සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් තවත් සමාජ සත්කාරක වැඩසටහනක්
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මගින් අනුරාධපුර තලාව ශ්‍රි ඥානෝදය පිරිවෙනෙහි වැඩවාසය කරන්නා වූ ස්වාමීන් වහන්සේලා උදෙසා ඇදන්, කොට්ට, මෙට්ට හා ඇද ඇතිරිලි ඇතුළු උපකරණ කට්ටල පූජා කිරීමේ වැඩසටහනක් පසුගිය දින සිදුකරන ලදි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් 22 වන වරටත් සංවිධානය කරන ලද සණස නෙළුම් මල් පූජාවට සමගාමීව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සණස ව්‍යාපාරයේ නිර්මාතෲ විශ්ව ප්‍රසාදිණී ආචාර්‍ය පී.ඒ කිරිවන්දෙණිය මැතිතුමන්ගේ …
Continue Reading
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් සංවර්ධන ප්‍රධානී ලෙස කෙනඩි ජේ. මයිකල් පත්වෙයි
දිවයිනේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පී.එල්.සී හි මානව සම්පත් සංවර්ධන ප්‍රධානී ලෙස කෙනඩි ජේ. මයිකල් මහතා පත්කර ඇත. රක්ෂණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර ගණනක අත්දැකීම් ඇති කෙනඩි මහතා ගණකාධිකරණය, මූල්‍ය ආර්ථික විද්‍යාව, අලෙවිකරණය හා කලමනාකරණය යන විෂයන්හී හසල දැනුමක් ඇති වෘත්තිකයෙකු ලෙස සැලකේ. “අප සතු වටිනාම සම්පත අපගේ සේවක කණ්ඩායමයි, ඔවුන්ගේ පුද්ගලික සංවර්ධනය මෙන්ම වෘත්තීය සංවර්ධනය වෙනුවෙන්ද ආයතනයක් …
Continue Reading
ඉල්ලීම් කිහිපයක් ඇවිත් තිබුණත් යළි අගුළු දැමීමක් නෑ
-
Editor
-
January 29, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අගුළු දැමීම සඳහා ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත්ව ඇත ද මේ වන විට එය පැනවීමට කිසිදු සැලසුමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය වෙත කියා සිටියේ ජනතාව තවත් රැල්ලකට ආරාධනා නොකරන ආකාරයට හැසිරිය යුතු බවයි. “දැනට අපගේ උපාය මාර්ගය වන්නේ රට විවෘතව තිබියදී මෙම තත්ත්වය පාලනය කිරීමයි. අපි මෙවර අගුළු දැමීමකට ගියහොත් එය දෛනික ආදායම් …
Continue Reading
‘අති බිහිසුණු කොවිඩ් වෛරසයක්’ ගැන WHO දැඩි අවධානය
NeoCov හි මිනිසුන්ට ඇති විය හැකි අනතුර තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව WHO පවසයි දකුණු අප්‍රිකාවේ වවුලන් අතර පැතිර යන කොරෝනා වයිරස් වර්ගයක් වන NeoCov වලින් මිනිසුන්ට සිදුවිය හැකි අනතුර වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. TASS ප්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වන ලද පරිදි, “අධ්‍යයනයෙන් අනාවරණය වූ වෛරසය මිනිසුන්ට අවදානමක් ඇති කරයිද යන්න වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය වනු ඇත” …
Continue Reading
හෂීෂ් වල තිඹිරි ගෙය සොයා ගිය සුන්දර සංචාරය
ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයින් අතර ප්‍රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිශ්පාදනක් වන ‘හෂීෂ්’ තොගයන්, සහ මනෝභ්‍රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත් දුමෙන් ඔබ්බට නෙත් යොමුකළහොත්, ඔබට ජනප්‍රවාද, කුතුහලය, සහ පිළිතුරු නොමැති ප්‍රශ්නවලින් පිරි ‘නිධානයක්’ සොයාගත හැකි ය. හිමාලයේ ශිඛර අතර පිහිටි මලානා, දුෂ්කර බෑවුම් හා හිමෙන් වැසුණු කඳු මුදුනින් …
Continue Reading
