මෛත්‍රි කළේ එදාමෙදාතුර ඔහු කළ වටිනාම කතාවයි

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නියෝජියන් ඉදිරියේදී පසුගිය වසර තුනහමාරක අතීත කතාවේ ඇත්ත, ඇති සැටියෙන් සියල්ලන් ඉදිරියේදී නොබියව පැවැසීම එතුමාගේ දේශපාලන ජීවිතයේදී සිදුකළ වටිනාම කතාව ලෙස ඉතිහාසයට එක්වන බවත්, එතුමාගේ හිත තුළ සඟවාගෙන තිබූ රටේ ජනතාව නොදැන සිටි බොහෝ දේ හෙළි කිරීමෙන් මේ රටේ ජනතාවට දේශපාලනය යනු කුමක්දැයි වටහා ගැනීමට හැකි වූ …

Continue Reading

එජාපෙය රනිල්ගේ ආණ්ඩුවක් සමඟ පෙරට යන්න සූදානම්! ඇමතිකම් ටිකත් වෙන්කර ගනී

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද දින 45 කට පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට ඉඩ කඩ සැලසූ අතර ඒ අනුව හෙට(16) දිනයේදී …

Continue Reading

මගෝඩි ව්‍යවස්ථා සංශෝධනය හා වැරැදුණු කුරුමානම

2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය. ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. ඒ වන විට ආසන 157ක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඔවුන් සමඟ එක් වී …

Continue Reading

මෛත්‍රී-මහින්ද ආණ්ඩුව වැඩ පෙන්වයි; ජනතාවට සහන සිල්ලරට නොව තොග පිටින් දෙයි!

සාමාන්‍යයෙන් රජයක් තමන්ට වාසිදායක ලෙස ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැයෙන් වන අතර එය සිදුකරනු ලබන්නේද දේශපාලන න්‍යාය පත්‍රයක් මතය. එහෙත් නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව පිහිටුවා සතියක් උදාවන මොහොතක බදු බරින් සහ ආර්ථික බරින් බැට කෑ ජනතාවට සහන ලබාදීම අරඹා තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යධුරය දරන …

Continue Reading

ඇමතිකමට මුවා වී ආණ්ඩුව වැනසූ මංගල, ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කළ මඩ ප්‍රහාරවල තරම හෙළිවෙයි! (වීඩියෝ)

පැවති සම්මුතිවාදී ආණ්ඩුවේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ පින්සිරි මංගල සමරවීර එම ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රටේ ජනාධිපතිවරයාට එරෙහිව අතිදැවැන්ත මඩ ව්‍යාපාරයක් මෙන්ම, කුමන්ත්‍රණ ව්‍යාපාර සිදුකළ බව අපද හෙළි කළෙමු. වසර ගණනාවක් පුරා රටේ පාලන බලය ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහය ඇතිව සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමේ අවස්ථාව ජනාධිපති …

Continue Reading

“ගම්පෙරළිය” ගැන ජනපති අවධානයෙන්!

ගම්පෙරළිය’ වැඩසටහන හරහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට වෙන් කෙරෙන මුදල් නිසි පරිදි ලැබෙනවාදැයි යන්න පිළිබඳ ජනාධිපතිවරයා ඉතා විමසිල්ලෙන් සිටින බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගෙන් ඒ ගැන නිතර පැමිණිලි ලැබුණු අතර තමන් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද හෙතෙම කීවේය. එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු පමණක් එම වැඩසටහන හරහා ලැබෙන මුදල් භාවිත කිරීම නිසා …

Continue Reading

රනිල්ගෙන් මෛත්‍රීට හයිබ්‍රිඩ් ප්‍රහාරයක්! මෛත්‍රී වෙනුවෙන් සෙබළෙක් වත් නැති හැඩ!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරන්තර ප්‍රහාරයට ලක්වන එක්සත් ජාතික පක්ෂය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය යටතේ තීරණයකට පසුගියදා එළඹ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම නායක රනිල් වික්‍රමසිංහගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු මෙම තීන්දුවට පැමිණ තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූ එජාපයේ පසුපෙළ සහ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් පවසා …

Continue Reading

අර්ජුනගෙන් ජනපතිට කිසිකන පහරක්

අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන අද (24) එක් වෙමිනි. …

Continue Reading

පක්ෂ 2ක්, න්‍යායන් 2ක්, ප්‍රශ්නයක් ආවාම අපි වාද-විවාද කරනවා; නොදන්න අය හිතනවා අපි රණ්ඩුවෙනවා කියලා

මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් කියන්නේ න්‍යායන් දෙකක්. මත දෙකක්. දර්ශන දෙකක්. නායකයන් දෙපළක්. එහෙම දෙපිරිසක් එකට එකතුවෙලා සාකච්ඡා කරලා සම්මුතියකට ඇවිත් යෝජනා චෝදනා කරගෙන තර්ක විතර්ක කරගෙන ආණ්ඩුව කරගෙන යන්නේ. යම් යෝජනාවක් ආවම දෙපිරිස අතර සාකච්ඡා වෙනවා ඒකෙ හොඳ නරක ගැන. ඉතින් මේක බලාගෙන ඉඳලා කියනවා ඔන්න ආණ්ඩුවේ අය ගහගන්නවා කියලා. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න කියලා. එහෙම …

Continue Reading

2014 මම එජාපය සමඟ එකතු වුණේ ඩී.එස්.ගේ, ඩඩ්ලිගේ පක්ෂය කියලා හිතාගෙන (වීඩියෝ)

“2014 නොවැම්බර් මාසයේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදිහට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්‍ෂයට තමයි එකතු වුණේ කියලා. එහෙත් ඩී.එස්.ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට තේරුණේ පසුවයි” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ඩී.එස්., ඩඩ්ලි, එෆ්.ආර්. සේනානායක වැනි චරිත තුළ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය නොතිබුණු …

Continue Reading