අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ..
“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ නැහැ. රටට ආදරයක් තියෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් දිනන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. අද ජනතාවට …
Continue Reading
මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..
පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. …
Continue Reading
නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ..
නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ. නමුත් දැන් එවැනි ශෝකජනක අවස්ථාවක් ඇතිවෙලා ඉවරයි. කෙහොමද අපි ඉදිරියට යන්න පුළුවන්. අපි යම් අවස්ථාවක දේවස්ථානයකට යන්නේ දෙවියන්ට ස්තූති කරන්න. ප්‍රශ්නයක් තියෙනම් ඒකට මැදිහත් වෙන්න. මේ වගේ අවස්ථාවක කෘෘර ලෙස ආගම විකුණලා ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන එක නෙමෙයි. මේ ඇති වෙලා තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. මේ වගේ තත්ත්වයක් ඇති නොවන්න අපි වග බලා ගත …
Continue Reading
ඇදි ඇදී ගිය උමාඔය ව්‍යාපෘතිය ඇමති රවී කඩිනම් කරයි.. තවත් විදුලිය ජාතික පද්ධතියට
ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් කරන බවත්, ඒ හරහා ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 120ක ධාරිතාවයක් එකතු වන බවත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරිකෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. තමන්ට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙවැනි ව්‍යාපෘති නිම කර, …
Continue Reading
විදුලිය කපන්නෙත් නැහැ; විදුලි බිල වැඩි කරන්නෙත් නැහැ – ඇමති රවීගෙන් සහතිකයක්
ඉදිරියේදී යළි කිසිඳු ලෙසකින් විදුලිය කප්පාදු නොකරන බවත්, විදුලි බිල වැඩිනොකර බවත්, ගෘහස්ත පාර්භෝගික ජනතාවගේ විදුලිබිල ඉදිරියේදී අඩු කිරීමට සැලසුම් සකස්කරමින් යන බවත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පාරිභෝගියා දුක් වෙන බවත්, තමා හා අදාළ කේෂ්ත්‍රයන් පෞද්ගලිකව සමාව අයැඳ සිටින බව ද පැවසු අමාත්‍යවරයා මෙහිදී කිසිසේත්ම විදුලි බිල වැඩි කිරීමට ඉඩක් නොමැති බව ද පැවසීය. …
Continue Reading
ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය මම සදහටම විසදනවා – ඇමති රවීගෙන් සහතිකයක්
මම මේ විදුලිබල ක්ෂේත්‍රය බාර අරගෙන තවමත් දින 72 යි, මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක්. නමුත් මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය, මම සදහටම විසඳන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පෙරේදා(03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති …
Continue Reading
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇමති රවී පිට වරද පටවන්න කිසිසේත්ම බැහැ – විපක්ෂය කියයි (වීඩියෝ)
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඊයේ(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඇඟිල්ල දුගු කිරීමට විපක්ෂය විසින් සූදානම් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. මේ ආණ්ඩුව කිසිම සංවේදීකමක් නොමැති ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් …
Continue Reading
යළි කිසිඳු අමාත්‍යවරයෙකුට මෙවැනි අර්බුදයක් භාර කරන්නේ නැහැ; අවුරුද්දට විදුලිය කපන්නෙත් නැහැ
යළි පත්වන කිසිඳු විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයෙකුට විදුලි අර්බුදයකට මුහුණපෑමට සිදුනොවන පරිදි මෙම විදුලි අර්බුදය ඉදිරි දින කිහිපය තුළ විසඳන බවත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. නිසි කලට වැසි ලැබී, විදුලියෙන් රට ඒකාලෝක කිරීමේ ප්‍රාර්ථනය පෙරදැරිව ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ජය …
Continue Reading
අතීතයට දොස් පවරා වැඩක් නැහැ; ඉදිරි දින කිහිපය තුල මම මේ අභියෝගයට ස්ථිර විසඳුමක් ලබාදෙනවා – රවී
පවතින විදුලි කප්පාදුවට ස්ථිරසාර විසඳුමක් අප්‍රේල් මස දහ වැනි දින වන විට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද(26) කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක, “විදුලිබල මණ්ඩලයෙන් මේ වනවිට විදුලි කප්පාදුව පිළිබදව නිවේදන නිකුත් කරලා තිබෙනවා. 29 දා මම …
Continue Reading
රවීගේ උත්සහය ඵලදරයි! වැසි වැසීම ඇරඹෙයි
විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත ලොව දියුණු රටවල සිදුකරනු ලබන ක්‍රමවේදයන් අනුව යමින් විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා සිදුකළ පළමු මෙහෙයුම සාර්ථකව ඵලදරා ඇත. මේ අනුව මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 …
Continue Reading