කිංස්බරි බෝම්බකරු 2014 සිට තව්හිද් ජමාත් සමග සක්‍රීයව කටයුතු කරලා
කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නමැත්තා 2014 වසරේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සක‍්‍රිය සබඳතා පවත්වා ඇති අයකු බවට හා ඔහු නුවරඑළිය ප‍්‍රදේශයේ පිහිටි රහසිගත කඳවුරකින් යුද පුහුණුව ලබා ඇති අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතාට දැනුම් දුන්නේය. …
Continue Reading
තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් මව්වරුන්ගෙන් පැමිණිලි; දින දෙකට පැමිණිලි 200 ඉක්මවයි
වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින් අදත් මව්වරුන් 80 දෙනෙකු පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පමණක් ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යාකරණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් රැසක් …
Continue Reading
මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන්ගේ DNA ඥාතීන් සමඟ සැසඳෙයි; රජයේ රස පරීක්ෂක තහවුරු කරයි
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් සියලූ දෙනාගේ ඞීඑන්ඒ සාම්පල ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ගේ ඞීඑන්ඒ සාම්පල සමග සැසෙදන බව රජයේ රස පරීක්‍ෂකවරයා විසින් තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ දෙකක් ගෙන ආ අතර, එයින් එක් පිපිරීමක් සිදු කරන ලද මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් හා …
Continue Reading
තව්හිද් ජමාත් ත‍්‍රස්තයින්ගේ වත්කම් බිලියන 7.5ක් රාජසන්තක වෙයි!
තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි. එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ 1400 කට අධික මුදලක් සහ කෝටි ගණන් වටිනා රන් ආභරණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන තිබේ. එම දේපළ …
Continue Reading