උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමුවැන්නාට ලියමි

Spread the love

Gammanpila with flagආදරණීය අකිල් මොහොමඩ් ,
ඔබේ ජයග්‍රහණයට සුභ පැතුම් ! අනාගත දිවිය රටට වැඩදායක පුරවැසියෙක් වේවායැයි පතමින් මේ ඡායාරූපය දෙසද මොහොතක් බලන්නැයි ඉල්ලමි.

මෙහි සිටින්නේ මිනී කාර් රථයක රියදුරෙක් හෝ මැකනික් බාස් කෙනෙක් යැයි වරදවා නොසිතන්න. ඒ සිටින්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල නම් වූ (තරුණ) මන්ත්‍රීවරයා ය. හරියටම මෙයට වසර 27 ට පෙර, එනම් 1988 වසරේ දී ඔබ මෙන්ම උසස් පෙළ වාණිජ විෂය ධාරාවේ ලංකාවෙන් පළමුවැනියා වූ බුද්ධිමතා ය.

අතේ නූල් කඹ පිටින් බැන්දාට හෙතෙම ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ පරිගණක තාක්ෂණ උපාධිධරයෙකි. විචාර බුද්ධියෙන් තොරව කටයුතු කළාට උසස් පෙළට තර්ක ශාස්ත්‍රය හැදෑරුවෙකි. මෝස්තරයට රෙදි ඇන්දාට, විලි ලැජ්ජාව ගැන නොතැකුවාට කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ අයෙකි.

ඔහු සෝම හිමියන්ගේ දෙණ යටින් පාර්ලිමේන්තුවට පැමිණ සාටකයේ සෙවණ පැතූ දේශපාලනික සරණගත කණ්ඩායමේ දීප්තිමත් සාමාජිකයෙකි . පෝස්ටර් ගසන්නට සල්ලි නැතැයි පවසා තම නිර්මල මැතිවරණය උදෙසා රුපියල් 100/- බැගින් මහජන ආධාර ඉල්ලූ අයෙකි. මේ තිබෙන්නේ ඔහු තමන්ගේ පියාජියෝ වර්ගයේ ත්‍රී රෝද රථයේ කොඩියක් ගසා ගන්නා අකාරයයි. ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා යනුවෙන් සිංහයාට ඇඳ යහපාලනයට එක් වූයේ ද පසුදිනයේම සුප්පා දේවියට ඇඳ ආපසු හැරී ආවේ ද 1988 වාණිජ විෂය ධාරාවෙන් ලංකාවෙන්ම පළමුවැනියා වූ මේ බුද්ධිමතාණන් ය.

ආදරණීය අකිල් මොහොමඩ්

උසස්පෙළ විභාගයෙන් ලංකාවෙන් පළමුවෙනියා වීම සහ බුද්ධිමතෙක් වීම අතර සම්බන්ධය වළාකුළු සහ කොත්තමල්ලි මෙන් පරස්පර විරෝධී කරුනක් බව මේ ඡායාරූපයෙන් වටහා ගන්න. කරුණාකර තවත් උදය ගම්මන්පිල කෙනෙක් නොවන්න. රටට වැඩ ඇති මිනිසෙක් වෙන්න. සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ! ආරස්සාවයි !!

– සහන් කසීර වික්‍රමසිංහ –

RSL

Related Posts