Data Culture එකක් සෑදීම අපි ශ්‍රී ලංකා රේගුවෙන් ආරම්භ කරනවා

Spread the love

ලෝක රේගු සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ “දත්ත සංස්කෘතික පරිසරයක ඩිජිටල්ගත රේගු ක්‍රමවේදයක් තුළින් නව ප්‍රගමනයකට” යන මෙවර තේමාව රැගත් ජාත්‍යන්තර රේගු දිනය සැමරීමේ උත්සව අවස්ථාවට සහභාගීවෙමින් පසුගිය (26) වනදා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි ශ්‍රවණාගාරයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජාත්‍යන්තර රේගු ප්‍රමිතීන්ට නිසි පිළිගැනීම ලබාදෙමින් නීත්‍යානුකූල වෙළඳාම උදෙසා පහසුකම් සපයන්නෙකු ලෙසත් ශ්‍රී ලංකා ආර්ථිකය වෙනුවෙන් ආදායම ජනනය කරන්නෙකු ලෙසත් නීතිය නිසි පරිදි ක්‍රියාවට නංවන්නෙකු ලෙසත් සමාජ සුබ සාධනය, සමාජ ආරක්ෂණය සලසන්නෙකු ලෙසත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන අතර වසර 200කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි.

යුරෝපීය රටවල් 17 ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952 රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කර ඇත. ශ්‍රී ලංකාව 1967 වර්ෂයේ දී එහි සාමාජිකත්වය ලබාගෙන තිබේ. රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු සැසිය 1953 ජනවාරි 26 වෙනි දින බෙල්ජියම් රටේ බ්‍රසල්ස් නුවර දී පැවැත්වීම නිමිත්තෙන් එම දිනය ජාත්‍යන්තර රේගු දිනය වශයෙන් නම් කර ඇත.

ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි 26 වන දින ලෝකයේ සියලුම රටවල ඇති රේගු පරිපාලන ආයතන විසින් ජාත්‍යන්තර රේගු දිනය උත්සවාකාරයෙන් සමරනු ලබයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවිප්‍රිය මහතා ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විට ඩිජිටල්  තාක්ෂණය භාවිත කරමින් තම සේවා සැපයීමේ දී ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ව විස්තර කරන ලදි.

එමෙන්ම ලෝක රේගු සංවිධානයේ මහ ලේකම් ආචාර්ය කූණියෝ මිකුරියා මහතා විසින් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රගමන අගයමින් සහ රේගු දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින්  පණිවිඩයක් එවා තිබිණි.

එසේම රේගුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් රටේ ආර්ථික දියුණුවට දායකවූ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ  නිලධාරීන් ඇතුළු රේගුවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ රේගු නිලධාරීන් තිස්පස් දෙනෙකුට ලෝක රේගු සංවිධානය විසින් ලබාදෙන සහතික පත් ප්‍රදානය කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදි අමාත්‍යවරයා මෙසේද කීය.

‘‘ජාත්‍යන්තර රේගු දිනය සමරමින් ඔබ නව ගමනකට පා තබන්න කටයුතු කළ මෙම අවස්ථාවට ප්‍රථමයෙන්ම මා සුබ පතනවා.

මම නව ගමනක් යන වචනෙ පාවිච්චි කළේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සමරන තේමාව දෙස බැලුවම අද ඩිජිටල්කරණයෙන් ඔබ්බට ගොස් Data culture එකක්, Data Eco System එකක් හදන තැනට ශ්‍රී ලංකා රේගුව පරිවර්තනය කිරීමට ඔබ කටයුතු කරනවා.

ඔබ මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ආයතනයක්. ඒ වගේම රටේ මහා පරිමාණ ආයෝජකයාගේ නිෂ්පාදන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ නිෂ්පාදන ලෝකයට හඳුන්වාදෙන විට ඒ හඳුන්වාදෙන නිෂ්පාදනවල සෘජු අතරමැදියා ලෙස කටයුතු කරන්නෙ ඔබ.

සමහර අවස්ථාවල යථාර්ථයට වඩා සමාජයට මවලා තිබෙන චිත්‍රය වෙනස්. සමාජය සමහර අවස්ථාවල ඔබ දෙස බලන්නේ වපර ඇහෙන්. ඒ ඔබ, ඔබේ රාජකාරිය ඉටු කරන නිසා. මේ රටට එන භාණ්ඩ, රටින් පිටව යන දේවල් පිළිබඳව ඔබේ රාජකාරිය ඔබ ඉටු කරන නිසා.

