රාජ්‍ය සේවක හෘද සාක්ෂියේ මනාපය කාටද..?
බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. බඩු මිල වැඩියි.. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මගතොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..! රාජ්‍ය සේවක අපිත් යන්නේ අමාරුවෙන්. වෙනදා වගේ OT නෑ. වැටුපට අමතරව කීයක් හරි ගන්න අවස්ථාව තිබුණා නම් ඒ හැම දෙයක්ම නැති වෙලා. ඒත් අපිට කන්න අඳින්න අඩුවක් නෑ.. …
Continue Reading
තහවුරුයි! රවී නිවැරදියි..!!
ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් දේශපාලනඥයකු සම්බන්ධ ලිපියක් ගැන කණගාටුව පළකර නිවැරැදි කිරීමක් පළකරන්නේ කළාතුරකින්ය. ලිපියක් සම්බන්ධව කෙසේ වුවත් පුවතක් සම්බන්ධව නම් කොහෙත්ම අතර මැද සමාදාන තියාගන්න මධ්‍ය ආයතන කටයුතු කරන්නේ නැත. ඒ එවැන්නක් නිසා අදාළ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදියා මෙන්ම අදාළ මාධ්‍ය ආයතනයත් දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන නිසාය. විශ්වසනීයභාවයේ සිට කරුණු කාරනා රැසක් එතැන ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම මීඩියා …
Continue Reading
කවුරු කොහොම උත්සහ කළත් අපේ පක්ෂයේ සමඟිය නැති කරන්න බැහැ
එක්සත් ජාතික පක්ෂයේ සමගිය බිඳ දැමීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පිල්ලෑව බෝ සමිඳු අභියස පැවති ආගමික සහ සමාජීය වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. “ඉස්සරහට …
Continue Reading
“මහ බැංකු සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා වෝහාරික වාර්ථාවෙන් හෙළිවුණා..”
“වෝහාරික වාර්ථාවේන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කලාද. දැන් ඒක පැහැදිළි නේද මම සම්බන්ධයක් නැහැ කියලා. කොපමණ කල් ගියත් සත්‍ය ජයගන්නවා කියන දේ අද පැහැදිළි වුණා. 2002 සිට 2015 දක්වා කාලය තුළ සෑම දෙයක්ම සිදුවුණේ යම් රටාවකට. ඒ කාලය තුළ සියළුම දේ …
Continue Reading
අපේ එකම අභිලාශය වන්නේ, නිවාස අහිමි ජනතාවගේ සිහින මාළිගය යථාර්තයක් බවට පත්කිරීමයි..
“කව්රුත් කැමති තමන්ට තමන්ගේම කියලා නිවසක ජීවත් වෙන්න. අපේ එකම අභිලාශය වන්නේ, මේ උතුරු කොළඹ ප්‍රදේශයේ නිවාස අහිමි ජනතාවගේ සිහින මාළිගය යථාර්තයක් බවට පත්කිරීමයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස සංකල්පය, අද එතුමාගේ පුතා ඉදිරියට ගෙනයනවා. ඒ තුළින් වසර 10 ක් යන්න කළින් මේ ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසදනවා කියලා මම වගකීමෙන් පවසනවා. අපි තරුණ තරුණියන්ට හැකි අයුරින් රැකියා ලබා දුන්නා. නමුත් …
Continue Reading
අන්තවාදය වපුරන, පවුල්වාදය පරාජය කරවීමට සමස්ත ජනතාවගේ සහයෝගය ලැබෙන බව මට විශ්වාසයි
“2015 දී අපි ලබාගත් ජයග්‍රහණය තුළින් ජනතාවට අපි ලබාදුන් පොරොන්දු සියල්ලක්ම ඉෂ්ට කරන්න අපිට හැකිවුනේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි හවුල් ආණ්ඩුවක් තුළ පාලන බලය හිමිකරගැනීම. නමුත් සමස්ත රටට වගේම කොළඹ දිස්ත්‍රික්කයටත් අපි හැකි පමණින් සේවයක් කලා. මෙතෙක් පැවති අනෙක් ආණ්ඩු වලට සාපේක්ෂව, අපිට හැකිවුණා සංවර්ධන ක්‍රියාදාමයන්ට අවතීර්ණ වෙන්න. අපි කොළඹ දිස්ත්‍රික් නිවාස අහිමි ජනතාවට නිවාස ලබා දුන්නා. පානීය …
Continue Reading
දැන් තිබෙන ප්‍රශ්නය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද, පවුල් වාදය ආරක්ෂා කරනවාද කියන එක
“මම අහනවා දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරපු කරුණා අම්මාන් අද කා එක්කද ඉන්නේ කියලා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම එක්ක නොවෙයිද. පරපරාජසිංහම් මන්ත්‍රීව මැරුව පිල්ලෙයාන් ඉන්නේ කොහෙද. ඊලම් ප්‍රකාශ කරපු වර්ධරාජා පෙරුමාල් ඉන්නේ කොහෙද. මොවුන් ඉන්නේ අපිත් එක්කද. නෑ. ඔවුන් එක්ක නේද. කේ.පී. ඉන්නේ කොහෙද. විශ්ව විද්‍යාල සල්ලි ගෙනාව හිස්බුල්ලා ඉන්නේ කොහෙද. එහෙමනම් කොහෙමද මේ අපි ආවොත් ජාතික ආරක්ෂාව නැති වෙනවා කියන්නේ. …
Continue Reading
ඡන්දදායකයින් වශයෙන් පවුල් වාදය ආරක්ෂා කරනවාද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද යන්න ඔබ තීරණය කළයුතුයි
“නොවැම්බර් 16 දා මේ රටට තීරණාත්මක අවස්ථාවක් උදාවෙනවා. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ඡන්දදායකයින් වශයෙන් ඔබට ගන්න තිබෙන්නේ ඉතාමත් සරල තීන්දුවක්. ඒ තමයි පවුල්වාදය ආරක්ෂා කරනවාද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද යන්න කියලා තීරණය කිරීමයි. ගෝඨාභය මැතිතුමා මේ රට වෙනුවෙන් කරපු විශාල වැඩකොටසක් තිබෙනවා. මම ඒවා නැහැ …
Continue Reading
එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා
අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. නමුත් අපට ඒක සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණා. නමුත් එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපට හැකිවුණා. ඒ තුළින් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා. රටේම ජනතාව එය පිළිගන්නවා. තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව, දේශපාලන පලිගැනීම්, ආදි ගැටළු කිසිවක් අපට …
Continue Reading
ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්න එ.ජා.ප.යෙන් සජිත්ට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කරලා නැහැ (වීඩියෝ)
“අපි කොහොමත් සෑම අවස්ථාවකම මැතිවරණයකට සූදානමින් තමයි සිටින්නේ. මේ වනවිට අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම්කරලා තිබෙන්නේ. එතුමා ජනාධිපති කරන්න අපි සියළු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා එක්සත් ජාතික පක්ෂයෙන් කොන්දේසි රාශියක් මත සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදුන්නේ කියලා. නමුත් එම ප්‍රචාරයේ කිසිම සත්‍යයක් නැහැ. ඒ වගේම පක්ෂයේ සිදුකරන අභ්‍යන්තර කතාබහ පිටස්තරයට දියයුතු නැහැ. කෙසේනමුත් …
Continue Reading