එන්නත්කරණයට වසරයි: ‘ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය ජයගනිමින් සිටිනවා
ත්‍රස්තවාදී උවදුර පරාජය කර රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් අයුරින් ගෝලීය ව්‍යසනය පරදා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය මේ වන විට ජයගනිමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය භාරගත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආභාෂය ලැබූ වත්මන් ජනාධිපතිවරයා කොවිඩ් ව්‍යසනය පැරදීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව අමාත්‍යවරයා කීය. මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර අදට …
Continue Reading
Data Culture එකක් සෑදීම අපි ශ්‍රී ලංකා රේගුවෙන් ආරම්භ කරනවා
ලෝක රේගු සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ “දත්ත සංස්කෘතික පරිසරයක ඩිජිටල්ගත රේගු ක්‍රමවේදයක් තුළින් නව ප්‍රගමනයකට” යන මෙවර තේමාව රැගත් ජාත්‍යන්තර රේගු දිනය සැමරීමේ උත්සව අවස්ථාවට සහභාගීවෙමින් පසුගිය (26) වනදා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි ශ්‍රවණාගාරයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය. ජාත්‍යන්තර රේගු ප්‍රමිතීන්ට නිසි පිළිගැනීම ලබාදෙමින් නීත්‍යානුකූල වෙළඳාම උදෙසා පහසුකම් සපයන්නෙකු ලෙසත් ශ්‍රී ලංකා ආර්ථිකය වෙනුවෙන් ආදායම ජනනය කරන්නෙකු …
Continue Reading
ක්ෂීරපථයේ සැරිසරන ‘භයංකාර’ කැරකෙන වස්තුවක් සොයාගනියි
මින් පෙර දැක තිබෙන සියලු ආකාශ වස්තූන්ගෙන් වෙනස්වන, නාඳුනන භ්‍රමණය වන වස්තුවක් ක්ෂීරපථයේ සැරිසරන බව නිරීක්ෂණය වී ඇතැ යි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ පවසති. විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් අනාවරණය කරගන්නා ලද මෙම වස්තුව, සෑම මිනිත්තු 18කටම වරක් සම්පූර්ණ මිනිත්තුවක් තිස්සේ අධික ගුවන් විදුලි තරංග ශක්තියක් නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇත. විශ්වයේ රැඳී තිබෙන ශක්තිය නිකුත් කරන වස්තූන් බොහෝදුරට ලේඛනගතව ඇත. නමුත් පර්යේෂකයන් …
Continue Reading
කොළඹ ජාත්‍යන්තර පාසල්වල 92%කට බූස්ටර් එන්නත – රජයේ පාසල්වල 50%යි !
කොළඹ නගරය තුළ දිනකට COVID-19 රෝගීන් 35 ක් පමණ වාර්තා වන අතර එය රටේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලට වඩා බෙහෙවින් යහපත් බව කොළඹ මහ නගර සභාවේ (CMC) ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය. කොළඹ නගරය තුළ දැනට දිනකට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 150ක් පමණ සිදු කරන බව වෛද්‍ය විජයමුණි පැවසීය. “පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කරනු ලබන්නේ කැම්බල් උද්‍යානයේ පිහිටි පරීක්ෂණ මධ්‍යස්ථානයේ වන …
Continue Reading
හෙට සිට ‘බූස්ටර් එන්නත් සතියක්‘ ප්‍රකාශයට පත් කරයි
-
Editor
-
January 28, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහනේ පළමු වසර සම්පූර්ණ කිරීමට සමගාමීව හෙට (29) සිට බූස්ටර එන්නත් සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවර්ධන බූස්ටර එන්නත් කිරීමේ වැඩසටහන දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල (MOH) පවත්වනු ලැබේ. එන්නත් කිරීමේ වැඩසටහන නිල වශයෙන් ජනවාරි 29 වන දින ආරම්භ කරන ලද අතර මේ වන විට …
Continue Reading