රට පැන්න ගෝඨාභය ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නඩු

වීරකැටිය මැදමුලන ඩි.ඒ රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාක්මක කිරීම මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු දණ්ඩ නීති සංග්‍රහයේ හා පොදු දේපළ පනත යටත‍ට ගැනෙන වැරැදි සිදු කර ඇතැයි නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබා දුන්නේ යැයි මුල්‍ය අපරාධ කොට්ඨාසය පෙරේදා (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා වෙත කරුණු දැක්වීය. තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා …

Continue Reading

පූජ්‍ය ධරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි… ගෝඨා, දිලීත්, අලස් කුමන්ත්‍රණයක!

ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් මෙම කුමන්ත්‍රණය දියත් වන බවටද අප විශේෂ වාර්තාකරු අනාවරණයි කළා. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය …

Continue Reading

ඝාතන රැසකට වගකිව යුතු ගෝඨාභයට තවත් බුරුලක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ කුප්‍රකට මිනීමැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු බවට නම ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාට අද තවත් බුරුලක් ලැබී ඇතැයි වාර්තාවේ. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නොහොත් රාජපක්ෂලාගේ අම්මා-අප්පා කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් …

Continue Reading

ගෝඨා-භයෙන් බොරු භීතියක්! අත්අඩංගුවට ගන්නා බවට බොරු ප්‍රචාරයක්! (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට සඳහන් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට රාජපක්ෂ රෙජීමය විසින්ම සැලසුම් සහගත අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවට ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙය රාජපක්ෂ රෙජීමය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් දේශපාලන සැලසුමක් මත උපක්‍රමිකව ප්‍රචාරය කරමින් සිටින බවට අප වෙත වාර්තාවේ. මෙතෙක් අත් අඩංගුවට …

Continue Reading

ගෝඨා බලහත්කාරයෙන් කොල්ල කෑ ඉඩමක් හිමිකරු ජනපතිගෙන් ඉල්ලයි

කොළඹ 03 සයිමන් හේවාවිතාරණ මාවතේ අංක 08 දරන ස්ථානයේ පිහිටි පර්චස් 15.2ක ඉඩම 2012-02-23 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලහත්කාරයෙන් පවරා ගැනීම නිසා එම ස්ථානයේ පවත්වාගෙන ගිය යුරෝ කාර්මාර්ට් පුද්ගලික සමාගම වසා දැමීමට සිදු වීමෙන් තමාට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව එහි හිමිකරු ගාමිණී වික‍්‍රමරත්න මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත. අදාළ ඉඩම නාගරික සංවර්ධන …

Continue Reading

රතුපස් වල සිද්ධිය යට ගැසීමේ තවත් සැලැස්මක්!

පැවති මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදු වූ බව කියන ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයා වෙත යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දන්වා ඇත. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින යුද හමුදා සාමාජිකයින් …

Continue Reading

‘අම්මා-අප්පා’ කෞතුකාගාරය වෙනුවෙන් කෝටි ගණනක මහජන මුදල් ගෝඨාභයගේ අත්සනින්!

රාජපක්ෂලාගේ දෙමාපියන් වන ඩී. ඒ.රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ව්‍යාපෘතිය ඉදි කිරිම සඳහා නියෝග දුන්නේ යැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අස්සන් සංසන්දනය සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා ඇති බව මුල්‍යය අපරාධ කොට්ඨාසය …

Continue Reading

වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් සාක්ෂියක්

පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා මත 2012 වසරේ නොවැම්බර් මස 10 වනදා සිදුකළ අමානූෂීය වැලිකඩ සංහාරයට වගකිව යුතු සහ එහි සැලසුම් ප්‍රධානියා ලෙස සැලකෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබේ. මේ එම ප්‍රකාශ සහ ඊට අදාළව සිදුකෙරෙන සුවිශේෂී අනාවරණයක් සම්බන්ධයෙන් වූ වාර්තා කරණයකි.

Continue Reading

Exclusive: ඩීල් මතින් මිනීමරු ගෝඨා කට්ටි පැනීමේ සැලැස්මක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ප්‍රධානියා වූ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ වත්මන් යහපාලනයේ ඩීල් කරුවන්ට මුවා වී සියලු මිනීමැරුම් සහ කුප්‍රකට ජාවාරම්වල වරදකරු වීමෙන් මුදවා දේශපාලනිකව සුදුකිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මිනීමරු ගෝඨා විසින් සිදුකළ ප්‍රදීප් එක්නැළිගොඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන වලට එල්ල වූ ප්‍රහාර මෙම ඩීල් දැමීම …

Continue Reading

ගෝඨා අපහරණය කළ කෝටි 4ක් ගැන පරීක්ෂණ

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට කොන්සල් ජනරාල්වරයෙක් පත් නොකර කොන්සල් ජනරාල් කාර්යාලයක් සඳහා ගොඩනැගිල්ලක් කුලි පදනම මත ලබා ගනිමින් රුපියල් හාරකෝටි අටලක්ෂ තිස්හතර දහස් දෙසිය අනුනමයක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කර ඇති බවට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (31) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබිය. මෙම නිල නිවස ලබා ගැනිම සඳහා නිවාස කුලිය දුරකතන, විදුලිය අන්තර්ජාල පහසුකම් ,ජලය ගෑස් මෙන්ම අනෙකුත් …

Continue Reading