බැඳුම්කර කොල්ලකරුවන්ට නිදහසේ ඉන්න කිසිඳු ඉඩක් තබන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි (Video)

මහ බැංකු බැඳුම්කර කොල්ල කරුවන් ඇතුළු වංචා දූෂණ සිදුකළ කිසිඳු පුද්ගලයෙකුට නිදහසේ කටයුතු කිරීමට කිසිඳු ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට සංවර්ධනය කරා ගෙන යාමට ඇති එකම බාධාව දේශපාලනඥයින් විසින් සිදුකරන වංචා දූෂණ බවයි. කන්තලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

Continue Reading

මෛත්‍රී පැනපු පිමි සහ පනින්න යන පිම්ම..

කිසියම් ජාතියක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගන්නා ආකාරයක් ඉන් අනතුරුව සකස් කර ගන්නා එම ව්‍යවස්ථාවේ ස්වභාවයත් එම ජාතියේ ශිෂ්ඨත්වයේ තරම පිළිබිඹු කරන්නේ යැයි පිළිගැනීමක් තිබේ. එසේ ම ඉන්දියාව දකුණු අපි‍්‍රකාව හා ශී‍්‍ර ලංකාව වැනි රටවල දිනාගනු ලැබූ නිදහස ලේ වැගිරීමකින් තොරව රැක ගැනීමට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මඟින් ඉටු කර ගත යුතු ප‍්‍රධාන කාර්ය භාරයන් දෙකක් දක්නට ලැබේ. ජාතීන් අතර …

Continue Reading

මුදල් හා ආර්ථික අමාත්‍යංශත් ජනපති යටතට!

ගතවූ අවුරුදු තුන තුළ රටේ ආර්ථිකය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට බාරදී තිබූ බවත් මේ වසරේ සිට රටේ ආර්ථිකය තමන් බාර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන රැළියකට එක්වෙමිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් කළ සොයාබැලීම් වලින් දැනගන්නට ලැබුණේ මුදල් …

Continue Reading

හොරු ගෙදර ඇර, තක්කඩි හිරේ දමා මිසෙක මම මේ පුටුවෙන් යන්නේ නැහැ – ජනපතිගෙන් සහතිකයක් (Video)

‘දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලු දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා.’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) කොස්ගමදී පැවසීය. ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනරැලියක් අමතමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය’ ‘‘සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම …

Continue Reading

ජනපති “වෙනස” කුමක්දැයි සරලව පෙන්වයි

ලංකා ඉතිහාසයේ පළමුවතාවට ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක් අත්තඩංගුවට ගත්තා නම් ඒ තම සහෝදරයා බවත් නීතියට අත පෙවීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. පසුගියදා (14) අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා. “මේ අවුරුදු තුනේ නීතිය හරියට ක්‍රියත්මක කරන්න, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න අධිකරණයට අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කෙරුවා. ඒ කාලෙ අරලියගහ මන්දිරෙන්, තව තැන් වලින් …

Continue Reading

ජනපතිගේ ධුර කාලය වසර 05 යි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රජාත්‍රන්තවාදී ඒකමතික තීන්දුවක්

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 කින් අවසන්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසයි. තම ධූර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා වෙත පසුගියදා යොමු කර තිබිණි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ …

Continue Reading

මංගලගේ බේබදුකමට ජනපතිගෙන් කඩු පහරක් (Video)

මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. …

Continue Reading

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම ලබන සතියේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියට එක්වෙමිනි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් …

Continue Reading

පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු අපේක්ෂකයින් රැසක් එජාපයෙන් ගැලවී මෛත්‍රී සෙවණට එයි

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ. පසුගියදා ජනාධිපති නිල නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප්‍රමුඛ 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස සහය පල කර ඇත. එහිදී අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙළට සහ ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සිය …

Continue Reading

ජනපති මෛත්‍රීට 2021 තෙක් බලය ඇති බව අවධාරණය කරයි (විශේෂ )

වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධුරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධුරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත. ජනාධිපති ධුරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වන අතර එය කිසිසේත් අතීතයට බලපාන නීතියක් නොවන බවද …

Continue Reading