ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කරන්නැයි රිට් පෙත්සමක්; ඉදිරි පැය 24 තීරණාත්මක වන ලකුණු!
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇති බව වාර්තා වේ. පෙත්සම්කරු කියාසිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් …
Continue Reading
ETI තැන්පත්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට
ETIමූල්‍ය සමාගම සහ අධ්‍යක්ෂවරු සතු දේපළ සහ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇත. ඊ.ටී.අයි මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කෙළ්ය. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා සහ එහිමුදල් මණ්ඩලයේ සාමාජිකයින්, ඊ.ටී.අයි මූල්‍ය සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය,පොලිස්පතිවරයා, …
Continue Reading
ජනපති සටනට සැරසෙන නීතීඥ නාගානන්දගේ නීතිඥ පට්ටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගලවයි!
මීලඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් වසර කිහිපයක සිට සූදානම් වූ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 3ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) නියම කළේය. අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නීතිඥ …
Continue Reading
මහින්දගේ විපක්ෂනායක ධුරයට එරෙහිව ආණ්ඩුවේ TNA පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට
විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන්ගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවා වන දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩු පැවැරීමට යයි. විපක්ෂ නායක තනතුරේ සම්පන්දන් කටයුතු කරමින් සිටියදී කථානායකවරයා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවට …
Continue Reading
නව ජනාධිපති නිතීඥවරු 25ක්
එළඹෙන ජනවාරි 18වනදා ශ්‍රේෂ්ඨාධීකරණයෙදි නව ජනාධිපති නිතීඥවරු 25 දෙනෙකු දිවුරුම් දිමට නියමිතව ඇති බව සඳහන් වේ. එම ජනාධිපති නිතිඥවරුන්ගේ නම් පහතින් දැක් වේ. 1.චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය. 2.සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා. 3.මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා 4.පිලිමිතාලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය ශාන්ත බණ්ඩාර ඉද්දේවල මහතා. 5.දුලිප් ෆ්ලේවියන් රෆායල් ජයමහා මහතා. 6.මදුරප්පෙරුමගේ චන්ද්‍රසිරි ජයරත්න මහතා. 7.ලියන මුදියන්සේලාගේ විජිත නන්දන ජයවික්‍රම මහතා. 8.සිංහනාතගේ …
Continue Reading
එජාප පා.ම.රන්ජන් එදා කියූ කථාවට සමාන එජාපෙය පැතූ තීන්දුවක් අද අධිකරණයෙන්!
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා(නොවැම්බර් 22) මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධි ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පෙරමුණට වාසිදායී එම නඩු තීන්දුව අද(13) දින කිහිපයකට පසු නියෝගයක් ලෙස නිකුත්ව ඇතැයි වාර්තාවේ. ‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ’යි එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය …
Continue Reading
ජනපතිට එරෙහි පෙත්සම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වෙයි!
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටියේය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් …
Continue Reading
ජනාධිපතිවරයාට අභියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව අද හෙළිවෙයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද(05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මේ බව අවධාරණය කළේය. නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර …
Continue Reading
අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් වී තිබේ. මහින්ද රාජපක්ෂ විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය …
Continue Reading
ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම විභාගයේ විනිසුරු මඩුල්ල වැඩිවෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ලබාදුන් නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඊට අමතරව බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එම …
Continue Reading