සියලු වාර්තා බිඳහෙළමින් රාජ්‍ය සේවකයින් සඳහා ඉතිහාසයේ මෙතෙක් කිසිඳු රජයක් සිදුනොකළ 107%ක අතිදැවැන්තම වැටුප් වැඩිකිරීම යහපාලන රජයෙන්..!

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි කෙරේ. 

එම අගය අමුණා ඇති වගුවල 1:4:5 අනුපාතයට අනුව වැටුප් ගැලපූ විට යෝජිත ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත.

උදාහරණ ලෙස මෙම නව වැටුප් වැඩි කිරීම අනුව විධායක ශේණියේ නිලධාරියකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587කින් ද, අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 23,975කින් ද වැඩි වේ. 

රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 3,000කින් වැඩිවන අතර කළමනාකරණ සහකාරවරයකුගේ වැටුප රුපියල් 4,320කින් ද, සංවර්ධන නිලධාරියකුගේ වැටුප 5,040කින් ද, වැඩි වේ. 

මෙම සියලු වැඩි කිරීම් සිදු කර ඇත්තේ එම නිලධාරීන්ගේ වැටුප 2020 ජනවාරි වන විට 2015 ආරම්භක වැටුපට සාපේක්ෂව 107% ප්‍රතිශතයකින් වැඩ කර තිබීමට අමතරවයි. 

කෙසේ වෙතත් ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද පඩි වැඩිවීමේ 50% ප්‍රතිශතය 2020  ජනවාරි සිට ගෙවන අතර ඉතිරිය 2021 ජනවාරි සිට ගෙවනු ලැබේ. 

එම සෑම වගුවකම 2020.01.01 දිනට ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත්තේ සේවකයාගේ 2015 ආරම්භක වැටුපට සාපේක්ෂකව 2020 ආරම්භක වැටුප 107%කින් වැඩි කිරීමෙන් පසුව පිහිටුවන ලද මාසික වැටුපේ අගයයි.

ඊට අමතරව 2015 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේ දී රජයේ විවිධ ක්ෂේත්‍රයන් සඳහා ගෙවනු ලබන වගුවක් ද පිටු අංක 05 වශයෙන් අමුණා ඇත.

RSL

Related Posts