පාරම්පරික වෙඳකම රැකගන්න ඇමති රාජිතගෙන් අලුත් වැඩක්

Spread the love

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු වලට සහන සැලසිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

වසර 05 කට වරක් රුපියල් 1500 මුදලක් අය කරමින් පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. එම මුදල ද ගෙවීමට නොහැකි වෛද්‍යවරුන් සිටින බව අනාවරණය වීමෙන් පසු මෙම සහන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

ඒ අනුව පාරම්පරික වෛද්‍යවරයා අවුරුදු 70 වැඩි නම් ගාස්තු අය නොකිරීමටත්, ග්‍රාම නිලධාරීවරයාගේ සහ ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතිය යටතේ යම් වෛද්‍යවරයෙකු ගාස්තු ගෙවීමෙන් නිදහස් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

එක්සත් දේශීය වෛද්‍ය සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.
ආයුර්වේද වෛද්‍ය සභාව පාරම්පරික නොවන වෛද්‍යවරු ද ලියාපදිංචි කර ඇති බව මෙහිදි අනාවරණය විය.

ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. ආයුර්වේද නමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන සමාජ ගැටලුවක් බවත්, එය නියාමනය කළ යුතු බවත්, එක්සත් දේශීය වෛද්‍ය සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්හ. එවැනි සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච් තිලකරත්න මහතා මෙහිදී පෙන්වා දුන්හ.

පාරම්පරික වෛද්‍යවරුන්ට සමාදාන විනිශ්ච්‍යකාර පත්වීම් ලබාදීමේ යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය.

RSL

Related Posts