මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන – තව මොන කතා ද?
රටක් පාර්ලිමේන්තුව යනු එරටෙහි උත්තරීතර ම ආයතනය තුනෙන් එකකි. එයින් සිදු කෙරෙන්නේ නීති සම්පාදනය යි. රටේ මූලික නීතිය වන ව්‍යස්ථාව ද සම්පාදනය වන්නේ එතැනිනි. එය ගරු කටයුතු, ගාම්භීර ස්ථානයක් ලෙස පෙර කළ පැවතිණි. දේශපාලන මතිමතාන්තර කවරක් වුව ද 1977ට පමණ පෙර කාලයේ එහි සිටියෝ ප්‍රබුද්ධයෝ ය. ආචාර්ය උපාධි, විදෙස් අධ්‍යාපනය ඔවුනට තිබුණු අතර ඔවුන් සාරයක් සහිත මිනිසුන් වූහ. එසේ පොතේ …
Continue Reading
ඇමැති රාජිතට නඩු!
පෙර මහින්ද රාජපක්ෂ යුගයේ දී බලගතු ඇමැතිවරයෙක්ව සිට පසුව යහපාලනයට එක් වූ දැන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යහපාලන ආණ්ඩුවේ පොල්මංක්කාරයා වැනි ය. පවුල් සමාගමක් ඔහුට ද හිමි ය. කෙසේ වෙතත්, ඔහු සෞඛ්‍ය ඇමති වූ සැනින් මාලබේ වෛද්‍ය විද්‍යාලයට නොයෙක් පහසුකම් ලැබෙන්නේ ය. ඔවුන් ඉල්ලූ සැනින් රජයේ රෝහල්වල පුහුණුව ලැබෙන්නේ ය. ඔහුගේ ලේලියක එහි උගන්නා බැවින් එයට පහසුකම් හනික ලැබෙනවා යන චෝදනාව ද …
Continue Reading
සිංහලේ – ගඩ්ඩරිකා ප්‍රවාහයකට නිදසුනක් ලෙස!
ගඩ්ඩරිකා ප්‍රවාහය යනුවෙන් සංස්කෘත භාෂා ව්‍යවහාරයේ දැක්වෙන්නේ, බැටළුදෙනක් පසුපස විචාරයකින් තොර ව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුව යි. මුලින් ගමන් ගන්නා එකී බැටළුදෙන ගමන් ගන්නේ කවර දෙසකට වුවත්, වෘකයන් රැළක් දෙසට වුවත් කොටින් ම විනාශයක් වෙත වුවත් පසුපස යන රංචුවට වගේ වගක් ඇත්තේ නැත. සිංහලේ යනුවෙන් පසුගිය දිනවල පැන නගින ලද ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපාරය ද මූලික වශයෙන් එවැන්නකි. එයට සම්බන්ධ …
Continue Reading
අර්ජුන රණතුංග ඉඩමක් වංචා කළා ද?
1996 දී ලෝක කුසලාන ක්‍රිකට් ජයෙන් පසු දුර බැහැර ක්‍රීඩකයන් සඳහා නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කිරීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඉඩමක් ලබා දී ඇත. තොරතුරු ලැබෙන පරිදි ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය ලබා දී ඇත්තේ එවක ක්‍රිකට් නායකව සිටි අර්ජුන රණතුංග වෙත බව ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් දැන් දැනගන්නට ලැබෙන පරිදි එහි යම් වංචාවක් සිදුව ඇතැයි අනුමාන කළ හැකි ය. …
Continue Reading
මේ ඉන්නේ හිරුනිකා!
මේ සටහන අද එෆ්.බී මාත්‍රාව වෙනුවෙන් අප උපුටා ගත්තේ කජුවත්ත එක්සත් cricket සමාජය නම් පිටුවෙනි.
Continue Reading
ඕං ක්‍රීං නමෝ නාරායන් ඒස් වා…!
