පූජ්‍ය ධරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි… ගෝඨා, දිලීත්, අලස් කුමන්ත්‍රණයක!

Spread the love

ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් මෙම කුමන්ත්‍රණය දියත් වන බවටද අප විශේෂ වාර්තාකරු අනාවරණයි කළා.

වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් අද (05) උදැසන විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට යළි වැඩම කරවා ගෙන එනු ලැබුවා.

සාමාන්‍ය ගුවන් යානයකින් ඇමරිකාවට වැඩම කළ ධරණගම කුසලධම්ම නා හිමියන් රටට යළි වැඩමවා ගෙන ඒමට සිදුව තිබෙන්නේ විශේෂ ගිලන් ගුවන්(AMBULANCE PLANE) යානයකිනි.

දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට වැඩම කරවා ගෙන එනු ලැබූ ධරණගම කුසලධම්ම නා හිමියන් මේ වන විට නාරාහේන්පිට ඇපලෝ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණයි කළේ.

මීට මාසයකට පමණ ඉහතදී වෛද්‍ය පරීක්ෂණ සඳහා සාමාන්‍ය තත්වයෙන් ඇමරිකාවට වැඩම කළ ධරණගම කුසලධම්ම නා හිමියන් එරට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අසාධ්‍ය තත්ත්වයට පත්වීම පිළිබඳව මේ වන විට බරපතළ සැකයක් මතුව තිබේ.

ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමරිකාවට වැඩම කරවීමට මැදිහත් වී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය, දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීර, හර්ෂ අලස් ප්‍රධාන කණ්ඩායමක් විසින් වන් අතර අමෙරිකානු සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය තත්වයට පත්වීම පසුපස මෙම කණ්ඩායම ක්‍රියාත්මක බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් මෙම කුමන්ත්‍රණය දියත් වන බවටද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මැතිවරණය ප්‍රකාශයට පත්කිරිමත් සමග ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව බලාගිය අතර එහිදි අවස්ථා ගණනාවකදි කුසලධම්ම නා හිමියන් වැඩසිටි එම රෝහලට ගෝඨා ප්‍රමුඛ් කුමන්ත්‍රණ කණ්ඩායම පැමිනී බවත් ඔහුන්ගේ අනුදැනුම මත විශේෂ වෛද්‍යවරුන් හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව සොයා බැලිමට කටයුතු කර ඇති බව අමෙරිකාවේ සිටින විශේෂ පුද්ගලයෙකු අප වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

උපුටා ගැනීම: lankaleaks.net

RSL

Related Posts