ඇමති රාජිතගේ ප්‍රෝඩාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට හා අගමැතිට ලියුමක්

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පවසා තිබේ. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී …

Continue Reading

සයිටම් සහ රටේ සෞඛ්‍යය, ඇමති රාජිත සමඟම පරිහානියට – GMOA

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තමාගේ අභිමතය ආරක්‌ෂා කරගැනීම සඳහා සයිටම් ගැටලුව සමඟ ගැටෙමින් පරිහානියට පත්වෙනවා මිස රටේ සෞඛ්‍ය අංශ දියුණු කිරීමට කටයුතු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. වෛද්‍ය සභාවේ සභාපති තනතුරට දේශපාලන අතකොලුවක්‌ පත්කර සෞඛ්‍ය ඇමැතිවරයා මේ නැති කරන්නේ රටේ සෞඛ්‍ය බවත් හෙතෙම කියා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය …

Continue Reading

සයිටම් ප්‍රශ්නය වහාගෙන කන්නේ ඇමති රාජිත සහ කිරිඇල්ලයි – සයිටම් දෙමාපියන් (Video)

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළු වලට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් බවයි. ඔවුන් මෙම ප්‍රශ්නය වවාගෙන කෑමේ වගකීම භාරගත යුතු බව සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ අදාළ අමාත්‍යාංශ වලට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බවයි. කොළඹදී මාධ්වේදීන් හමුවේ අදහස් පළ කරමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කියා …

Continue Reading

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී බරපතල මූල්‍ය අක‍්‍රමිකතාවක්!

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී විධිමත් ගිවිසුමක් පවා අත්සන් නොකරමින් රාජ්‍ය මුදල් සම්පේ‍්‍රෂණය කිරීමෙන් සිදුවන බරපතල මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ විගණකාධිපතිතුමාට පැමිණිලි කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. පසුගිය දින වල ජනමාධ්‍ය වාර්තා කර සිටි පරිදි …

Continue Reading

රාජිත, එස්.බී, කිරිඇල්ල SAITM කොටස් හිමියන්දැයි සැකයක්!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී දිසානායකට හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට සයිටම් ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇතැයි සැක කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. අද (13) පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුව පවත්වමින් ඒ මහා මෙම අදහස් පළ කළේය. ගිවිසුමක් අත්සන් නොකර එකඟතා ලියවිල්ලක් මත නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ගිණුමට බැර …

Continue Reading

පාරම්පරික වෙඳකම රැකගන්න ඇමති රාජිතගෙන් අලුත් වැඩක්

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු වලට සහන සැලසිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. වසර 05 කට වරක් රුපියල් 1500 මුදලක් අය කරමින් පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. එම මුදල ද ගෙවීමට නොහැකි වෛද්‍යවරුන් සිටින බව අනාවරණය වීමෙන් පසු මෙම සහන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර …

Continue Reading

සයිටම් සටන යළි ඇවිලෙයි; ඇමති රාජිත නිහඬයි..

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සයිටම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කළ ඊයේ දිනට (02)ට යෙදී ඇති “අගෝස්තු දෙක ජාතික විරෝධතා දිනයට සමගාමීව” රටේ විවිධ ප්‍රදේවල විවිධ විරෝධතා ක්‍රියාමාර්ග දියත් කර තිබිණි. සයිටම් ගැටළුවට නිසි විසඳුම් ලබා නොදී අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු රජයේ වගකිව යුත්තන් කල් මරමින් සයිටම් ප්‍රශ්නය යටගැසීමට කටයුතු කරමින් …

Continue Reading

ඇමති රාජිත ජනපතිට අපහාස කරලා.. (Video)

පසුගියදා පැවති වෛද්‍ය වැඩ වර්ජනය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන එය නිමාකරලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිදුකළ සාකච්ඡාව ‘හොර සාකච්ඡාවක්’ යැ’යි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය මඟින් ඔහු ජනාධිපතිවරයාට අපහාස කොට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විසින් ලබාදුන් වේලාව මත ඔහු හමුවී ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ගිය රජයේ වෛද්‍ය නිලධාරීන් …

Continue Reading

ලෝක සම්මතය විනාශ කරමින් රෝගී ජීවිත බිලිගන්නා ඇමති වියරුව..

නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර සිටී. මෙම කුප්‍රකට ඇමතිවරයාගේ වියරුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ. වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය නියාමනය කිරීම වෛද්‍ය සභාවේ කාර්යය බව ලෝක සම්මතයයි. රජයක පරම වගකීම ලෝක සම්මතය ආරක්ෂා කිරීමයි. නමුත් ශ්‍රී ලංකාව තුළ අද “සයිටම් අර්බුදය” ඇතිවීමේ මූලිකම හේතුව මෙම ලෝක සම්මතය බිඳ වැටීමයි. එම …

Continue Reading

දොස්තර රාජිතට වෛද්‍යවරුගේ ප්‍රමිතිය ගැන සැකයක්!

වර්තමානයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇතැම් අය කථා කරන නිසාවෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැනත් සොයා බැලිය යුතු බව සෞබ්‍යය අමාත්‍ය දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධෙවිදීන් දැනුවත් කිරීමෙි රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවත්, දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබදව …

Continue Reading