සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් සංවර්ධන ප්‍රධානී ලෙස කෙනඩි ජේ. මයිකල් පත්වෙයි

Spread the love

දිවයිනේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පී.එල්.සී හි මානව සම්පත් සංවර්ධන ප්‍රධානී ලෙස කෙනඩි ජේ. මයිකල් මහතා පත්කර ඇත.

රක්ෂණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර ගණනක අත්දැකීම් ඇති කෙනඩි මහතා ගණකාධිකරණය, මූල්‍ය ආර්ථික විද්‍යාව, අලෙවිකරණය හා කලමනාකරණය යන විෂයන්හී හසල දැනුමක් ඇති වෘත්තිකයෙකු ලෙස සැලකේ.

“අප සතු වටිනාම සම්පත අපගේ සේවක කණ්ඩායමයි, ඔවුන්ගේ පුද්ගලික සංවර්ධනය මෙන්ම වෘත්තීය සංවර්ධනය වෙනුවෙන්ද ආයතනයක් ලෙස අපේ වගවීමක් තිබෙනවා. සණස ලයිෆ් ආරම්භයේ සිටම සෑම විටම සේවක සුභසාධනය හා සංවර්ධනය වෙනුවෙන් කැපවුණු ආයතනයක්. ඒ දැක්ම ඉදිරියටත් රැගෙන යමින් දේශීය මෙන්ම අන්තර්ජාතිකව පිළිගත් සේවක සංවර්ධන ක්‍රමෝපායන් භාවිතා කරමින් අපගේ සේවක කණ්ඩායමේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම මගේ වගකීමයි.. මම ඒ වෙනුවෙන් මගේ උපරිමය ආයතනය වෙත ලබාදීමට කටයුතු කරනවා” යනුවෙන් කෙනඩි මහතා අදහස් දැක්වීය.

වසර 30 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ආරම්භ කරන ලද්දේ හදිසි අනතුරකදී රක්ෂණ ප්‍රතිලාභ නොලබන ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට සහනයක් ලබා දීම පිණිස ය. දැවැන්ත රක්ෂණ සමාගමකට අඩිතාලම සපයමින් 1991 ඔක්තෝම්බර් මාසයේදී සමස්ත ලංකා අන්‍යොන්‍ය  රක්ෂණ සංවිධානය (ALMAO) යන නමින් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම,  එමගින් රු. 5 සිට 20 දක්වා වන ඉතාමත් කුඩා මාසික ගාස්තුවක්  අය කරමින් සුවහසක් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රක්ෂණ විසඳුම් ලබාදෙන ලදි. 2003 වසරේදී සණස, ජීවිත රක්ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත්‍රය හිමි කරගත් අතර, ඉන් වසර දෙකකට පසු සාමාන්‍ය රක්ෂණ සමාගමක් ලෙස ක්‍රියාත්මක වීමේ බලපත්‍රයද ඒ වෙත හිමි විණි. මේ වසරේදී කොටස් වෙළඳපළ ලැයිස්තුගත සමාගමක් බවට පත්වූ සණස ලයිෆ් අද වන විට මෙරට තරුණ පරම්පරාවට රැකියා අවස්ථා දහස් ගණනක් උදා කර දෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සැපයුම්කරුවෙකි.

Related Posts