ආනයනික කිරිපිටිවල නැති ප්‍රමිතියක් සහතික කරන්න ඇමති රාජිත සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එළියට බසී(වීඩියෝ)

ආනයනික කිරිපිටිවල මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ රසායන ද්‍රව්‍ය සහ ඌරුතෙල් අඩංගු බවට හෙළිවීමත් සමඟ එම කිරිපිටිවලට නැති සහතික ලබාදෙමින් එම බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනීසිටීමට මින් පෙර තනිව ඉදිරිපත් වූ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මෙවර තම අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන්ද කැඳවමින් මාධ්‍ය හමු පවත්වමින් සිටී. එලෙස පවත්වන මාධ්‍යහමු මඟින් ආනයනික කිරි පිටි සම්බන්ධයෙන් පැතිර යන කථාවල කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නොමැති බව …

Continue Reading

කිරිපිටි කොම්පැණිකාරයින්ට යටවෙලා ඒ අයට ඕන විදියට මේ රටේ සෞඛ්‍යය හසුරුවන්න දෙන්න බැහැ

අපි කිරි පිටි කොම්පැණිකාරයින්ට යටවෙලා, කිරිපිටි කොම්පැණිකාරයින්ට ඕන විදියට මේ රට හසුරුවන්න, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරුවන්න දෙනවා නම් ඒක ඉතාමත් වැරදි යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (15) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. බහුජාතික සමාගම් විසින් මේ රටට ගෙන්වන පිටිකිරි කවුරුන් කොහොම කිව්වත් සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නැතැයිද ජනාධිපතිවරයා කීය. මහවැලි ගොවීන් 10,000 කට ඉඩම් ඔප්පු ලබාදීම සහ ආහාර නිෂ්පාදන ජාතික …

Continue Reading

ආනයනික කිරිපිටි වල අඩංගු විෂ රසායන පිළිබඳ වහාම පරීක්ෂණ සිදුකරන්න! රජයේ වෛද්‍ය නිලධාරීන් ජනපතිගෙන් යළි ඉල්ලයි

ආනයනික කිරිපිටි වල අඩංගු බවට මේ වන විට සොයාගෙන ඇති විෂ රසායන ද්‍රව්‍ය පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් යළි ඉල්ලීමක් සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජය, ජනාධිපති ලේකම් කාර්යාලය, …

Continue Reading