ඒ වගේමයි අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය සහ ගෝලීය වසංගතයත් සමග අපට මුහුණපාන්නට තිබෙන අභියෝගත් සමග බලනවිට එන්නත්කරණයත් සමග සංචරණ සීමා වලින් අපි ඈත් වුණත් තවම ආනයන සීමා පිළිබඳව අපි කතා කරනවා.ආනයන අපනයන පිළිබඳ කාරණයේ දී ගෝලීය වෙළඳපොළේ තිබෙන තත්ත්වය මත සියලුම තීන්දු තීරණ ගනු ලබනවා.

ඒ කෙසේ වෙතත් සංචරණ සීමා තිබුණු අවධියේ පවා ඔබ ඩිජිටල්කරණයෙන් ඉදිරියෙන් සිටි ආයතනයක්. ඒ නිසා රටේ ආර්ථිකය හසුරුවාගන්න අපිට විශාල දායකත්වයක් ලැබුණා. මේ වනවිට රාජ්‍ය ආයතන අතුරින් ඩිජිටල්කරණයෙන් ඉදිරියෙන්ම සිටින ආයතනයක් ලෙස ඔබේ ආයතනය අපිට හඳුන්වන්න පුළුවන්.

අවම වශයෙන්  2025 වනවිට රාජ්‍ය යාන්ත්‍රණය තුළ තිබෙන ආයතනවල ජනතාවට ලබාදෙන සේවාවන් අතරින් අවම වශයෙන් 50%ක් Paperless වලට පරිවර්තනය කරන්න අපිට ඉලක්කයක් තිබෙනවා. මම හිතන්නේ මේ වනවිටත් රේගුව එම කාරණයේ දී ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා. ඒ පිළිබඳව අපි සතුටුවෙනවා.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්, අද වර්තමාන අග්‍රාමාත්‍යතුමන් ඔබේ තිබෙන වටිනාකම සහ ඔබෙන් ඉටුවන සේවාව පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කළ නිසා එදා නිසි ගෞවරය වගේම නිසි තාක්ෂණය ඔබට ලබාදෙන්න කටයුතු කළා.

ඒ වගේම ඔබේ ආයතනයේ වගකීම Single point of Contact එකකට එහෙම නැත්නම් Single Window Approach එකකට ඔබේ අධ්‍යක්ෂතුමන් ඉදිරි කාලසීමාව තුළදී මෙම ආයතනය පරිවර්තනය කරන්න උත්සහ කරනවා. එය අනිවාර්යයෙන් අපි කළ යුතු කාරණයක්.

එය පාරිභෝගිකයාට එහෙම නැත්නම් සේවාව ලබාගන්නාට Single Window එකක් වුණාට, තිරය පිටුපස සිටින ඔබට එය තවත් ආයතන බොහොමයක් සමග සම්බන්ධ කළ යුතු වෙනවා. අපේ බලාපොරොත්තුව තිරය පිටුපසින් වන වැඩ කටයුතු රාජ්‍ය සේවය විසින් සිදුකර ජනතාවට එක Single Window එකකින් එහෙම නැත්නම් එක Contact Point එකකින් තමන්ගේ කටයුතු ඉටු කරගන්න සැලැස්වීමයි.

මේ ගමන යනවිට රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශයත් මෙයට සෘජුවම හෝ සම්බන්ධ වේ යැයි මා විස්වාශ කරනවා. එයට හොඳම උදාහරණය ඔබ තමුන්නාන්සේලා වර්තමානයේ පාවිච්චි කරන System එක. Public & Private Partnership එක Digitalization වල ඉතා සාර්ථකව කරන්න පුළුවන් කියන කාරණය රේගු දෙපාර්තමේන්තුව ඇතුළේ ඔබ ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ඒ නිසා ඒ Model එක ලංකාවේ අනෙකුත් බොහෝ රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි විස්වාශ කරනවා ලොක්යේ තාක්ෂණය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන තාක්ෂණයත් සමග රාජ්‍ය අංශය නිරන්තරයෙන් ගැටෙන විට යම් යම් අපහසුතාවලට මුහුණපෑමට සිදුවනවා.

පෞද්ගලික අංශය තුළ ඊට වඩා කාර්යක්ෂම එම කටයුතු ඉටු කිරීමේ නෛතික රාමුව තිබෙනවා. ඒ අය සමග සම්බන්ධ වී මේ ගමන යෑම තුළ අපිට ඉතාමත් සාර්ථිකව මේ Digitalization මාවතට අපේ රට පරිවර්තනය කරන්න හැකියාව ලැබේවි යැයි අපි විශ්වාස කරනවා.

මේ වනවිට අපි දන්නවා සමහර Shipping Line ඉදිරිපත්වෙලා ඒ ආයතන හරහා Digital Platform වලට පරිවර්තනය වීම ආරම්භ කර තිබෙනවා. Block Chain Technology සඳහා අවශ්‍ය නීතිමය රාමුව මේ වනවිටත් අපි අපේ රටේ සකස් කර තිබෙනවා. Digital Signature, Digital Transaction Act එක ඉදිරි කාලසීමාව තුළ දී ඉදිරිපත් කරනවා.

