රජයේ රැකියා ලබා දෙන්න කියලා. මේ වනවිට රජයේ සේවකයින් ලක්ෂ 15 ක් පමණ සිටිනවා. නමුත් රට ඉදිරිපට ගෙනියන්න රජයේ සේවකයින් ලක්ෂ 5 ක් 6ක් වැනි ප්‍රමාණයක් ප්‍රමාණවත්. මේ අනුව රටේ ආදායමින් 75% ක් යන්නේ රජයේ සේවයේ වැටුප් වලට. ඉදිරි 25% විශ්‍රාම වැටුප් ගෙව්වම. කොහොමද රටේ සංවර්ධනයක් කරන්නේ යැයි පැවසීය.

RSL

Related Posts