මං වෙනුවෙන් වර්ජන එපා! – මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉල්ලයි (Video)

තමා වෙනුවෙන් වර්ජන සිදු නොකරන ලෙස තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද(09) පෙරවරුවේ සන්දේශයක් බාරදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම …

Continue Reading

ඩෙංගු මදුරු ඝනත්වය ඉහළට! රෝගීන් 80,000ක්‌; මරණ 240ක්‌

යළිත් ඇදහැලෙන කඩින්කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු ඝනත්වය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එසේ වුවහොත් මීටත් වඩා වැඩි ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ද කියා සිටී. එම නිසා ඩෙංගු මර්දනය පෞද්ගලික වගකීමක්‌ ලෙස භාරගෙන ක්‍රියා කිරීම කාගේත් යුතුකමක්‌ බව ද සෞඛ්‍ය අංශ සඳහන් …

Continue Reading

නින්දා, අපහාස සහ අභියෝගවලට නොබියව රජයේ ගමන ඉදිරියටම ගෙන යනවා – ජනපති

අභියෝග සහ විවේචන භාරගත නොහැකිනම් තමා 2014 නොවැම්බර් මස, පැවැති රජයෙන් එළියට නොබසින බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියට ද අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියටම ගෙන යන බව අවධාරණය කළේය. එදා මහත්මා ගාන්ධිතුමන් කෙතරම් නින්දා, අපහාසවලට ලක්වූව ද අද එතුමාට මුළු ලෝකයම ගරු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ(9) පස්වරුවේ වැලිකන්ද …

Continue Reading

බෑන්ක් ඔෆ් චයිනා දකුණු ආසියානු පළමු ශාඛාව කොළඹදී

බෑන්ක් ඔෆ් චයිනා (Bank of China) මේ වසරේ ශ්‍රී ලංකාවේදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටි. චීන රජයට හිමි විශාලම මූල්‍ය ආයතනය ලෙස සැලකෙන් චීන බැංකුව දකුණු ආසියාව තුළ ආරම්භ කරන පළමු ශාඛාව මෙය වනු ඇත. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරින් අතර පවතින් සාකච්චා මේ වනවිට අවසන් අදියරේ පවතින බව වාර්තා වේ. දොලර් මිලියන 90 ක මූල්‍ය ප්‍රාග්ධනයකින් ආරම්භ කරන …

Continue Reading

ශ්‍රී ලංකාවේ සාර්ථකව සිදුකල ප්‍රථම හදවත් බද්ධ සැත්කම

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා. පසුගිය 7 වෙනිදා රාත්‍රී ආරම්භ කල හදවත් සැත්කම පැය අටක කාලයක් සිදුකර ඇති අතර මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විස්සක කණ්ඩායමක් සහභාගී වී ඇත. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කලේ අනුරාධපුරයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කර ඇති බවයි. ඇයගේ හදවත සියයට 12ක් …

Continue Reading

ගුවන් විදුලි මහගෙදර සිදුවූ අයුතු දෙයක් -ඇමති මංගල හෙලිකරයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දෙමළ මාධ්‍ය නාළිකාවක් මඟින් මුස්ලිම් අන්තවාදයට අනුබල දෙමින් වැඩසටහන් විකාශනය කොට ඇතැයි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අනාවරණය කොට තිබේ. මෙගා හර්ට්ස් 102.1 නාළිකාව මඟින් පෙ.ව. 8.30 සිට දහවල් 12.30 දක්වාද රාත්‍රි 8 සිට 9 දක්වාද එම අන්තවාදී වැඩසටහන් විකාශනය කොට ඇති බව හෙළි වී තිබේ. ඒවා නතර කරන ලෙස මංගල සමරවීර …

Continue Reading

අසිරිමත් ඇසළ පුන් පොහොය දිනය අදයි

අද ඇසළ පුනු පොහෝ දිනයයි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූ දිනය අදයි. ඇසළ පුර පොහෝ දිනය ලෝකයේ සම්‍යක් දර්ශනය පහළ වූ දිනය වනවා මතු නොව මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගය ලොවට දේශනා කළ දිනය ද වන්නේය. ඒමතු ද නොව දුකත්, දුකට හේතුවත්, නිර්වාණයත්, එය ලබාගන්නා පිළිවෙතත් ලොවට දේශනා කළ දිනය ඇසළ පුර පසළොස්වක පොහෝ …

Continue Reading

මහ බැංකුව කුප්‍රකට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් රට තුළ ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු මාස හයක කාලසීමාවක්‌ සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය ඊයේ (06) තීරණය කළේය. මේ අනුව ඊයේ සවස 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයකට මේ ව්‍යාපාර කටයුතු තහනම බලපැවැත්වෙන බව මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්‌ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ලියාපදිංචි ස්‌කන්ධ හා සුරැකුම්පත් ආඥ පනත …

Continue Reading

ජනපති- මහසඟරුවන, නවව්‍යවස්ථාව පිලිබඳ ධනාත්මක එකඟතාවයක

රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාව යන මූලික වගන්තිවලට හානි වන ආකාරයේ ව්‍යවස්‌ථාවක්‌ රජය කිසි විටෙකත් ගෙන නොඑන බව ද සඳහන් කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර ජනපති මැඳුරේදී ෙත්‍රෙනිකායික මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක උන්වහන්සේලා සමඟ පැය දෙකකට ආසන්න කාලයක්‌ සාකච්ඡාවක නිරත විය. මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ …

Continue Reading

උසස් පෙළට සහ පහේ ශිෂ්‍යත්ව විභාගය පැවත්වෙන කාල සටහන

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 8දා සිට සැප්තැම්බර් 2දා දක්වාත් පස්වන ශ්‍රේණියේ ශීෂ්‍යත්ව විභාගය අගෝස්තු 20දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තිරණය කර ඇත. විභාග මධ්‍යස්ථාන 2230කදී පැවැත්වෙන විභාගය සඳහා පාසල් අයඳුම් කරුවන් 237943ක් හා පෞද්ගලික් අයදුම් කරුවන් 77284 වශයෙන් මෙවර උසස් පෙළ සඳහා අයදුම් කරුවන් 315227ක් පෙනී සිටිනු ඇත. විභාග මධ්‍යස්ථාන 3014කදි පැවැත්වෙන පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය …

Continue Reading