දොස්තර රාජිතට වෛද්‍යවරුගේ ප්‍රමිතිය ගැන සැකයක්!

Spread the love

වර්තමානයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇතැම් අය කථා කරන නිසාවෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැනත් සොයා බැලිය යුතු බව සෞබ්‍යය අමාත්‍ය දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධෙවිදීන් දැනුවත් කිරීමෙි රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවත්, දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබදව සංගණනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදු කිරීමෙන් පසු ලියාපදිංචිය පිළිබද තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ඖෂධ මිල නියාමනය කිරීමෙි දී ඔසුසල් හිමියන්ගේ සංගමය සහ සුළු ආනයනකරුවන් මට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඇතැම් ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් ඖෂධ මිල නියාමනයට විරෝධය පළ කළා. මිල අඩු කරනවා ද, නැද්ද යන්න දේශපාලන තීන්දුවක්. දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් 25,000 ක් මියයනවා. අක්‍රීය දුම්පානයෙන් කුඩා දරුවන් පමණක් වාර්ෂිකව සියයට 05 ක් මියයනවා. එම නිසයි දුම්පානය අවම කිරීම සදහා ක්‍රියාමාර්ග රැසක් රජය විසින් ගෙන ඇත්තේ. ව්‍යාපාරයක් යනු අභියෝගයක්. මොකද ඖෂධ ව්‍යාපාරයේ දී ඖෂධයක් වැරදි ආකාරයට ලබාදුන්නොත් රෝගියා මියයන්නත් පුළුවන්. හැබැයි ඖෂධ වෙළෙදාමෙන් ජනතාව සූරාකන්නත්, ජාවාරම් කරන්නත්, ඉඩ දෙන්න බැහැ. වර්තමානයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇතැම් අය කථා කරනවා. නමුත් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැනත් සොයා බලන්න ඔින. ඖෂධ මිල අඩු කිරීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි අලෙවිය සියයට 30 කින් වැඩිවී තිඛෙනවා. ෆාමසිවල අලෙවිය වැඩි වුනත්, ලාභය අඩු වී තිඛෙනවා. එම නිසා මම ඉල්ලා සිටිනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි ඖෂධ අලෙවි කරන්න කියලා. එවිට සියයට 18 ක ලාභයක් ෆාමසිවලට ලබාදෙන්න පුළුවන්. ඔසුසල් හිමියන්ගේ සංගමයේ සමාජිකයින්ට ඖෂධ මිල අඩු කිරීමෙන් අගතියක් සිදු වුවත්, එය රට වෙනුවෙන් ගත් උදාර තීරණයක්.”

RSL

Related Posts