පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම අත්සන් කළත් රනිල්ට අගමැති කම දෙන්නේ නැහැ සහතිකයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර දුන්නද තමන් කිසිසේත්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධුරය ලබා නොදෙන බවට සහතිකයක් ඊයේ(03) එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන්නේය. එම නිසා යළි රනිල් අගමැති වේයැ’යි කියා බිය නොවී, සැක හැර කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තමා හමුවී ඇසීමෙන් ඵලක් නොවන බවත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කොට තිබේ. මෙම සාකච්චාව …

Continue Reading

රනිල් ගත් තීන්දුවට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධාන අනුර කුමාර දිසානායක, ආර් සම්බන්ධන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට තමා එකඟ නොවන බවත් ඊට එරෙහිව හෙට(04) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් අභියානාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයකට ලක් කර ඇති අග්‍රාමාත්‍ය මහින්ද …

Continue Reading

මිනීමරලා පුරුදු අපිට සිරිසේනව එළියට ඇඳලා මරලා දාන එක වැඩක් නොවෙයි – එජාපයේ මන්ත්‍රීමැරයෝ ප්‍රසිද්ධියේ තඟ දමති (Video)

අගහරුවාදා(04) වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදෙන විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජානගත මන්ත්‍රීමැරයින් විවිධ ස්ථානවල ජනාධිපතිවරයාව ලිබියාවේ ගඩාෆි මරා දමා තිබූ අන්දමට මරා දමන …

Continue Reading

Exclusive: රනිල් වැනි ජාත්‍යන්තරය ජයගත් නායකයෙක් මිස වෙන කෙනෙක් අපට නැහැ! එජාපය අවසන් තීරණයට එලඹෙයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිවන්නේ නම් එය රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයෙන් සහ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් විය යුතුම බව එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද(02) පැවත්වීමට නියමිතව තිබූ හමුවට පූර්ව සාකච්ඡාවක් ලෙස පැවති මෙම තීරණාත්මක සාකච්ඡාවේදී ඉන් ඔබ්බට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් එක්ව සිදුකළ සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ ඇත. රනිල් වික්‍රමසිංහ …

Continue Reading

රනිල්ගේ නායකත්වයට නව ජවයක් දෙමින් එජාපය වැඩ අරඹයි..! (Video)

එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අගමැතිකම ජයගන්නට නව ජවයක් වන්නට සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලිය අද (01) කොළඹින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන “යුක්තියේ යාත්‍රාව” රථ පෙලපාලියේ සමාරම්භයට පෙර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට ද එක් විය. එම අවස්ථාවට පක්ෂ …

Continue Reading

එජාපෙයේ ‘සිකුරාදා ප්‍රීතිමෝදය’ ශෝකාන්තයෙන් කෙළවර වෙයි!

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ එජාපයේ රනිල්වාදීන් ඊයේ (30) බලාපොරොත්තු වූ “සිකුරාදා ප්‍රීතිප්‍රමෝදය” මාධ්‍යම උදාවෙත්ම ශෝකාන්තයකින් අවසන්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා විය. ජනාධිපතිවරයා හමුවී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තමන්ට බහුතරය ඇති බවත්, එම නිසා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට යළි අගමැති දෙන ලෙසත්, ඉල්ලමින් දිගින්ටම පිං සෙන්ඬු වී ඇති අතර එය ජනාධිපතිවරයා පයිසකටවත් …

Continue Reading

රනිල්ගේ බත් බැලයෙකු වන චීවරදාරී දඹර අමිල 2015 සිට ලිට්‍රෝ ගෑස් එකෙන් මිලියන ගණන් ගහලා

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල සේවකයෙකු මෙන්ම ඔහුගේ බත් බැත් බැලයෙකු වන කුප්‍රකට දඹල අමිල නම් භික්ෂුවට එක්සත් ජාතික පක්ෂ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම හරහා 2015 වසරේ විට මාස්පතා මුදල් මිලියන ගණනක් කප්පම් ලෙස ගෙවා ඇති බවට අද(29) අධිකරණය හමුවේ අනාවරණය විය. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් …

Continue Reading

ඓතිහාසික මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි ලඟදීම සරල සිංහලෙන්

බැඳුම්කර ගනුදෙනුවෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි විස්තර කෙරෙන වාර්තාවක් ලබන සතියේ එළියට එන බවත් එවිට කෑ කෝ ගසන කාගේත් කටවල් වැසෙන බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයා කියා තිබියදී ඒ ගැන නොසළකා ඔහුව මෙරටට ගෙන්වා මහා බැංකුව ඔහුටම බාර දුන් බවත් පෙන්වා දුන්නේය. ඔහු මේ අදහස් පළකෙළේ …

Continue Reading

කළ පව් තනියම කරගහන්න බැහැ; ජනපතිටත් කොටහ අරගන්න එජාපයෙන් එන්න කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය දැරූ පසුගිය වසර තුනහාමාරක කාල සීමාව තුළ දූෂණ වංචා සිදුවී ඇත්නම් ජනාධිපතිවරයාටද එම දෝෂාරෝපණය සමසේ එල්ල වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද(26) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා …

Continue Reading

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ වංචා සෙවීමට වහාම ජනාධිපති කොමිසමක්!

මහ බැංකු බැඳුම්කර කොල්ලය ඇතුළුව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ කටයුතු කළ කාල සීමාව තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත්, ඒ හරහා ඔවුන්ගේ තවත් වංචා – දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටේ ජනතාවට අනාවරණය වනු ඇති බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදෙස් ජනමාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ. ඊයේ (25) ජනාධිපති නිල නිවෙසේදී විදෙස් …

Continue Reading