පවතින නීති රාමුව තුළට එය බද්ධ කළ‌ නොහැකි නම් අපි තාක්ෂණය කෙතරම් හඳුන්වා දුන්නත් වැඩක් වෙන්නෙ නැහැ. ඔබේ විගණන අංශය ඔබෙන් ඉල්ලන්නෙ ෆයිල් එකක් නම් ඔබ Paperless ක්‍රමවේදය අනුගමනය කළාට වැඩක් වෙන්නෙ නැහැ.

මේ ආයතනත් ඔබ සමග ඔබට සමගාමීව මෙම Digitalization ක්‍රමවේදයට අනුගත විය යුතු යැයි අපි විස්වාශ කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට හඳුන්වා දිය යුතුයි. ඒ සඳහා සංශෝධන ලබාදෙන්නත් ඉදිරි කාලසීමාව තුළ අපි කටයුතු කරනවා.

ඔබ රජයේ ප්‍රතිපත්ති අනුගමනය කරන බව අපි විස්වාශ කරනවා. රටට විදේශ විනිමය රැගෙන එනවා. ඒ වගේම අපේ රටට ඇතුලුවන සහ රටෙන් පිටවන, රටට හා ලෝකයට අහිතකර දේවල් පිළිබඳව ඔබ අවධානයෙන් කටයුතු කරනවා.

අපේ භාෂාවෙන් කිව්වොත් ඔබ ජාත්‍යන්තර පොලීසියක් ලෙස කටයුතු කරනවා.  first contact point එක ඔබයි. ඔබ  මේ කාරණා ඉටු කරනවිට, ඔබ තාක්ෂණයට අනුගත වනවිට ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කරදීමට අපිටත් වගකීමක් තිබෙනවා.

ඒ සඳහා අපි ආණ්ඩුවක් විදියට අතිගරු ජනාධිපතිතුමාගේ Digitalization Campaign එක ඇතුළේ අවශ්‍ය සියලුම නෛතික රාමුව ඉදිරි මාස කිහිපය ඇතුළේ කැබිනට් මණ්ඩලයට හඳුන්වාදීමෙන් පසු පාර්ලිමේන්තුවට හඳුන්වාදෙන්න අපි කටයුතු කරනවා.

Single Window Approach එක අපේ රටට හඳුන්වාදෙන්නේ කොහොමද කියන කාරණය අපි පහුගිය දවස්වල ඔබේ අධ්‍යක්ෂතුමා සමග සාකච්ඡා කළා. දැනටමත් ආයතන බොහොමයක් සම්බන්ධීකරණය කර කොවිඩ් 19 වසංගත කාලසීමාව තුළ ඔබ එය ක්‍රියාත්මක  කරන්න කටයුතු කළා.

ඊළඟ මාස කිහිපය තුළ අවශ්‍ය නෛතික රාමුව සමග Single Window Approach එකට ශ්‍රී ලංකා රේගුව ඇතුළුව අවශ්‍ය රාජ්‍ය අංශ පරිවර්තනය කළ හැකියි යන දැඩි විස්වාශය අපට තිබෙනවා. ලෝකය ඉතාමත් වේගයෙන් පරිවර්තනය වෙනවා. ඊට හොඳම උදාහරණය ඔබේ ජාත්‍යන්තර රේගු දින තේමා පාඨය ගත්තොත් ඩිජිටලීකරණයෙන් ඔබ්බට ගොස් Data Culture නැත්නම් Eco System එකක් ලෝකයේ ගොඩනැගිය යුතුයි.

දූපත් රාජ්‍යවල සිට මහා පරිමාණයේ සෑම රටකටම අපේ රටේ ඔබ වැනි නිලධාරින්ගේ සේවය විහිදී යනවා. අද ඒ system එකට පරිවර්තනය කරන්න අපි ඊට අනුගත විය යුතුයි කියන කාරණය අපි අධිෂ්ඨාන කරගත යුතුයි.

තාක්ෂණය හඳුන්වාදීම පහසුයි. එයට අනුගතවීම අපහසු කාරණයක්. ඔබ එයට අනුගත වෙනවා වගේම ඔබේ පාරිභෝගිකයාත් ඒ සඳහා අනුගත කිරිමේ වගකීමක් අපි සතුව තිබෙනවා. පාරිභෝගිකයා එය පාවිච්චි කරන්න මැලිකමක් දක්වනවා නම් අපි මොන system එක පාවිච්චි කළත් වැඩක් නැහැ. නමුත් ඉදිරි කාලසීමාවේ දී  Public & Private Partnership එක තුළ ඒ සඳහා දැවැන්ත පරිවර්තනයකට යාමට හැකිවේ යැයි  අපි විස්වාශ කරනවා.

