බැඳුම්කර කොමිසම නොමඟ යවන්න පර්පෙචුවල් සමාගම ගැසූ තවත් ගේමක් හෙළිවෙයි (Video)
ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් කරන ලද නියෝගය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු දුරකථන හඬපටවල ඇතැම් සංවාද විකෘති කර මකා දැමීමෙන් අනතුරුව කොමිසම වෙත බාර දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනි ගිරිහාගම මෙනවිය විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දී තිබේ. මෙම නඩුවේ දෙවැනි විත්තිකාර අර්ජුන් ඇලොෂියස් මහතාගේ අනුබලය ඇතිව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී …
Continue Reading
බැඳුම්කරයෙන් ගත් අල්ලස් ගැන CIDය දයාසිරිගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි..?
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව බැඳුම්කර මගඩියට සම්බන්ධ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයකින් මුදල් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය පහක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. මෙහිදී ඔහු මාධ්‍ය වෙත කරුණු දැක්වීමක් සිදුනොකරම ගමන්කොට …
Continue Reading
CIDය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලා බැඳුම්කරයේ රහස් ලිපි රැසක් සොයා ගනී
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් කොළඹ 02, පාක් ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිහිටි පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක් ඊයේ (30) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය. බැඳුම්කර වංචාවට සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් මෙම ලිපි ලේඛන සොයා ගැනීම …
Continue Reading
බැඳුම්කර කොල්ලය සිදුකළ කුප්‍රකට සමාගමෙන් රජයට තවත් කෝටි 42 ක පොල්ලක්
මහ බැංකු බැඳුම්කර කොල්ලය මඟින් රු.මිලියන 11,145 කට අධික මහජන මුදලක් හොරා කෑ බවට හෙළිවුණු ඇලෝසියස්ගේ මත්පැන් ස්කාගාරය රජයට අදාළ බදු නොගෙවමින් තවත් රුපියල් කෝටි 42 ක පොල්ලක් තබා ඇතැයි අනාවරණය වේ. අර්ජුන් ඇලෝසියස්ට අයත් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂසරීස් සමාගම් ජාලයේ මෙන්ඩිස් අරක්කු සමාගම මඟින් රජයට 2017 වර්ෂය සඳහා අයවිය යුතු රුපියල් කෝටි 42 කට අධික බදු මුදල් නොගෙවීම නිසා එම …
Continue Reading
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළු සල්ලි සුදු වී පිට වුණු තැන සොයයි
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වෙනත් සමාගම් කිහිපයකට මුදල් බැරකර එම ගිණුම්වලින් අදාළ මුදල් ප්‍රමාණය නෝට්ටු ලෙස ලබා ගැනීම තුළින් මුදල් යොමු වූ අවසාන ස්ථානය වසන් කිරීමට අපේක්ෂා කර ඇති බව බැඳුම්කර වංචා පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වර්තමාන මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා මහතා මේ …
Continue Reading
CIDය සහ නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි සඳහා බලපෑම් නොකළ බව PPTප්‍රධාන ගැනුම්කරු කියයි
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතීපති දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ ගන්නා විට බලපෑම් කළේ නැතැයිද 2014 සිට 2015 දක්වා මේ කටයුතු සිදු කළේ කසුන් පළිසේනගේ උපදෙස් මත යැයිද ලියවිල්ලට ‘Informant’ ශිර්ෂය යෙදුවේ කසුන් පළිසේන වාචිකව දුන් උපදෙස් මත යැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා පැවසීය. කොමිසමට සහය වන ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ …
Continue Reading
මහ බැංකුවට එරෙහි පර්පචුවල් ට්‍රෙෂරීස් පෙත්සම 19ට කල්යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම සමාගමට ලබාදී තිබූ බලපත්‍රය අත්හිටුවිමට ගෙන ඇති තීරණය අහෝසි කරන්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 19 වනදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය කල්දමා ඇත. අදාල පෙත්සම අද (13)ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවූ අතර එහිදි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරනයට දන්වා සිටියේ එම පෙත්සමේ වගඋත්තර කරුවන් දෙදෙනකු ධුරයන් වෙනස් …
Continue Reading
බැඳුම්කර කොල්ලයට රහස් ගන්න පරපෙචුවල් සල්ලි කඳුපිටින් බෙදූ බව පිළිගනී
දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස් තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීෆ් ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය. චාලි, …
Continue Reading