රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙන මීළඟ වෙන්දේසිය ලබන 15 වනදා සිදුකරන බව මහ බැංකුව පවසයි. එහිදී දින 91කින් සහ දින 182කින් කල් පිරෙන පරිදි බිල්පත් නිකුත් කෙරෙන්නේ මිලියන 19,000ක වටිනාකමකින් යුක්තවය.
මිලියන 600ක බිල්පත් දින 364කින් කල්පිරෙන පරිදි වෙන්දේසි කිරීමට නියමිත බවද මහ බැංකුව සඳහන් කරයි.
මීට පෙර සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදුකළ අතිවිශාල බැඳුම්කර කොල්ලය ගැන මේ වන විට විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් මඟින් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.
Loading...