බොහෝදෙනෙක් කතා කරන විනිවිදභාවය, චෝදනා නඟන අක්‍රමිකතා පිළිබඳව අපට මේ රටේ ජනතාවට පැහැදිලි උත්තරයක් ලබාදෙන්න පුළුවන් ක්‍රමවේදය වනුයේ තාක්ෂණය ඔස්සේ රාජ්‍ය සේවය පරිවර්තනය කිරීමයි. රාජ්‍ය සේවය තාක්ෂණය ඹස්සේ පරිවර්තනය කරන විට මා පළමුව සඳහන් කළ පරිදි පිටුපසින් සිටින අපට වැඩ වැඩි වෙයි ඉදිරියෙන් සිටින පාරිභෝගිකයාට වැඩ අඩුවෙයි.

ඔබ ඔබේ ආයතනය විදියට ඉතාමත් කාර්යක්ෂමව ජනතා සේවය සපයනවා. ඒවගේම අපිට අභියෝග එයි. ඔබට අභියෝග එයි. ලෝක වසංගතවල ආරම්භයක් අවසානයක් පිළිබඳව අපි දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අපි රටක් විදියට ආනයන අපනයන තුළින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න විදේශ විනිමය උපයන්න සහ කොළඹට පමණක් සීමා වී තිබූ ඔබේ කාර්යය පහුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ හම්බන්තොට වැනි ජාත්‍යන්තර වරායවල් වෙතත් විහිදී යනවා.

කටුනායක ගුවන්තොටුපොළට පමණක් සීමා වී තිබූ ඔබේ සේවය මත්තල ඇතුළු අනෙකුත් ගුවන්තොටුපොළ වෙතත් විහිදී යනවා. ඒ තුළ මෙය රටේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් විදියට සමාජයීය කේන්ද්‍රස්ථානයක් විදියට මේ රටේ Public & Private Partnership ශක්තිමත් කළ හැකි මධ්‍යස්ථානයක් විදියටත් අනෙක් පැත්තෙන් ව්‍යාපාර ලංකාව තුළ ආරම්භ කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර ගණනය කිරීම්වල ඉතාමත් හොඳ තෝතැන්නක් සහ ආකර්ෂණිය ආයතනයක් ලෙසත් ඔබ ආයතනය පරිවර්තනය වෙනවා කියන විස්වාශය මට තිබෙනවා.

අවසාන වශයෙන් අතිගරු අග්‍රාමාත්‍යතුමන් මෙම අවස්ථාවට සම්බන්ධ වෙන්න හිටියත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා එතුමාට සම්බන්ධවීමට නොහැකි වුණා.  ඒ කෙසේ වෙතත් එතුමාගේ ආශිර්වාදය හා සුබාශිංශන ඔබට නිරන්තරයෙන් ලබාදෙන බව ඔබ තමුන්නාන්සේලා සියලුදෙනාම දන්නවා.

ඔබේ ආයතනය ශක්තිමත් කරන්න, ඔබේ ආයතනයේ ගෞරවය ආරක්ෂා කරන්න සහ ඔබේ සේවයේ ගෞරවය ආරක්ෂා කරන්න රාජ්‍ය නායකයින් අතරින් කැපී පෙනෙන අදහස් තිබුණ ඒ දේවල් ක්‍රියාවෙන් ඉටු කළ නායකයෙක් විදියට මහනිද් රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විශාල බලාපොරොත්තුවක් සහ විස්වාශයක් ඔබ කෙරෙහි ඔබේ සභාපතිතුමා, අධ්‍යක්ෂතුමා කෙරෙහි තිබෙනවා. ඒ විස්වාශය ආරක්ෂා කරමින් රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවය ඉටු කළ ඔබට අවුරුදු 200කට වැඩි ඉතිහාසයක් තිබෙනවා.

ඉදිරි කාලසීමාව තුළ තවත් අවුරුදු ගණනාවක් රටේ ජනතාව, රටේ ඒකීයත්වය සහ මේ රටේ අනාගතය වෙනුවෙන් සේවය කරන්න ශක්තිය ධෙර්යය ලැබේවායි යන ප්‍රාර්ථනය ඇතුව ඔබ සියලුදෙනාට ඩිජිටල්කරණය තුළින් ඔබ්බට ගොස් Data Culture එකක් එහෙම නැත්නම් Eco System එකක් හදන්න අපි ශ්‍රී ලංකා රේගුවෙන් ආරම්භ කරමු’’ යැයි අමාත්‍යවරයා පැවසීය.

Related Posts