ඕං ක්‍රීං නමෝ නාරායන් එස් වා… නමෝ නාරායන් කියා මධ්‍යස්ථානයක් අටවා ගෙන හක්ගෙඩියෙන් සිතූ පැතු සැප සම්පත් ලෑබේ යැයි කියා ගොලුබෙලි කටුත් විකුණන “මහාචාර්ය විශ්ව කීර්ති” කීර්ති දිසානායක වෙළෙන්දාට පිං මහ ඇමති විසින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ පිං සභාපතිකම පුදයි..! යහපාලනය ඒස් වා….හ්!! -ප්‍රියන්ත ජයවර්ධන- (මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී …
Continue Reading
හිරුනිකාට කඩිනමින් ඇප!
දෙමටගොඩ දී තරුණයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එ.ජ.පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ සහචරයින්ට චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, සහචරයින් අත්අඩංගුවට ගත් අතර ඇය අත්අඩංගුවට නොගැනීම රටේ විවිධ පාර්ශ්වයන් විසින් ප්‍රශ්න කරන ලදී. පසුව ඇය අත්අඩංගුව ගැනීමට ඇති හැකියාව ගැන අධිකරණය නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබු අතර එ් ගැන කරුණු ලබා දීම බොහෝ ප්‍රමාද වුව ද අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇතැයි …
Continue Reading
ලැජ්ජයි! මධුමාධව ලැජ්ජයි !!
මධුමාධව අරවින්ද යනු කලෙක ගායකයෙක්ව සිටි දැන් දේශපාලකයෙක්(ජාතිවාදී) යැයි සිතා සිටිනා අයෙකි. අනන්‍යතා අහිමි වූ මිනිසුන් සෑම විට ම පාහේ තම ජාතිය උසස් යැයි කියමින් ජාතිවාදයේ සරණ යති. බලය පිළිබඳ සාධකයේ දී කිසිදු සදාචාරාත්මක කොන්දේසියක් නොසලකන මේ වැනි පුද්ගලයින් අති භයානක ගණයේ ලා සැලකිය යුතු ය. කෙසේ වෙතත්, පසුගිය රාජපක්ෂ සමයේ වන්දිභට්ටකම් කරමින් බොහෝ දේවල් දිනාගන්නට උත්සාහ කළ මධුමාධව තම …
Continue Reading
උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමුවැන්නාට ලියමි
ආදරණීය අකිල් මොහොමඩ් , ඔබේ ජයග්‍රහණයට සුභ පැතුම් ! අනාගත දිවිය රටට වැඩදායක පුරවැසියෙක් වේවායැයි පතමින් මේ ඡායාරූපය දෙසද මොහොතක් බලන්නැයි ඉල්ලමි. මෙහි සිටින්නේ මිනී කාර් රථයක රියදුරෙක් හෝ මැකනික් බාස් කෙනෙක් යැයි වරදවා නොසිතන්න. ඒ සිටින්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල නම් වූ (තරුණ) මන්ත්‍රීවරයා ය. හරියටම මෙයට වසර 27 ට පෙර, එනම් 1988 වසරේ දී ඔබ මෙන්ම උසස් පෙළ වාණිජ …
Continue Reading
සුපිරි ආර්ථික විශේෂඥයෝ!
“හර්ෂ ඩි. සිල්වා, එරාන් වික්‍රමරත්න කියන්නෙ ලංකාවෙන් බිහිවෙච්චි සුපිරි ආර්ථික විශේෂඥයෝ. විශේෂඥකම කොච්චරද කියනව නං මේගොල්ලො විපක්ෂෙ ඉන්නකං ඩොලර් එකේ වටිනාකම ඉහළ යන වේගෙ ගැන විශ්ලේෂණය කරනවා. ආණ්ඩුවට ගියපු දවසෙ ඉඳල ඩොලර් එක එච්චර වේගෙකිං ඉහළ යන්න බලපාන හේතු මොනවද කියන එක ගැන විශ්ලේෂණය කරනවා.” අද 146යි රවිෂ තිලකවර්ධන
Continue Reading